නවතම පුවත්

ඉලක්කයට යන්න මහින්දය මට පාර පෙන්නුවා – ගාල්ලේ විශිෂ්ටතම ප්‍රතිඵලය ගත් ශස්මිත කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රමේෂ් වරල්ලෙගම

මම ඇත්තටම වැඩ කළේ ඉලක්කයකට. මගේ අනාගත බලාපොරොත්තුව වෛදවරයෙක්වී රටට සේවය කරන්න යැයි මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සමස්ත ලංකාවෙන්ම හයවැනි ස්ථානය සහ ගාල්ලෙන් පළමු ස්ථානය දිනාගත් ගාල්ල මහින්ද විද්‍යාලයේ ශස්මිත ආකශ්වර ලියනගේ සිසුවා පැවැසීය.
2018 සාමාන්‍යපෙළ විභාගයේ දිවයිනේ විශිෂ්ටතම ප්‍රථිපල ලබාගත් සිසුන් දස දෙනා බස්නාහිර,දකුණ හා සබරගමුව පළාත් නියෝජනය කිරීම කැපී පෙනේ. ඉන් ස්ථාන හතක් බස්නාහිරටත්, දෙකක් දකුණු පළාතටත්, එක් ස්ථානයක් සබරගමුව පළාතටත් හිමිව තිබීම විශේෂත්වයකි.
දකුණු පළාතේ විශිෂ්ටතම ප්‍රථිපලය දිවයිනේ දෙවැනි ස්ථානයට හිමිකරගත් මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ කේ.කේ රෙබෙකා සිසුවිය දිනාගෙන ඇති අතර දකුණේ අනෙක් ජයග්‍රහණය හිමිව ඇත්තේ මහින්ද විද්‍යාලයේ ශස්මිත ආකශ්වරටය.


මගේ අම්මා සහ තාත්තා මගේ ඉලක්කයට යන්න මට පුර්ණ සහය දුන්නා. ඒ වගේම මගේ මහින්ද විද්‍යාලය ඒ සදහා පාර පෙන්නුවා. මම ටියුෂන් පංති වලටත් සහභාගී වුනා. මේ ජයග්‍රහණය වෙනුවෙන් වචනයකින් හරි උදව් දීපු මගේ මිතුරන් , නෑදෑයින් වගේම මට ගාල්ල මහින්දයේ දී පලමු වසරේ සිට උගන්වපු සෑම ගුරුභවතෙකුටම වගේම අමතර පංති වල ඉගැන්වීම් කරපු ගුරු භවතුන්ටත් ස්තූතිය පිරිනමනවා යැයි ශස්මිත ද කළම්බො එක්ස්ප්‍රස්වෙත පැවැසීය.


දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා වන ෂස්මිතගේ සොහොයුරිය දැනට ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ඉගෙනුම ලබන්නීය.
ෂස්මිතගේ පියා අජිත් හේමන්ත මහතා ව්යාපාරිකයෙකි. මව හංසිකා ඩිල්ෂානි මහත්මිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කරන්නීය


image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී