නවතම පුවත්

ඉහල උද්ධමන තත්වය තවත් වසර දෙකහමාරක් පවතීවි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පවතින ඉහල උද්ධමනකාරී තත්ත්වය තවත් වසර දෙකහමාරක පමණ කාලයක් පවතිනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි . මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී පවුල් සදහා රජය විසින් සහන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කල යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

පවතින උද්ධමන වේගය ඉදිරියේදී ස්ථාවර තත්ත්වයකට පත්වුවත්, වැඩිවූ භාණ්ඩ මිල එම අගයන්වලම පවතිනු ඇති බව ද ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මාධ්‍ය හරහා වැඩිදුරටත් පෙන්වා දුන්නේය .

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව පසුගිය මැයි මාසයේදී මෙරට උද්ධමනය තවදුරටත් ඉහල ගොස් තිබෙනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මණිනු ලබන උද්ධමනය පසු ගිය මැයි මාසයේදී සියයට 42.03 ක් දක්වා ඉහල ගොස් ඇති බවයි ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව සදහන් කළේ

ඒ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය ඉකුත් අප්‍රේල් මාසයේ පැවති සියයට 45 යි දශම 1 ක අගය මැයි මාසයේදී සියයට 58 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ආහාර නොවන ඛාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේදී සියයට 23.9 ක් ලෙස පැවතුණා.

ආහාර නොවන ඛාණ්ඩයේ උද්ධමනය මැයි මාසය වන විට සියයට 34.2 ක් දක්වා ඉහල ගොස් ඇති බවයි ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව නිකුක් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?