නවතම පුවත්

ඉහළ තනතුරක් භාරගැනීමට හර්ෂ සූදානම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට තමන් සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීම වෙනුවෙන් එම තනතුර භාර ගැනීමට තමන් සූදානම් බවයි. මුදල් පිළිබඳ බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට හිමිවන අතර මුදල් කාරක සභාවේ අනුමැතියකින් තොරතුරුව පාර්ලිමේන්තුව තුළ කිසිම මුදල් පනතක් සම්මත කළ නොහැකි බැවින් ඒ තරමටම මෙම කාරක සභාව බලවත් බව ඔහු මෙහිදී අවධාරණය කර සිටී.
අදාළ සම්පූර්ණ ‌නිවේදනය පහතින් දැක්වේ.
සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීමට මා මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට සූදානම්.
මේ අවස්ථාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගෙන්නේ නැත. එයට හේතුව ජනතා මතයට හිස නමා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්වීම සඳහා කාලවකවානුවක් ලබා නොදීමයි. ප්‍රතිපත්ති පාවාදී ආණ්ඩුවට එකතුවී ජනතා අරගලයට එරෙහිවීමට මා කටයුතු නොකරමි.
කෙසේවෙතත්, පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදීමට මා වැදගත් ඉදිරි පියවරක් තබන්නෙම්. ඒ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධූරය ලබාගැනීමට මා බලාපොරොත්තු වීමයි. ඒ සඳහා සමගි ජන බලවේගය මාගේ නම යෝජනා කරනු ඇති අතර ඒ සඳහා සහයෝගය හිමිවනු ඇතැයි අපි විශ්වාස කරමු.
මා මෙහිදී බලාපොරොත්තු වන්නේ මුදල් කාරක සභාවේ සභාපති ධූරයට පත්වූ පසුව එහි සර්ව පාක්ෂික කමිටුවක් මගින් ආර්ථික පුනර්ජීවන සැලසුමක් සකස් කිරීමට නායකත්වය ලබාදීමටයි. පසුව එම සැලසුම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන එය ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදීමට මා අදහස් කරමි. මේ අවස්ථාවේ ජනතා මතය වන්නේ සර්ව පාක්ෂික මැදිහත්වීමක් මගින් මේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම වන අතර මුදල් කාරක සභාවේ සභාපති ධූරය තුළින් ඒ ජනතා අපේක්ෂාව ඉටුකළ හැකියැයි මා විශ්වාස කරමි.
මුදල් පිළිබඳ බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට හිමිවන අතර මුදල් කාරක සභාවේ අනුමැතියකින් තොරතුරුව පාර්ලිමේන්තුව තුළ කිසිම මුදල් පනතක් සම්මත කළ නොහැකිය. ඒ තරමටම මෙම කාරක සභාව බලවත්ය. ජනතා මතය සුරකිමින් මේ ආකාරයෙන් රටට මේ අවස්ථාවේ මාගේ සේවය ලබාදීමට මා අදිටන් කරගෙන සිටිමි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී