නවතම පුවත්

උත්සව සමයේ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට ‌පොලීසිය අර්බුදයක

අසංක

අසංක

දම්පත් රණසිංහ

බීමතින් රථවාහන ධාවනය කරන රියැදුරන් හදුනාගැනීමට පොලීස් නිලධාරීන් භාවිත කරන ශ්වසන නළ හිගයකට පොලිස් දෙපාර්තමේන්තුව මුහුණ දී තිබේ.

රැපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ටෙන්ඩර් හරහා ඇණවුම් කළ ප්‍රමාණයේ මිල ඉහළයාම ඊට හේතුවයි.

ශ්වසන නළ 10ක් සහිත එක් පැකට්ටුවක මිල රුපියල් 25000ක් ලෙස පැවතුණි.

ඒ අනුව එක් ශ්වසන නළයක මිල රුපියල් 2500කි.

නව මිල ගණන් අනුව ඒවැනි ඒක් පැකට්ටුවක මිල රුපියල් 30000-35000ක් පමණ ‌‌වේ.

මේ අනුව ගත්කළ ඉදිරි උත්සව සමයේදී බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනී‌මේ ගැටලුවකට ‌පොලිස් නිලධාරීන් මුහුණ දී සිටියි.

විකල්පයක් වන බීමතින් රිය පදවන රියැදුරන් අත්අඩංගුවට ගැනුණුු පසුව ‌බීමතින් සිටින බවට සහතික කරගැනීම සදහා ‌වෛද්‍යවරයකු හමුවට ‌ගෙනගිය‌ හොත් ‌රියැදුරා ‌රෝහලට ඇතුළත් කළ යුතු බවට ‌‌වෛද්‍යවරයා නිර්දේශ කරයි.

ඒහිදී රියැදුරාගේ රුධිර පරීක්ෂාවක් කළ යුතු අතර රියැදුරාට ඊට විරෝධය දැක්වීමේ අවකාශය ඇති බැවින් රුධිර පරීක්ෂාව සදහා අධිකරණ නියෝගයක් අවශ්‍ය ‌වේ.

ඒබැවින් ශ්වසන නළ භාවිතයෙන් ‌තොරව බීමත් රියැදුරන් පිළිබද නීතිමය කටයුතු කිරීම දීර්ඝ ක්‍රියාවලියකි.

මේ ‌‌හේතු‌වෙන් ඉදිරි උත්සව සමයේදී බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට ‌පොලීසිය පසුබට වී ඇතැයි ‌පොලිස් ‌දෙපාර්තමේන්තුවේ උසස් ‌පොලිස් නිලධාරියෙක් ‘ද කලම්බෝ ඒක්ස්ප්‍රස්’ ‌වෙත සදහන් කළේය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී