නවතම පුවත්

උසස් පෙළ සමත් සියළුම දරුවන්ට විශ්ව විද්‍යාල වරම් – ගෝඨාභයගේ සැලසුමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උසස්පෙළ සමත් සියලුම දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීමට සැලසුම් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

‘සාර්ථක දැක්මක් – වැඩ කරන රටක්’ යන තේමාව යටතේ මාතර වැලිගම බස්නැවතුම් ‍පොළ අසළ පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැළිය අමතමින් ඔහු මේ බව පැවැසීය.

 “අපි බලයට එන්නේ නිසි ආර්ථික සැලැස්මක් තුළින්. ඒ ආර්ථික සැලැස්ම ක‍්‍රියාත්මක කරන්නේ මහජන කේන්ද්‍රීය ආර්ථික සැලැස්මක්. සියලූ පුද්ගලයකුම ඉහළට ගත හැකි ආකාරයේ ආර්ථික සැලැස්මක් අප ක‍්‍රියාත්මක කරනවා.

එදා පොරොන්දු දුන්නා නම් ඒ පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කළා. වසර තිහක් තිබූ ත‍්‍රස්තවාදය කෙටි කාලයකින් අවසන් කළා. රට සංවර්ධනය කළා. ආර්ථික වශයෙන් රට ඉදිරියට ගෙනාවා. අප සමග සිටින්නේ වැඩක් කළ හැකි කණ්ඩායමක්. අපි සැලසුම් ක‍්‍රියාත්මක කරනවා.

මාතර දිස්ත‍්‍රික්කය විශේෂයෙන්ම අධ්‍යාපනය මත පදනම් වූ පළාතක්. විශාල වශයෙන් උසස් පෙළ සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල වශයෙන් ඉන්නවා. අපි පළමු වසර සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් ආයෝජනය කරනවා.

ඒ තුළින් උසස් පෙළ සමත් වන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීමට සැලසුම් කරනවා. අනිකුත් තරුණ තරුණියන්ට කාර්මික සහ වෘත්තීය අධ්‍යාපනයක්, නිපුණත්වයක් ලබාදී ආර්ථිකයට දායක කරගත හැකි සුදුසු රැකියා අවස්ථා ලබාදීමටත් කටයුතු කරනවා.”

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි