නවතම පුවත්

එංගලන්තයට ජයගෙනා බෙන් ස්ටොක්ස් ගේ මව කඳුළු සලමින් කියූ කතාව

අසංක

අසංක

ලෝක කුසලාන අවසන් මහා තරගයේ ජයග්‍රාහකයා තෝරා පත්වී අවසානය. ලොවට ක්‍රිකට් හදුන්වා දුන් එංගලන්තය ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලානයක පහස විද ගත්තේ ඊයේ දිනයේය. නවසීලන්තය පරාජය කළ අවසන් මහා තරගෙය් වීරයා බවට පත්වුයේ එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටොක්ය. ඔහු තරගයේ වීරයා බවට පත්වුයේ පන්දු 98ක් තුළ ලකුණු 84 ක් නොදැවී ලබාගනිමිනි. ඊට 6 පහරවල් දෙකක් සහ 4 පහරවල් 5ක් ඇතුළත් විය.

බෙන් ස්ටොක්ස් සහ ලෝක කුසලාන අවසන් මහා තරගය මෙතරම් කතා මවන මැෂිමක් බවට පත්ව ඇත්තේ 28 හැවැරිදි බෙන් ස්ටොක්ස් වයස අවුරුදු 12 පමණ වනතුරුත් නවසීලන්ත ජාතිකයකු වීම නිසාය. නවසීලන්තයේ සටන්කාමී ජය එක පැත්තකින් උදුරා දැමුවේ බෙන් ස්ටොක්ස් ය. නමුත් බෙන් ස්ටොක්ස්ගේ දෙමව්පියන් තවමත් නවසීලන්ත ජාතිකයන්ය. ඔවුන් මෙම අවසාන මහා තරගය නැරඹුවේද බෙන් ස්ටොක්ස් උපන්නගරය වන නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවරදීය.

බෙන් ගේ පියා ගෙඩ් ස්ටොක්ස් වරක් නවසීලන්ත ජාතික රගබි කණ්ඩායම ( ALL BLACKS) නියෝජනය කළේය. බෙන්ගේ මව ඩෙබ් ස්ටොක්ස්ය. සේටාක්ස් පවුල 2003 වසරේදී එංගලන්තය බලා පිටත්වන්නේ ගෙඩ්ට ලැබුණු රැකියාවකට අනුවය. ඒ එංගලන්තයේ කම්බ්‍රියා රගර් ලීගයේ පුහුණුකාර තනතුර නිසාය.

ගෙඩ් සහ ඩෙබ් යුවල නැවත නවසීලන්තයට පැමිණියද බෙන් එංගලන්තයේ නැවතුනේය. ඔහු ක්‍රිකට්වලට පෙම් බැන්දෙකි. ඒ නිසාම බෙන්ට එංගලන්තය සමීප තෝතැන්නක් වුයේය. නමුත් 2016 වසරේදීත් බෙන් ස්ටොක්ස් නවසීලන්තයේ stuff.co.nz වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබුණේ ඔහුගේ නවසීලන්තයේ උපන් නිවසේ වටපිටාව ගැනය.

මම නවසීලන්තයේදී කොච්චරනම් ක්‍රිකට් ක්‍රිඩා කරලා ඇත්ද ? මගේ අම්මායි තාත්තයි කියන්නෙ ඉඩක් ලැබුණු හැම වෙලාවෙම මම කළේ ක්‍රිකට් ක්‍රීඩා කරපු එක කියලයි. කවුද නිවසට පැමිණෙන්නෙ මම නවසීලන්තයෙදි ඔවුන් සමග මිදුලෙ ක්‍රිකට් ක්‍රිඩා කළා. අල්ලපු ගෙදර හිටපු චීන යුවල එයාලගෙ වැට කීප වතාවක් බිම දැමුවාට එතරම් සතුටින් නෙමෙයි හිටියෙ යැයි බෙන් ස්ටොක්ස් එදා පැවසුවේය.

බෙන් ස්ටොක්ස් මෙයට පෙර ලෝක කුසලාන අවසන් තරගයකදී කතාබහට ලක්වුයේ 2016 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේදීය. මෙම තරගයේ අවසන් පන්දුවාරය එදා බෙන් ස්ටොක්ස්ට බොහෝ පාඩම් කියා දුන්නේය. එදින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සී.ආර් බ්‍රද්වෙට් බෙන් ස්ටොක්ස්ට මුහුණ දෙමින් සිටියේ අවසන් පන්දුවාරයටය.

කොදෙව්වන්ට එදින අවසන් මහා තරගය ජයගැනීමට පන්දු 6කදී ලකුණු 19ක් අවශ්‍යය වුයේය. බ්‍රස්වෙට් බෙන් ස්ටොක්ස්ගේ පළමු පන්දුවේ පටන් පිට පිට පන්දු 4කදි 6 පහර 4ක් එල්ල කරමින් ලෝක කුසලානය කොදෙව් තුරුලට ගත්තේය.

බෙන් ස්ටොක්ස් පිටිය මැද කදුලු සැලුවේය. සමාජ මාධ්‍ය මෙන්ම ජන මාධ්‍ය ඔහුගේ ක්‍රිඩා විලාසය ගැන ප්‍රශ්න මතුකළේය. ඉන් නොනැවතී බෙන් ස්ටොක්ස් තම පුහුණුවීම් දැඩි කළේය. ලොව වෙනත් ක්‍රිඩකයකු දෛනික සිදු නොකරන ප්‍රමාණයේ ක්‍රිකට් පුහුණුවීමක නිරතවුයේය.

ඔහුගේ දුෂ්කර පුහුණුවීම් රටාව කියාපාන වීඩියෝවක් පවා සමාජ මාධ්‍යයේ සැරිසැරුවේය. නැවත බෙන් ස්ටොක්ස් තමන්ට අවස්ථාව සොයා දෙන්නේ එංගලන්තය පන්දුවාර 50 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේය. බෙන් ස්ටොකස් ඊයේ පැවැති මහා තරගය වෙනස් කළ තරගයේ වීරයා වුයේය.

එදා කදුලු සැලු ඔහු අද සිනාසෙන්නට වුයේය. ඒ ක්‍රිකට් ලොවට දායද කළ එංගලන්තයට කිසිදා ලබා ගැනීමට නොහැකිවු කිරුළක් එංගලන්තය ඉදිරියේ තැබීමට පෙරමුණ ගැනීමට හැකිවීම හේතුවෙනි.

බොහෝ දේ නැතිවනවිට උත්සාහය අත්නොහැරීමටත් පරාජය හමුවේ ජයග්‍රහණය ලැබෙන බවට බෙන් ස්ටොක්ස් මෑත කාලීන උදාහරණයක් මෙන්ය. මෙම අපුරු ක්‍රිඩකයා ක්‍රීඩා කළ එංගලන්ත -නවසීලන්ත අවසන් මහා තරගය ඔහුගේ දෙමාපියන් නරඹමින් සිටියේ නවසීලන්තයට ජය ගෙනෙන හා  පුතුගෙ හැකියා ලොවට පෙනෙන ප්‍රාර්ථානවල අතරමැදිවය.

තරගය අවසන් වු පසුව නවසීලන්තයේ  www.tvnz.co.nz නාලිකාව බෙන්ගේ දෙමාපියන් සම්මුඛ සාකච්ඡාවකට එක් කර ගත්තේය.

මෙතරම් උද්වේගකර වු අවසන් පන්දුව දක්වාම උණුසුම් තරගයක් ලෝකයේ ‌මෙම කණ්ඩායම් ‌දෙකම ශූරයන් බව  මොනවට පෙන්වු බව ගෙඩ් ස්ටොක්ස් තරගයෙන් අනතුරුව ප්‍රකාශ කර සිටියේ තමන්ට ලැබුණු ඉතා සුළු වැරදි සහගත ප්‍රතිචාර කිහිපයක් ගැනද සිතිවිලි මවමින්ය.

ඇතැම්විට මේ මොහොතේ නවසීලන්තයේ සිටින දැඩි වෛරයට ලක්වන තාත්තා කවුද ඇහුවොත් ඒ මම යැයි එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක් පවසලා තිබුණායැයි කියමින් ගෙඩ් සිනාසෙන්නට වුයේය.

නමුත් බෙන් ස්ටොක්ස්ගේ මව ඩෙබ් මෙම තරගයේ ජය පැතුවේ නවසීලන්තයටය. මෙය තමයි ලෝකයේ පැවැති හොදම එක්දින තරගය කියලා මම හිතන්නෙ. තරගය අවසන් වු මොහොතේ මගේ ඇස්වලට නොදැනිම කදුලු බිදු වැටුණා.නවසීලන්ත කණ්ඩායමට සිදුවු දේ ගැන මම නිරුක්තක වුණා. මම කැමැතිවුණේ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වනවාටයි ඩෙබ් ස්ටොක් පැවැසුවාය.

ජීවිතයට ක්‍රිඩාව කොතරම් පාඩම් කියාදෙනවාදැයි මේ එක් කතාවක් කියවීමෙන් ඔබට පැහැදිලිවනවා නිසැකය. පරාජය, ජයග්‍රහණය, වාසනාව අවාසනාව, වේදනාව බලාපොරොත්තුව මේ හැමදේම අතරේ බැදීම කොතරම් දෝලනය වුවද ඒ සෑම දේටම මුල්වන්නේ මමය. මාගේ සිතිවිලිය.

සිතිවිල පොහොසත් කරගත්විට ජීවිතයේ සතුට ඔබව සොයා  එන බව බෙන් ස්ටොක්ස් කියා දෙන පාඩම හරි අපූරුය. 

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී