නවතම පුවත්

මේ එජාපයේ මඩ සතියයි ආරම්භ වෙන්නේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් ඉදිරි දින පහ හය තුළ මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර   ඒවා  මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා මුදා හැරීමට  සූදානම්ව  ඇති  බව දැන ගන්නට ලැබී ඇතැයි  මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ   සම මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

මහනුවර මැණික්හින්න පිහිටි කුණ්ඩසාලේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවැසීය.

“අපට තියෙන ආරංචි අනුව ප්‍රබල අමාත්‍යවරයෙකු ඇතුළු තවත් කීප දෙනෙක් සම්බන්ධ වී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකතුමාට මඩ ගැසීමේ ව්‍යාපාරය ආරම්භ කරන්න බලාපොරොත්තුවෙනවා කියලා ආරංචි වෙලා තියෙනවා. මේ මඩ ව්‍යාපාරය  මීළඟට එන දින පහ හය තුළ ඉතා ප්‍රබලව සමාජ මාධ්‍ය හරහා සහ අනෙකුත් මාධ්‍ය හරහා ඔවුන් ක්‍රියාත්මක  කරන්න බලාපොරොත්තු වෙනවා.

මඩ ව්‍යාපාරයක් දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය වෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට රටේ ජනතාව  උත්තරයක් හොයන්න ඕන . මඩ ව්‍යාපාරයක් ඕන වෙන්නේ ගොඩින් ඇවිත් බැරි නිසයි.  මේ වන විට ඕනම  එක්සත් ජාතික පාක්ෂිකයෙකුගෙන්  ඇහුවොත් කියන්නේ පනහට පනහ වගේ නේද තියෙන්නේ කියලයි. කරට කර වගේ නේද කියලා.  ඒක ඇත්ත ඔවුන්ට කියන්න බෑ ඔවුන්ගේ අපේක්ෂකයා පරාදයි කියලා. ඔවුන්ට කියන්න පුළුවන් හොඳම විදිහ තමයි කරට කර වගේ නේද කියලා.

කරට කර නේද කියල කියන්නේ අපේ එකා පරදිනවා කියලා කියන්න බැරි නිසයි. අපි නම් බොහොම් පැහැදිලිව කියනවා සියයට 57 ත් 59  ත් අතර ඡන්ද ප්‍රමාණයක් අර ගෙන ලක්ෂ 12 සිට 16 ක් දක්වා වැඩි ඡන්දයකින් නියත වශයෙන්ම ගෝඨාභය  රාජපක්ෂ මැතිතුමා ජය ගන්නවා කියලා.  ඒ නිසා ඔවුන් මේ වන විට දැවැන්ත මඩ ව්‍යාපාරයක් ගෙන  යමින්  ඉන්නවා. සුළු ජාතීන්  ඉලක්ක කර ගෙන විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සහරාන්ගේ බිරිද ගෙනල්ලා  සහරාන් එක්ක  සම්බන්ධකම් තිබුණා  කියලා ප්‍රකාශ කරන්න සූදානම් වෙනවා.

ඒ නිසා අපි ඉල්ලා සිටිනවා  සජිත් ප්‍රේමදාස මහතාගේ කඳවුරෙන් මේ මඩින් යන වැඩපිළිවෙළ මේ රටේ ජනතාවගේ බුද්ධියට කරන අගෞරවයක්.”

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි