නවතම පුවත්

රනිල් සජිත් අර්බුධය පුපුරයි – ඉවරට ඉවර 7 දෙනා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරි හමුවක් අද උදෑසන සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී පැවැත්විණි.
අගමැති රනිල් වික්‍රමසිංහගේ පුධානත්වයෙන් පැවැති මෙම තීරණාත්මක කෘත්‍යාධිකාරි හමුවේ පුධාන වශයෙන් අවධානය යොමු වී තිබුණේ සුළු පක්ෂ සමග ලබන 05 වැනිදා ඇතිකරගන්නා ගිවිසුම පිළිබදව එකගත්වය ලබාගැනීමය.
රනිල් මෙවැනි යොජනාවක් සුළු පක්ෂ සමග එක්ව ගෙන එන බව කල්තබා දැනගත් සජිත් පිළේ මන්ත්‍රිවරුන් මෙම කෘත්‍යාධිකාරි හමුවට පෙරම පාඨලී චම්පික රණවක ඇතුළු සුළු පක්ෂ නායකයන් සජිත්ගේ බෑගයට දමා ගැනීමට රහස් සාකච්ඡා පවත්වා තිබිණි.
නමුත් සජිත් පිළ බලාපොරොත්තු වු තරම් එම කිසිදු සාකච්ඡාවක් සාර්ථක වුයේ නැත. ඔවුන් සජිත් විශ්වාස නැති බව එකහෙළා ප්‍රකාශ කර තිබිණි. කෘත්‍යාධිකාරි හමුව ආරම්භයේදීම රනිල් ගෙන ආ යෝජනාව වුයේ සුළු පක්ෂ සමග සන්ධානගතවිය යුතු බවයි.
මෙම යෝජනාව ඉදිරිපත්වීමත් සමග සජිත් හා එක්ව සිටින එජාප මන්ත්‍රිවරුන් පිරිසට නායාට අදුකොළ මෙන් වුහ. අජිප් පී පෙරේරා, සුජීව සේනසිංහ, ඇතුළු කිහිප දෙනෙක් නැගිට මෙම යෝජනාව කාලෝචිත නොවන බව කීහ.
එජාප අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව අපි මෙවැනි ගිවිසුමකට ගියානම් තමයි වඩා වැදගත් වෙන්නෙ. මේක ඥානාන්විත ක්‍රියාවක් වෙන්නෙ නැහැ. යැයි අජිත් පී පෙරේරා කීවේය.
සුජීව, සමරවීර, කබීර්, මංගල, මලික් සිටියේ සජිත්ගේ මතය අනුමත කරමිනි. නමුත් සජිත් මුලිනි කතාවට නෑවත් සිදුවන දේ බලා සිටියේය.
මේක ප්‍රජාතන්ත්‍රවාදය රකින පක්ෂයක්. 05 වැනිදාට ගිවිසුමක් උවමනාද නැද්ද කියලා අපි ඡන්දයක් තියලා තීන්දුවක් ගනිමුයැයි රනිල් කීවේය.
ඡන්දය විමසන අවස්ථාවේ සජිත්, අජිත් පී පෙරේරා, මංගල, සුජීව සේනසිංහ, රවින්ද්‍ර සමරවීර, කබීර් , තලතා ඡන්දය දුන්නේ ගිවිසුමකට එළැඹීමට විරුද්ධවය. අතැම් අය භාගෙනට අත ඔසවා විරෝධය පළ කළහ. නමුත් ඒවා විරුද්ධ ඡන්ද ලෙස නොවැටුන අතර පක්ෂව ඡන්ද 35ක් ලැබිණි.
මෙම ප්‍රතිඵලයෙන් පසුව සජිත් සිය කතාව පටන් ගත්තේය. ගිවිසුම අත්සන් කළත් ඒවාට සංශෝධන ඉදිරිපත් විය යුතුයැයි සජිත් යෝජනා කළේය. ආ ඒවා කබීර්ට දෙන්න යැයි රනිල් කීවේය.
ගහපු කොළය වැරදුණු බව තේරුම්ගත් සජිත් මෙවර තවත් උපායක් බැලුවේය. ඒ රනිල්ට තවත් පිටුවක් පෙරළීමය. මට මේ හදන සන්ධානයේ මහ ලේකම් ධූරය දෙන්නැයි සජිත් ඉල්ලුවේය. රනිල් කට කොනකින් සිනාවී නැගිට යන්න ගියේය.
ජනාධිපති අපේක්ෂකයා වෙන්න හිතපු අය සන්ධාන මහ ලේකම් කම් ඉල්ලනවාදැයි රනිල් පිළේ ප්‍රබලයෙක් තවත් කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයෙකුට කීවේය.
විරුද්ධව ඡන්දෙ දීපු 7 දෙනා ඉවරයි නෙමෙයි ඉවරට ඉවරයි තවත් රනිල් පිළේ මන්ත්‍රිවරයෙක් කීවේ සිනාසෙමිනි. මෑතකාලයේ රනිල් සජිත් ගැටුම එළිපිට පැමිණියේ ඊයේ දින‌යේය. මෙවර සජිත් සමග මංගල හා මලික් ද එක්ව සිටීම විශේෂිතය.
කෘත්‍යාධිකාරිහමුව නිමාවීමෙන් පසු රනිල් චම්පික හමුවුයේය. ඒ මෙට්‍රො හෝම්ස් උත්සවයේදීය. රනිල් එහි ප්‍රධාන ආරාධිතයාය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි