නවතම පුවත්

ඔන්ලයින් අධ්‍යාපනයත් නැතිවූ දරුවන්ට පාසලත් අවිනිශ්චිතයි

අසංක

අසංක

කොවිඩ් වසංගතය හේතුවෙන් අපේ රටේ පාසල් පද්ධතිය වසා දමා දැන් වසරකට වැඩි කාලයක් ගෙවී හමාරය. දරුවන්ට අධ්‍යාපනය ලබන්නට සිදුව ඇත්තේ ඔන්ලයින් ක්‍රමයටයි. ගුරු වර්ජනය හේතුවෙන් දැන් දරුවන්ට කාලයක් තිස්සේ ඔන්ලයින් අධ්‍යාපනයත් නැතිවී ගොසිනි.

ඔන්ලයින් අධ්‍යාපනය වුවද අපේ රටේ ලක්ෂ 40 ක් ඉක්ම වූ සෑම දරුවෙකුටම ලැබෙන්නේ නැත. ඒ ඊට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සෑම දරුවෙකුටම නොමැති නිසාය. නගරයේ ප්‍රධාන පාසල් පද්ධතියේ අධ්‍යාපනය ලබන දරුවන්ට ඒ අවස්ථාව පාසල්වලට ඇති ශක්තිය නිසා ලැබුණද ගමේ පාසලේ දරුවන්ට ඔන්ලයින් කෙසේ වෙතත් ඔන්ලයින් යන්නට දුරකතන සංඥා සොයා ගන්නට සිදුව ඇත්තේ ගස් ගල්වල බඩගාමිනි.

මෙවන් තත්ත්වයක් මත රටේ බහුතරයක් දෙමාපියන්ගේ බලාපොරොත්තුව වූයේ පාසල් නැවත ආරම්භ කිරීම කෙරෙහිය. ඒ තත්ත්වය අවබෝධකරගෙන සිටි නිසාමදෝ අධ්‍යාපන අමාත්‍යාංශයද සැළසුම් කරන්නේ සැත්තැම්බරයේ පාසල් ආරම්භ කරන්නටය. ඒ අඩු දරුවන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් මුලින්ම ආරම්භ කරමිනි.

එහෙත් දැන් පවතින තත්වය හමුවේ සැත්තැම්බරයේ පාසල් ආරම්භ කිරීම අවිනිෂ්චිතය. අධ්‍යාපන ඇමති ජී.ඇල්. පීරිස් මහතාද සදහන් කරන්නේ කොවිඩ් වසංගත තත්වය නැවතත් වර්ධනය වීම සැත්තැම්බරයේ පාසල් විවෘත කිරීමට මේ වන විට බාධාවක් වී ඇති බවය. ඒ අනුව නැවතත් පාසල් විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් යන්නේ අපේ රටේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය ගැන දැවැන්ත ප්‍රශ්නාර්ථයක් ඉතිරිකරමිනි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි