නවතම පුවත්

ඔමික්‍රෝන්වලින් බේරෙන්න බූස්ටර් මාත්‍රාව අත්‍යවශ්‍යයි

අසංක

අසංක

අප රට තුළ දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන් ගණන යළිත් වතාවක් ඉහළ යමින් පවත්නා බවත්, පැතිරෙමින් පවතින ප්‍රධාන ප්‍රභේදය බවට ඩෙල්ටා ඉක්මවමින් ඔමික්‍රෝන් පත්වෙමින් ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය පවසනවා.

පෙර පැවති ප්‍රභේද ආසාදනයෙන් ආරක්ෂා වීමට සහ රෝගය වැළඳුනත් අසාධ්‍යවීම වැළැක්වීමට අපේ රටේ බොහෝ දෙනා මාත්‍රා දෙකක පූර්ණ එන්නත්කරණය කෙරෙහි විශ්වාසය තැබූ බවත් අප දන්නවා. එනමුත්, ඔමික්‍රෝන් ආගමනයත් සමඟ අප ප්‍රතිශක්තිකරණයේ තවත් ඉදිරි පියවරකට යා යුතු බව අලුත්ම විද්‍යාත්මක පර්යේෂණයක් මඟිනුත් තහවුරු වී තිබෙන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය පෙන්වා දෙන්නේ.

Harvard, MIT, Ragon Institute සහ MGH ආයතන මගින් Cell නැමැති ලොව ඉහළ පෙළේ විද්‍යා සඟරාවක පළ කරන ලද පර්යේෂණයක දත්ත වාර්ථා වලට අනුව ලොව පුරා ඉතා ඉක්මනින් පැතිරීගෙන යන ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් ඇතිවන කොරෝනා ආසාදන වැලැක්වීම සඳහා සාමාන්‍යයෙන් ලබාදෙන එන්නත් මාත්‍රා දෙකෙන් පමණක් සැලකිය යුතු ආරක්ෂාවක් නොලැබෙන බවත් තුන්වෙනි “බූස්ටර්” මාත්‍රාවක් ලබා ගැනීමත් සමග මෙම ආරක්ෂාව ඉතා ඉහළ අගයකට යන බවත් සොයාගෙන තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය අවධාරණය කර් සිටියි.

මේ සඳහා හේතුව ලෙස අනුමාන කරනුයේ මෙම නව ඔමික්‍රෝන් ප්‍රභේදයේ ‘ස්පයික් ප්‍රෝටීන’ කොටසේ සිදුවී ඇති විකෘතිතා ගණන මීට ප්‍රථමව හඳුනාගත් ප්‍රභේද වලට වඩා ඉතා වැඩි බැවින් එන්නත් මාත්‍රා දෙකකින් පමණක් ජනනය වන ප්‍රතිදේහ වලට මෙම ප්‍රෝටීන කොටස හා සම්බන්ධ වී වෛරසය නිෂේධනය කිරීමේ කාර්යක්ෂමතාවය අඩු වීම යි. නමුත් තුන්වන මාත්‍රාවකින් පසුව ජනනය වන ප්‍රතිදේහ ප්‍රමාණය ඉතාමත් වැඩි නිසාත් එහි කාර්යක්ෂමතාවය ද වැඩි බැවින් එමගින් ඉතා හොඳ ආරක්ෂාවක් ලැබෙන බවට තවදුරටත් ​​තහවුරු වී තිබෙන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය සඳහන් කරන්නේ.

ලොව බොහෝ රටවල් තම තමාගේ ජනගහනය හැකි ඉක්මනින් එන්නත් කිරීමට උත්සුක වන මේ අවස්ථාවේදී ලංකාව තුල බූස්ටර් මාත්‍රාව සියලු දෙනාටම ලබාදීම සඳහා ඇති පමණ එන්න තිබීම අප සියලු දෙනාම සතුටට පත්විය යුතු කාරණාවක්.

ලංකාව තුළ ද ඉතා ඉක්මනින් පැතිරීගෙන යන ඔමික්‍රෝන් ප්‍රභේදය ඉදිරි සති කීපය ඇතුළත දී ලංකාව තුළ විශාල පිරිසක් ආසාදනය කිරීමට හැකි බව විශේෂඥයින් විසින් අනතුරු අඟවා ඇති තිබෙන මේ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ඔබට හැකි ඉක්මනින් ඔබට ලබා දෙන බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා යොමුවන ලෙසටයි.

ඉතා පටු අරමුණුවලින් පතුරුවාහැරෙන මිත්‍යාමතවලට නොරැවටී , ඇතැම් අයට පමණක් ඇතිවන සහ එසේ වුවත් දින කිහිපයකින් අවසන්වන සුලු අතුරු ආබාධ පිළිබඳව නිවැරදි දැනුම සහිත ඔබ තව දුරටත් තුන්වන මාත්‍රාව ප්‍රමාද නොකරනු ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය විශ්වාස පළකරනවා.

මෙය ඔබගේ ආරක්ෂාවට පමණක් නොව බාධාවකින් තොරව අපගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමටත්, රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව කරගෙන යෑමටත් මේ මොහොතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබාදිය හැකි හොඳම සහයෝගය වනවා නොඅනුමානයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි