නවතම පුවත්

ඕනෑම වෙලාවක ඕනෑම මොහොතක රටපුරා විදුලිය කැපේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විදුලි නිෂ්පාදනයට වඩා ඉල්ලුම ඉහළ ගොස් තිබීම හේතුවෙන් අද (25දා) දින සිට ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට අවස්ථා දෙකකදී පැය හතරක කාලයක් විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි

දෛනිකව විදුලිය විසන්ධි කරන ප්‍රදේශ නම් වශයෙන් ඉදිරියේදී ප්‍රකාශ කරන බවත්, එතෙක් ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට උදෑසන 8.30ත් සවස 5.30ත් අතර කාලය තුළදී පැය තුනක කාලයක් විදුලිය විසන්ධි විය හැකි බවද එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එස්.ඩී. ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මීට අමතරව සවස 5.30 සිට 6.30 දක්වා විදුලි විසන්ධි කිරීමක් සිදුනොවන අතර, සවස 6.30 සිට 7.30 දක්වාත්, සවස 7.30 සිට රාත්‍රී 8.30 දක්වාත්, රාත්‍රී 8.30 සිට 9.30 දක්වාත් පැයක් වශයෙන් විදුලිය විසන්ධි විය හැකි බවද ඒ මහතා පවසා සිටියේය. 

ජනතාව අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කළහොත් විදුලි කප්පාදු ප්‍රමාණය මීට වඩා අඩුවන බවද හෙතෙම අවධාරණය කළේය. නව ක්‍රමවේදයට අනුව දහවල් කාලයේදී උදේ 8.30 සිට 11.30 දක්වා එක් කොටසකටත්, උදෑසන 11.30 සිට සවස 2.30 දක්වා තවත් කොටසකටත්, 2.30 සිට සවස 5.30 දක්වා තවත් කොටසකටත් විදුලිය විසන්ධි වන බවද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

දෛනිකව දහවල් කාලයේ විදුලි නිෂ්පාදනය මෙගාවොට් එක්දහස් නවසිය පනහක් වන අතර, දෛනික විදුලි ඉල්ලුම මෙගාවොට් දෙදහස් තුන්සියක් බවත්, මෙම තත්ත්වය හේතුවෙන් විදුලිය විසන්ධි වීම සිදුවන බවත් හෙතෙම පැවසීය. 

එසේම මේ වනවිට අදාළ ප්‍රදේශවල නාමලේඛනයක් විදුලිබල අමාත්‍යාංශයට අනුමැතිය ලබාගැනීම සඳහා යොමුකර තිබෙන බවත්, එයට අනුමැතිය ලැබුණු පසු ප්‍ර‘දේශ වශයෙන් ප්‍රසිද්ධියට පත් කරන බවත් සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි