නවතම පුවත්

කතරගමට ට්‍රිප් එකක් ගිය බස් එක බොරැල්ලට ආපසු එවයි

අසංක

අසංක

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් බොරැල්ලේ සර්පන්ටයින් ප්‍රදේශයේ සිට පුද්ගලයින් 51 දෙනෙකු රැගෙන අධිවේගී මාර්ගය ඔස්සේ කතරගම බලා ගමන් කරමින් තිබූ බස් රථයක් මත්තල පිටවුම් දොරටුවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බොරැල්ල ජනතාව විසින් ලබාදුන් තොරතුරුවලට අනුව ‍ය.

බොරැල්ල වනාතමුල්ලේ හුදකලා කරන ලද ප්‍රදේශයක පුද්ගලයකු මෙම චාරිකාව චාරිකාවට සහභාගි වීම මීට හේතුවයි.

බස් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම බසයේ ගමන් ගත් සියලු දෙනා PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇතැයි පොලිසිය පවසයි.

දැනට ඔවුන් නිවාස නිරෝධායනයට යොමු කර ඇත.

මෙම චාරිකාව සංවිධානය කර ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ සිටින මත්කුඩු ජාවාරම්කරුවකු බවට ද විමර්ශනවල දී පෙනී ගොස් ඇත.

ඔහු මෙම චාරිකාව සිය හිතවතුන් නොමිලේ කැඳවාගෙන යන්නක් වන අතර ඒ වාර්ෂිකව සංවිධානය කරන ලද චාරිකාවකි.

මෙම බස් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මාතර ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් බස් රථයකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්