නවතම පුවත්

දියකාවා මෙහෙයුමෙන් ත්‍රීකුණාමල තෙල් පර්යන්තය මුදාගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

දසවන දියකාවා ඒකාබද්ධ යුධ අභ්‍යාසයේ තුන්වන අභ්‍යාසය දෙවන කමාන්ඩෝ රෙජිමේන්තු භටයන් 54 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අද (09) අළුයම ත්‍රිකුණාමලය ඉන්දීයන් තෙල් සමාගම් පර්යන්ත පරිශ්‍රයේදී පැවැත්විණි.

ත්‍රස්තවාදීන් විසින් රටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක් වන තෙල් පර්යන්තය සිය ග්‍රහණයට ගෙන තෙල් බෙදා හැරීම අඩපන කර තිබු මොහොතක සැළසුම් සහගතව එම පර්යන්තයට ඇතුළුව එම පරිශ්‍රයට හානියක් නොවන අයුරින් ත්‍රස්තවාදින් හා ඔවුන්ගේ නායකයා විනාශ කර ඔවුන් සතුව පැවැති තෙල් පර්යන්තය මුදවා ගැනීම මෙම අභ්‍යාසය තුලදි සිදුකරනු ලැබීය.

දෙවන කමාන්ඩෝ රෙජිමේන්තු භටයින් නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ යාත්‍රාවන්හි නැගී මුහුදින් තෙල් පර්යන්ත බිමට අලුයම ඇතුළුවු අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම් අයි 17 හෙලිකොප්ටරයකින් ගුවන් සංක්‍රමණික බලකායට අයත් කමාන්ඩෝ භටයින් 16 දෙනෙකු පර්යන්ත අසලට ගුවනින් පැමිණියේ පර්යන්තයට මුහුදින් ඇතුළුවු කමාන්ඩෝ භටයින් ත්‍රස්තවාදීන්ට හදිසි ප්‍රහාරයක් එල්ල කිරිමත් සමගිනි.

මෙම ප්‍රහාරය අතර හදිසි තත්වයකදි තුවාල කරුවන් ඉවත් කිරිම සදහා ගුවන් හමුදාවේ එම් අයි 17 හෙලිකොප්ටර් යානයක්ද අමතර භට පිරිස් ගොඩබිමින් පර්යන්තයට ගෙන ඒම සදහා ඩබ්ලියු එම් ඉසෙඩ් යුධ ටැංකි දෙකක් තුල කමාන්ඩෝ භටයින් හතර බැගින් යොදවා තිබුණි.

මෙම අවස්ථාව නිරික්ෂණය කිරිම සදහා අභ්‍යාස අධ්‍යක්ෂක මේජර් ජනරාල් ජී. ජේ. එල්. වඩුගේ, නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් කේ. ඒ. සමරසිරි, අණදෙන නිලධාරි විශේෂ මෙහෙයුම් කර්නල් පී. ජී. පී. එස්. රත්නායක, අභ්‍යාස බලසේනාධිපති කමාන්ඩෝ බලසේනාව ලුතිනන් කර්නල් ටී. සී. එම්. ජී. එස්. ටී. කුරේ යන මහත්වරුන් එක්ව සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්