නවතම පුවත්

කලින් කලට ලෝකයම ගිලගත් වසංගත

අසංක

අසංක

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය, මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක වසංගත තත්වයක් ලෙස නම් කර අවසන්ය. මේ මොහොත වනවිට මෙම වෛරසය ආසාධනයවී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 284008 ක් වන අතර මරණ සංඛ්‍යාව 11838 කි .

කෙසේ වෙතත් ම කොරෝනා වෛරසය වසංගත තත්වයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධවද විවිධ පාර්ශව වෙතින් විවිධ අදහස් මතුවිය . ඇතැම් පාර්ශව සඳහන් කලේ , ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම නම් කරීම සිදුකිරීමට ප්‍රමාද වූ බවකි , නමුත් තවත් පාර්ශවයක් සඳහන් කලේ එය එසේ නොවන බවට හැඟවෙන අදහසකි.

මේ තත්වය මත මීට පෙර ලොව පුරා පැතිර ගිය මෙවැනි වසංගත තත්වයන් ගැන කෙටි අවබෝධයක් ලබාගැනීම වඩා උචිත බව අප අදහස් කළෙමු .

ලෝක ව්‍යාප්ත වසංගතයක් යනු ලොව පුරා රටවල් ගණනාවක එකම අවස්ථාවේ පැතිරයන නව රෝගයකි. බොහෝ විට වසංගතයක් ලෙස නම් කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය අවධානය යොමු කරනුයේ එම රෝගයේ බරපතලකමටත් වඩා එය පැතිර යන වේගය පිලිබඳවය. එසේම මහාද්වීප දෙකකට වඩා වැඩි ගණනක් පුරා මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේශනය වන රෝග බොහෝ විට මෙලෙස වසංගත ගණයට ගැනේ .

මේ අනුව අවසානවරට ලොව ව්‍යාප්ත වූ වසංගත රෝග තත්වය වන්නේ 2009 වසරේ මතුවූ එච් වන් ඒ වන් (h1n1) නම් ඉන්ෆ්ලුවෙන්සා තත්වයයි.

ස්වයින් ෆ්ලු ( swine flu ) ලෙසද මෙම රෝගය හැඳින්වේ මෙම රෝගය , එහි මතුවීමේ සිට පළමු මාස හය ඇතුලත බිලියනයකට අධික පුද්ගලයින් සංඛ්‍යාවකට අසාධනය වූ අතර ඒ හරහා පන්ලක්ෂ හැත්තෑපන්දහසකට අධික පිරිසක් මියගිය බවටද ඇස්තමේන්තු කර ඇත.

එසේම මෑත අතීතය තුල ලොවට වඩාත්ම බලපෑමක් කල වසංගත තත්වය ලෙස සැලකෙන්නේ , 1918 වසරේ සිට 1919 දක්වා වසරක කාලයක් පවතී ස්පාඤ්ඤ උණ හෙවත් ස්පැනිෂ් ෆ්ලු නම් උණ රෝගයයි.

ඒ හරහා මිය ගිය පිරිස මිලියන 50 ඉක්මවන බවට ගණන් බලා ඇත. එම උන රෝගයෙන් මිය ගිය ඇමෙරිකානුවන්ගේ ගණන පමණක් 675000 ඉක්මවයි .

ස්වයින් ෆ්ලු රෝගය හා මෙම ස්පාඤ්ඤ උන රෝගයද ඇතුළුව පසුගිය ශතවර්ෂය තුල ලොවට බලපෑ වසංගත තත්වයන් හතරක් ඇත. ඒවායේ නම් , ඒවා ඇතිවූ කාලසීමාවන් මෙන්ම ඒවායෙන් මරණයට පත්වූ බවට ඇස්තමේන්තු කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව පිලිබඳ සටහනක් පහත දැක්වේ.

එම වසංගත හේතුවෙන් ඇමෙරිකාව තුල මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාවද මෙම සටහන්වල දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්