නවතම පුවත්

ක්ෂත්‍රයේ දැවැන්තයාගෙන් අලුත් වැඩක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අලුත් වැඩක් කරන දැවැන්තයෙක් සම්බන්ධ කරගන්න අපි තීරණය කරා ඒ දැවැන්තයා නම් කීර්ති පැස්කුවෙල්. අපි කීර්ති පැස්කුවෙල් මහත්තයා සම්බන්ධ කරගන්න දින ගානක් උත්සාහ කරලා අන්තිමේදී බොහොම අමාරුවෙන් හැකි වුනා. අධික කාර්‍ය්ය බහුලතාවය මත වුනත් කලම්බු එක්ස්ප්‍රස් අපි එක්ක කතා කරන්න එතුමා කැමති වුනා..

ඉතිං අපි අහමු මොකක්ද මේ කේෂ්ත්‍රයේ දැවැන්තයා කරන්න යන අලුත් වැඩේ ගැන

අපි මුල පිරුවා කතාවට දැන් මේ අපි අහන්නෙ ඒ දැවැන්තයා අපිට කියපු සුන්දර කතාව ගැන.

මේක සුන්දර ගීතයක් ඒ ගීතයේ නම තරු යාත්‍රා ඒ කියන්නේ මේක යුග ගීතයක්. මේක ගායනා කරන්නේ කීර්ති පැස්කුවෙල් සමග ඔනෙලා පියතිලක. පද රචන හර්ෂනී විතානගේ. සංගීතය සදරුවන් ජයසිංහ. වීඩියෝව අධ්‍යක්ෂණය කරේ මෙවන් ලියනගේ.

මේ ගීතය නිර්මාණය වෙන්නේ අපූරු විදියකට නේද කීර්ති අයියේ ඒ ගැන කියනවා නම්

මේක ගායනා කරන ඔනෙල ඇමරිකාවේ චිකාගෝ වල බටහිර සංගීත හදාරපු කෙනෙක් ඒවගේම එයාට සිංහල හරියට කතා කරන්න බෑ , එයා බටහිර සංගීත ඉගෙන ගන්නවා. හැබැයි එයාගේ දෙමව්පියන්ට ඕනැ වෙනවා එයා ලව්ව සිංහල ගීතයක් ගායනා කරන්න ඒ ගැන මට ඒ අය දැනුම් දෙනවා, මම එයා කලින් කරපු සිංදු අධ්‍යනය කරා එයාගේ සිංදු යූටියුබ් එකේ බලලා මම එයාගේ ශෛලිය අධ්‍යනහ කරා මොකද මම යුග ගීතයක් ගායන කරන නිසා එයාව අධ්‍යනය කරන්න ඕනැ නිසා ඊට පස්සේ මම එයාට කිව්වා හරි අපි සිංදුව කරමු කියලා ඊට පස්සේ එයා මට පියානෝ නෝට් කිපයක් එව්වා එයා ආසා කරන විදියට පස්සේ මම සදරුවන්ට දුන්නා මට මේක හරියන විදියට බටහිර ආරයට හදලා දෙන්න කියලා පස්සේ සදරුවන් මට තනුව නිර්මාණය කරලා හර්ෂනිට කියලා ලියලා මට දුන්නා මම ඒක යැව්වා ඔනෙලාට
ඊට පස්සේ එයා ඒක හොදටම පුහුණු වුනා පස්සේ එයා ලංකාවට ආව ඇවිල්ලා සිංදුව හොදටම කරා පස්සේ අපි වීඩියෝවක් නිර්මාණය කරා දැන් එයා ගියා ඒක නිර්මාණය කරලා

කීර්ති අයියේ මේකට සම්බන්ධ හැමෝම තරුණ අය ඒ වගේම මේක තරුණ පරපුර ඉලක්ක කරපු ගීතයක් වගේ අද බහුලව භාවිතා කරන සමාජ මාධ්‍ය ඉලක්ක කරල කරපු නිර්මාණයක්ද

මෙහෙමයි ඇත්තටම අපි අද ප්‍රවීණයන් වෙලා හිටියට අපි කලින් තරුණපරම්පරාවට අයිති ඒ වගේම අද ඉන්න තරුණ තරුණියන් ඉතාමත් දක්ෂයි ඒ වගේම ඒ අය සමාජ ජාල හරහා විශාල ප්‍රසිද්ධියක් ලබා ගන්නවා අපි ඒ අය අතාරින්න හොද නැහෑ ඒ අයගේ දක්ෂතා අදුරගන්න ඕනැ ඒ වගේම ඔවුන්ට උදව් කරන්න ඕනැ මේ ගීතයේ එක අරමුණක් ඒක අපේ පරම්පරත් දැන් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වෙන්න ඕනැ ඒක වටිනවා මොකද හිස් මිනිසුන්ට වඩා වැඩියෙන් යමක් අපිට කරන්න පුලුවන් නිසා

කීර්ති පැස්කුවෙල් කියන්නේ ලංකාවේ ගායික ගායිකාවන්ට වගේම අපි වගේ මාධ්‍යවේදීන්ටත් පහසුවෙන් ගණුදෙනු කරන්න පුලුවන් මනුස්සයෙක් ඔබ මේ වගේ තරුණ පරපුරේ දියුණුව වෙනුවෙන් ඉදිරියටත් කටයුතු කරනවාද

මම මගේ වෘත්තියට අදාලව හැමදාමත් කටයුතු කලේ හැමෝටම සේවයක් කරන්න ඒ වගේම ඉදියටත් ඒ සේවය අඩුවක් නැතිව කරනවා. විශේෂයෙන්ම තරුණ පරම්පරාවේ උන්නතිය වෙනුවෙන්.

අපි කාලයත් එක්කම වෙනස් වෙන්න ඕනැ ඒ වගේම අලුත් දේ අරන් පරණ දේ රැකගෙන කටයුතු කරන්න ඕනැ

එහෙමනම් හෙට එළිදකින තරු යාත්‍රා ගීතය රසවිදින්න කියලා කියන ගමන් අපි ආයෙත් දවසක කීර්ති පැස්කුවෙල් දැවැන්තයා සමග හමුවෙමු..

YouTube player
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්