නවතම පුවත්

කිරුළ හිසලා ගත් කැරොලයින්ගේ ශෝකාලාපය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගිය දා කැරොලයින් ජූරි ජගත් විවාහක රූ රැජින කිරුළ පළදා දිවයිනට පැමිණ ගුවන් තොටුපලේ සිටම පැවසූයේ තමන්ට හට මෙම කිරුළ පැළදීමට ගිය ගමනේදී ලද සහය ඉතමත් අල්ප බවය. ඇය තව දුරටත් පැවසූයේ තමන් හට කිසිදු දේශීය අනුග්‍රහයක් හෝ තමන් දිරි ගැන්වීමට හෝ කිසෙවෙකුත් තරගයට හෝ නොපැමිණි බවයි. එහි වඩාත් රසවත් කොටසවන්නේ ඇයට මෙකී තරගාවලිය සදහා සහභාගී වීම වැළැක්වීම සදහා ඇතැම් පිරිස් පෙත්සම් පවා යොමු කර තිබීමයි. අවසන ඒ සියලු බාධක පරයා ඇය ජය ගත්තාය. කැරොලයින් හට පමණක් නොව මෙතුවක් ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම සෙසු තරග කරුවන් සිය පදක්කම ගෙළ ලා පැමිණ පැවසූයේ කරොලයින් ඉහතදී පැවසූ කාරණයමය. එනම් තමන්ගේ රට වෙනුවෙන් පදක්කම් දින්නනේ රාජ්‍යයේ හෝ වෙනත් කිසිවෙකුගේ අනුග්‍රහය නොමැතිව බවයි. මෑතදී බිහි වූ ලාංකීය කාය වර්ධන ශූරයා ලූෂන් පුෂ්පරාජ් ජත්‍යන්තර ජයග්‍රහණයක් ලද පසු පැවසූයේද මෙවැන්නකි. ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා වේවා, සුගත්, දමයන්ති මෙන්ම ලංකාව වෙනුවෙන් මලල ක්‍රීඩාවෙන් කීර්තිය ගෙනදුන් ශ්‍රියානි කුලවංශගේ ක්‍රීඩා ඉතිහාසයද රෝස මල් යහනාවක් මතින් පැමිණි ස්මෘතීන් කිසිවක් නොමැත. රාජ්‍යය අනුග්‍රහය මොවුනට ලැබෙන්නේ නොදී බැරි මොහොතකදී පමණි, එහෙත් අතලොස්සකට පමණි සෙස්සන් සිය ශරීරයේ ශක්තියෙන් පමණක් ජාත්‍යන්තර තරගාවලි සදහා ඉදිරිපත් විය යුතුය, එසේත් නොහැකිනම් හිත හදාගත යුතුය. ඒ ලංකාවේ පරම ස්වභාවයයි. පූර්ණ රාජ්‍යානුග්‍රහයෙන් ලාංකිකයෙකු ලෙස ජයගත හැකි වන්නේ පවතින අක්‍රමික අධ්‍යාපන තරගයෙන් විරළ ලෙස ජයගෙන වෛද්‍යවරයකු හෝ වෘත්තීයවේදියෙකු වශයෙන් සමාජගත වන්නන් අත්ලොස්සකට පමණි.

ඒ අනුව සෙසු ක්ෂේත්‍ර ලෙස ක්‍රීඩා, කලා, මෙනම කෘෂිකර්මාන්තය වැනි ලාංකීය ආර්ථිකයට බද්ධ වූ අංශයන් හෝ රාජ්‍යානුග්‍රහයෙන් මිදී අයාලේ යන්නට ගෙන දැන් බොහෝ කල්ය. සංවර්ධිත සමාජයන්හි ඉහත ක්ෂේත්‍රයන් සියල්ල ඉතා සමබර ලේස පවත්වා ගැනීම සදහා එකී රාජ්‍යයන් ගන්නේ අපමණ උත්සහයකි. එයට හේතුව වන්නේ ඉහත ක්ෂේත්‍ර සියල්ලේ සමබරතාවය සාර්ථක සමාජ පෙරගමනකට කෙතරම් බරපතල ලෙස ඉවහල් වන්නේද යන්න කලක් පුරාවට අත්විද ඔවුන් දන්නා බැවිනි. නිදසුනක් ලෙස මා වෙසෙන මෙල්බර්න් නුවර ශනිදා දින යනු පාසල් දරුවන්ගේ සුපුරුදු ක්‍රීඩා තරග පැවැත්වෙන දිනයයි. එදිනට ප්‍රාදේශීයව ක්‍රීඩාපිටි පිරී යන්නේ ලංකාවෙමෙන් ක්‍රිකට් පමණක් ක්‍රීඩා කරන පොඩ්ඩන්ගෙන් පමණක් නොවේ. දැල්පන්දු, හොකී, රග්බි, ඔස්ට්‍රේලියන් ෆූටී, මෙන්ම සියලු ක්‍රීඩා සදහා සුවිශේෂී ඉඩක් ලබා දෙයි. ඒ සියල්ලකටම ජාතිකවශයෙන් රාජ්‍යානුග්‍රහය ලැබෙන අතර කණිෂ්ඨ පෙළසිට ජාතික තලය දකවා දක්ෂයින් මේ ප්‍රාදේශීය ක්‍රීඩා පිටියෙන් හදුනා ගැනේ. මෙකී ක්‍රියාවලිය ඔස්ට්‍රේලියානු සමජයේ සෑම ක්ෂේත්‍රයකම සාර්ථකව ක්‍රියාත්මක වීම එහි සාර්ථකත්වයේ රහසද එයම බැව් නොකිව මනාය. එසේම මෙම ක්‍රියාවලිය කිසිදු අතපෙවීමකින් දූෂ්‍යකිරීමට කිසිදු පාර්ශවයකට ඉඩ හසර නොමැති තරම්ය. කොටින්ම ලාංකීය සමාජයේ පවතින ක්‍රමවේදය ඔස්ට්‍රේලියානු ක්‍රමය අතර පවතින්නේ අහසට පොළොව වන් පරතරයකි.

එකී අවාසනාවන්ත සමජ ක්‍රියාවලිය ඉතිහාසයේ පටන් ස්ථාපිත කරගත්තේ ලාංකීය සමාජයේ වෙසෙන ජනී ජනයා විසිනි ඊට සමානුපාතිකව දේශපාලන ධූරාවලිය විසින්ද මෙම ක්‍රමයේ දූෂ්‍යභාවය වර්ධනය කිරීමෙහිලා මහගු දායකත්වයක් සපයනු ලැබීය. මෙකී තත්වයන් මගින් බලයලත් දේශපාලඥයා හා දේශපාලන බලය අතට ගත් බලධාරියා විසින් ක්‍රියාවලිය දූෂ්‍ය කළ අතර එමගින් සෑම ක්ෂේත්‍රයකම පාහේ  පාරදුෂ්‍යභාවය පිළිබද බරපතල ගැටලු මතුවිය. එහි අනිටු ප්‍රතිඵල කුහක ලෙස විදින්නට සිදු වූයේ සැබෑලෙසම දක්ෂතා පෙන්වා ජාතික තලයෙන් ජාත්‍යන්තරය වෙත පිය නගන්නට වෙරදරන කැරොලයින්, ලූෂන් හා තවත් සියයක් වූ අහිංසකයන් හටය.

ප්‍රථමයෙන් ජනතාව මෙම දූෂ්‍ය ක්‍රමය වෙනස කිරීම සදහා පෙළ ගැසිය යුතුය. එය කිසිසේත්ම කළ නොහැකි ක්‍රියාවක් නොවේ. කලක් වසංගතයක්ව පැවති දුම්පානය තරුණ පරපුරෙන් ඈත් කිරීමට අනූව දශකයේදී ජනතාව පෙළ ගැසුනාක් මෙන්, දශක ගණනාවක් රටේ සුන්දරත්වය කෙළෙසමින් ඇළවුණු පෝස්ටර් වසංගතයට එරෙහිව ජනතාව අද පාට පින්සල අතට ගත්තාක් මෙන් ක්‍රම ක්‍රමයෙන් තමන් වැටී සිටින වළෙන් ගොඩ ඒමට ජනයා විසින්ම සාමූහිකව වෙර දැරිය යුතුය. තමන් දේශපාලනිකව හා සාමාජයීය වශයෙන් වළක වැටී ඇති බැව් ජනතාව හොදින් වටහා ගෙන ඇති සමයක මින් ගොඩ ඒමට දරන උත්සහය කවරක් වේද කිසිවිටෙක ඵල රහිත ක්‍රියාවක්න් නම් නොවනු ඇත. දියවන්නාවේ වෙසෙන සුදුරෙදි හොරුන් වෙතම ඇගිල්ල දිගු කිරීමෙන් පලක් නැත. තමන් වැටී සිටින් මජර තත්වය වටහා ගැනීමට නම් ඔබ මේ මොහෝතේ සිරිපා කරුණා කළ යුතුය. මක් නිසාද යත් සාදුනාද දී සිරිපතුලේ නළන උළා සිරිපතුලට මදක් ඔබ්බෙන් උඩුමළුවේ ගොඩගසා පැමිණෙන කුණුකන්දේ ශිකරය දෙස බලා එය මැනවින් වටහා ගත හැකි හෙයිනි.  තමන් ජාතියක් ලෙස පෙළ ගැසුණු කල දියවන්න සුදු රෙදි හොරුන්ට හෝ උන්ගේ සහචරයන් හට කළ හැකි කිසිවක් නොමැත. එසේ නොවී උන්ගේ වහලුන් මෙන් වෙසෙනා කල අනාගත්යේදී ද කරොල්යින්ලාට, ලූෂන් ලාට සිය ජාත්‍යන්තර පදක්කම් ගෙළලා හඩන්නට වනවා මෙන්ම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රනින් බබලවන්නට යන අප ක්‍රීඩකයින් හට ඩෙංගු රෝගය පමණක් නොව තවත් වසංගතද රැගෙන ගුවන්ගත වීමට සිදු වනු ඇත.

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සෙකා

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී