නවතම පුවත්

කොටින්ට පණදෙන බව කියන පලෙයි ‌දොස්තර ඇත්තටම ප්‍රභාකරන්ගේ ‌දොස්තර ද?

අසංක

අසංක

සටහන- ගයාන් කුමාර වීරසිංහ

වේළුපිල්ලේ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේදී හමුදා වෙඩිල්ලකින් මිය යාමත් සමග වසර තිහක් තිස්සේ ඇදී ගිය යුද්ධයට 2009 වසරේ මැයි 18 වෙනිදා සිට නැවතීමේ තිත තැබුණත් මිය ගිය ප්‍රභාකරන්ට පණ දෙන්නට මේ ගෙවුණු දස වසර තුළ එල්ටීටීඊ ඩයස්පෝරාව ගත් උත්සහයන් අපමණය. ස්විස්ටර්ලන්තය, කැනඩාව, ප්‍රංශය, එංගලන්තය සහ නෝ‌වේ කේන්ද්‍ර කරගත් එල්ටීටීඊ ඩයස්පෝරාව ඒ වෙනුවෙන් කෝටි-ප්‍රකෝටි ගණන් මුදල් වැයකරති. දකුණේ පාතාල කල්ලි පවා ඔවුන් ඒ සදහා භාවිතා කරන බව රාජ්‍ය බුද්ධි සේවය විසින් හෙළිකර ගන්නේ මෙම වසරේ ආරම්භයේදීය.

එසේ ඩයස්‌පෝරාවේ සැලසුමකට අනුව ප්‍රභාකාරන්ට පණ දෙමින් එල්ටීටීඊ සංවිධානය නැවත ගොඩ නැගීමට රහස් මෙහෙයුමක නිරතවූ බව කියන වෛද්‍යවරයෙකු ඉකුත් සතියේ අත්අඩංගුවට ගන්නේ යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුවය. ඒ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ සහයද ඇතිවය.

පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වූ ඔහු සින්නයියා ශිවරූබන්ය. තවමත් හතළිස් එක්වවන වියේ පසුවන වෛද්‍ය සින්නයියාට එරෙහිව මේ වන විට එල්ල වී ඇති චෝදනාව වන්නේ එල්ටීටීඊ ප්‍රතිසංවිධානයට ආධාර හා අනුබලදීමය. හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිෙග්ඩියර් සුමිත් අතපත්තු පවසන්නේ ඩයස්පෝරාවේ උදව් ඇතිව කොටි සංවිධානය ප්‍රත්ස්ථාපනය කිරීමට ‌මේ වෛද්‍යවරයා උත්සහයක නිරතව සිටි බවත් කාලයක් තිස්සේ කෙරුණු විමර්ශනයකින් පැහැදිලිවම පෙනී ගිය බැවින් ඔහුව අත්අඩංගුවට ගත් බවය.

ත්‍රස්තවාදී විමර්ශන කොාසයේ සහය ඇතිව වෛද්‍ය ශිවරූබන්ව හමුදා බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගන්නේ ඉකුත් 19 වෙනිදාය. ඒ යාපනය පලෙයිහි පිහිටි ඔහු පදිංචිව සිටි නිවසේදීය. ඒ් නිවසේ තිබී සැකකටයුතු යැයි කියා හමුවන්නේ වායු රයිෆලයක් සහ වායු පිස්තෝලයක් පමණි. ‌මේ අවි ‌දෙක සිය භාරයට ගන්නා හමුදා බුද්ධි අංශ වෛද්‍යවරයා සමග ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදෙන්නේ සැගවුණු බොහෝ තොරතුරුද සමගිනි. ඊට අනුව මෙම වෛද්‍යවරයා එල්ටීටීඊ පණ ගන්නවන්ට සැලසුම් කරමින් සිට ඇතැයි පැවසෙන්නේ කරුණා අම්මාන් සහ ඩග්ලස් දේවානන්දා ඉලක්කරමින් ප්‍රහාරයක් එල්ල කරමිනි. ඩග්ලස් සහ කරුණා අම්මාන් ඩයස්‌පෝරාවේ ඉලක්ක බවට පත්ව ඇතැයි මෑතකදී හෙළිවන පළමු අවස්ථාව වන්නේ මෙයයි. ඊට පෙර අවස්ථා කිහිපයකදීම හෙළිවී තිබුණේ ඔවුන් කුරුමානම් අල්ලන්නේ දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ට බවය. එහිදී වන්නියේදී සුමන්තිරන් ඉලක්ක කර පුපුරවා හරින්නට සූදානම් කර තිබුණු ක්ලේමෝ ‌බෝම්බ දෙකක් පවා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සොයාගන්නා ලදී. සුමන්තිරන් ඝාතන සැලසුමට සම්බන්ධ කිහිප දෙනෙක්ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ අය අතර පුනරුත්ථාපනය වූ මෙන්ම පුනරුත්ථාපනය නොවූ එල්ටීටීඊ සාමාජික‌ෙයෝද සිටියහ. ඒ සියලු දෙනාම මෙහෙයවන බව පෙනීගියේ විදේශවල සිටින එල්ටීටීඊ හිතවාදී ඩයස්‌පෝරාවයි. ‌මේ ජාලයේ ‌ෙ‌ෛවෛද්‍ය සින්නයියා ශිවරූබන් ද ප්‍රබල චරිතයක් බව බුද්ධි අංශයේ තක්සේරුවයි.

ශිවරූබන් මුලතිව් රෝහලේ වැඩ බලන අධිකරණ වෛද්‍යවරයාව සිටි 2014 දී ජිනීවා හී පැවැති මානව හිමිකම් සැසියට සහභාගිවී ඇත්තේද ඩයස්‌පෝරාව නියෝජනය කරමිනි. යුද්ධය පැවැති සමයේදී හමුදාව යුද අපරාධවල නිරතවූ බව එදා ඔහු මානව හිමිකම් සැසියේදී ලෝකයට හඩ ගා කියා තිබිණි. ඉන් නොනැවතුණු ඔහු අල්ජසීරා රූපවාහනියට පවා සම්මුඛ සාකච්ඡාවක් දෙමින් හමුදාවේ කීර්ති නාමය විනාශ කලේ බේගල් ගොන්නක් ඇදබාමිනි.

හමුදා බුද්ධි අංශවලට ලැබී ඇති තොරතුරුවලට අනුව ‌මේ වෛද්‍යවරයා එල්ටීටීඊ පණ ගන්වන්නට හිටපු එල්ටීටීඊ සාමාජිකයින් රැස්කිරීමේ මෙහෙයුමකද නිරතව සිට ඇත්තේය. ඒ අතර ඔහු සී-4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය පවා රැස්කර මින් සිට ඇත. ඒ යුද්ධය අවසන් සමයේදී එල්ටීටීඊය මතුවට ගැනීමට වළදැමූ පුපුරන ද්‍රව්‍ය ගොඩගනිමිනි. එසේ ඔහු විසින් රැස්කරගත් පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අප්‍රේල් 21 වෙනිදායින් පසු මුහුදට දමා ඇති බවද සදහන්ය. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට පුරා සිදු කළ මෙහෙයුම්වලදී හසුවේ යැයි තිගැස්සසීමෙනි. එසේ මුහුදට දැමූ සී-4 යයි කියවෙන පුපුරන ද්‍රව්‍යවලින් කොටසක්ද හමුදාවේ ‌තොරතුරු මත මේ වන විට සොයාගෙන හමාරය. ඒවා තිබී ඇත්තේ අලියාවලෙයි මුහුදේය. කළු පැහැති ගුළියක් ලෙසින් තිබුණු ඒ් ද්‍රව්‍ය කිලෝ 15ක පමණ බරකින් යුතු විය. වෛද්‍ය ශිවරූබන් ප්‍රශ්න කිරීම් හමුවේ පවසන්නේ එම ‍පාර්සලය තමන් නොදන්නා පුද්ගලයෙකු විසින් තමන් නැති අවස්ථාවකදී සිය නිල නිවසේ තබාගොස් ඇති බවත්, එය මුහුදට විසි කරන්නේ ඒ ගැන ඇතිවුණු සැකයට බවය. එහෙත් සැකයක් විණි නම් ඔහු කළ යුතුව තිබුණේ එම පාර්සලය මුහුදට විසිකරනවා වෙනුවට පොලිසියට භාර දෙන්නටය.

අනාවරණය ‌වෙමින් ඇති ආකාරයට ශිවරූබන් ‌වෛද්‍ය උපාධිය ලබා විශ්වවිද්‍යාලයෙන් පිටවන්නේ 2006 දීය. රජයේ සීමාවාසික ‌වෛද්‍ය පත්වීම ඔහුට ලැබෙන්නේ 2008 දීය. ඒ් යුද්ධය අවසන් වකවානුවයි. බුද්ධි අංශ සදහන් කරන්නේ ඔහු ‌කොටි නායක ‌වේළුපිල්ලේ ප්‍රභාකරන්‌ගේ ‌පෞද්ගලික ‌වෛද්‍යවරයා ‌ලෙස ද ඔහු කටයුතු කර ඇති බවය. ඒ කියන ආකාරයට අනු ඔහු ප්‍රභාකරන්‌‌ගේ ‌වෛද්‍යවරයා ‌ලෙස සිටිය යුතු වන්නේ 2006 වසරේ උපාධිය හිමිකරගෙන විශ්වවිද්‍යාලයෙන් පිටවීමෙන් පසුවය. ‌ෙවේලුපිල්ලේ ප්‍රභාකරන් සීමාවාසික පත්වීමක්වත් නැති ආධුනික ‌වෛද්‍යවරයකු තම ‌පෞද්ගලික ‌වෛද්‍යවරයා ‌ලෙස ළග තබාගනීදැයි ඇත්තේ ගැටලුවකි. එහෙත් බුද්ධි අංශ ඔවුන්ට ලැබී ඇති ‌‌තොරතුරුවලට අනුව සදහන් කරන්නේ ඔහු ප්‍රභාකරන්ගේ ‌වෛද්‍යවරයා බවකි.

විවිධ තොරතුරුවල සදහන් වන ආකාරයට අනුව වෛද්‍ය ශිවරූබන් රිවිරැස මෙහයුමේදී තුවාල ලැබූ එල්ටීටීඊ සාමාජිකයන්ට පවා ප්‍රතිකාර කර තිබේ. යුද හමුදාව විසින් රිවිරැස මෙහෙයුම දියත්කරන්නේ ත්‍රිකුණාමල වරයාට එල්ටීටීඊ ප්‍රහාරයක් එල්ලකරමින් චන්ද්‍රිකා ආණ්ඩුවේ සාම ක්‍රියාවලියෙන් ඉවත්වීමට පුතිප්‍රහාරයක් වශයෙනි. 1995 ඔක්තෝම්බර් 17 වෙනිදා ඇරඹි රිවිරැස මෙහෙයුමට නැවතීමේ තිත තැබෙන්නේ දෙසැම්බර් 02 වෙනිදා එල්ටීටීඊ ග්‍රහණයේ පැවැති යාපනය මුදා ගැනීමත් සමගිනි. වෛද්‍ය ශිවරූබන් උසස් පෙළ අධ්‍යාපනය ලබන්නේ මේ වකවානුවේදීය. රිවිරැස මෙහෙයුමේදී තුවාල ලැබූ එල්ටීටීඊ සාමාජිකයින්ට ඔහු ප්‍රතිකාර කළේ නම් ඒ කර ඇත්තේ මඩකලපුවේ සිට වන්නියට ගොසිනි. ඒ අධ්‍යාපනයද හදාරමින් සිටියදීය.

ප්‍රභාකරන්ගේ තවත් පුද්ගලික වෛද්‍යවරයෙකු බව කියන අයකු පලෙයිහීදී අත්අඩංගුවට ගන්නා අතර ශිවරූබන් පළමු වතාවට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වන්නේ යුද්ධයේ අවසන් දින කිහිපයේදීය. ඒ අවසන් මොහොත දක්වාම ඔහු සමග රැදී සිටි තවත් වෛද්‍යවරු හය දෙනෙකුද සමගිනි. අන්තිම මොහොතේ රජයේ පාලනයේ පැවැති ප්‍රදේශයට පැමිණි ඔවුන් සත්දෙනා අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ විමර්ශන සදහා ඔවුන් භාර කරන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙතය. ඉක්බිති වසර එකහාමාරකට ආසන්න කාලයක් ඔවුන් සිටියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ භාරයේය. අවසානයේදී ‌‌මේ පිරිස නිදහස් කෙරෙන්නේ ඔවුන්ට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනු කිරීමකින් තොරවය.

යුද්ධය නිමාවනවිට ‌වෛද්‍ය ශිවරූබන් ‌සේවයේ නිතරව සිටින්නේ එකල එල්ටීටීඊය පාලනයේ පැවැති මුලතිව්හී ය. රජයේ පාලනයේ පැවති ප්‍රදේශයන් යෑමට ‌කොතෙකුත් අවස්ථාව තිබුණත් ඔහු තවත් ‌වෛද්‍යවරු හත්දෙනෙක් සමග මුලතිව්හිම රැදී සිටියේ ය. ප්‍රභාකරන්‌ගේ ‌වෛද්‍යවරයා ‌ලෙස ඔහු කටයුතු කළේ නම් අවසන් කාල වකවානුවේ විය යුතුය. එසේත් නැතිනම් ප්‍රභාකරන්ගේ සැබෑ ‌වෛද්‍යවරයා වූයේ කනකසුන්දරම් මයිලේරු ‌පෙරුමාල් ය. ප්‍රභාකරන්ගේ පවුලේ ‌වෛද්‍යවරයා වූයේ ද ඔහු ය. ප්‍රභාගේ උපන් ගම වන වැල්වැටිතුරේම වැසියකු වන ඔහු යුද්ධය නිමා වන වකවානුවේදී ‌ෙසේවයේ නිරතව සිටියේ කිලිනොච්චියේ ය. යුද්ධය නිමාවීමත් සමග ජීවිතයේ සැදෑසමය වැල්වැටිතුරේ පිහිටි සිය නිවසේ ගතකරමින් සිටි ඔහු 2018 ඔක්තෝබර් 09 වැනිදා මියගියේ ය.

ජිනීවා මානව හිමිකම් කොමිසමට යමින් යුද හමුදාව යුද අපරාධ කළේ යැයි චෝදනා නගන්නට වූයේ ‌මේ හත් දෙනා අතර සිටි ශිවරූබන් පමණි. ඒ සෑම චෝදනාවක්ම ඔහු කරන්නට වූයේ උතුරේ දෙමළ ජනතාවගේ හොද හිතද දිනා ගනිමිනි. ඒ නිසාම ඔහුව අත්අඩංගුවට ගැනීමට එරෙහිව පලෙයි ජනතාව පවා පාරටද බැස්සේය. ඒ වෛද්‍ය ශිවරූබන් නිදහස් කරන ලෙස ඉල්ලමිනි. උතුරේ ද්‍රවිධ ජනතාව සමග ඔහු මිතුරුව සිටියේ යැයි කියා හෝ ජනතා විරෝධයක් මතුවෙමින් ඇතැයි කියා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ඔහුව නිදහස් කරන්නට කිසිසේත්ම ඉඩක් නැත. ඒ හමුදා බුද්ධි අංශය විසින් ඔහුට එරෙහිව දී ඇති තොරතුරු ඉතා භායානක ඒවා බැවින් ඒ ගැන පුළුල් විමර්ශනයක් කළ යුතු ‌හෙයිනි.වෛද්‍ය ශිවරූබන්ව කොළඹට පවා රැගෙන නොයා මේ වන තුරුත් යාපනයේ රදවාගෙන පරීක්ෂණ පවත්වන්නේ ඒ නිසාය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී