නවතම පුවත්

කොටුව දුම්රිය ස්ථානයට යුධ හමුදා කැරළි මර්දන ඒකකය කැදවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අද පස්වරුවේ කලබලකාරි තත්වයක් හටගත්තා. ඒ, පස්වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය රැසක් ප්‍රමාදවීම හේතුවෙන්. කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටි මගීන් විශාල පිරිසක් මේ හේතුවෙන් අපහසුතාවට පත්ව තිබෙනවා. මේ වන විට දුම්රිය ස්ථානයට යුධ හමුදා කැරළි මර්දන ඒකකයේ විශේෂ කණ්ඩායම් කීපයක්ම කැදවා ඇති බවත් අප වාර්තාකරු වැඩිදුරටත් සදහන් කරා.

මගීන් පිරිසක් දුම්රිය සේවකයන් වෙත විරෝධය පළ කිරීමත් සමග එහි කලබලකාරි තත්වය ඇතිව තිබෙනවා. මේ හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ ආරක්‍ෂාව සදහා පොලිසියට අමතරව යුධ හමුදා කැරළි මර්දන ඒකකය කැදවා තිබෙනවා.

මේ අතර කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන වලින් ගමන් ආරම්භ කරනු ලබන දුම්රිය රැසක් අද සවස් කාලය වන තෙක් නියමිත පරිදි ධාවනය නොවුණු බව එහි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්