නවතම පුවත්

කොදෙව් සංචාරයට සූදානම් වූ ළහිරු කුමාරට කොවිඩ්

අසංක

අසංක

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය යටතේ පැවැත්වීමට නියමිතව තිබෙන විස්සයි-20 සහ එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි වේග පන්දු යවන ළහිරු කුමාරට කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සංචාරයට පෙර ඊයේ (21 දා) දිනයේදී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ළහිරු කුමාරට කොවිඩ් ආසාධනය වී තිබෙන බවට තහවුරු වී ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොරෝනා ආසාධනය වීමේදී රජය විසින් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය නීති මාලාව අනුගමනය කරන ලෙස ළහිරු කුමාරව දැනුවත් කිරීට පියවර ගනු ලැබීය.

ඒ අනුව කොවිඩ්-19 ආසාධනය වුණු දෙවැනි ක්‍රීඩකයා වන්නේ ළහිරු කුමාර වන අතර ඔහුට පෙර ළහිරු තිරිමාන්නට එම වෛරසය ආසාධනය වී සුවය ලබා සිටියි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාන්‍ය මෙහෙයුම් සියල්ල අඛණ්ඩව සිදුකරගෙන යනු ඇත.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?