නවතම පුවත්

කොරෝනා ගැන ලොව මවිත කළ අනාවැකි 11

අසංක

අසංක

කොරෝනා වෛරසය මේවනවිට ලොව පුරා රටවල් 180 ක පමණ ව්‍යාප්තව අවසන්ය. ලක්ෂ තුනකට අධික පිරිසක් දැනටමත් එම වෛරස රෝගයට ගොදුරුවී ඇත. ඉන් මියගිය ගණන දහතුන් දහස ඉක්මවා ඇත. කොරෝනා වෛරසය මෙතරම් බරපතල තත්වයකට පත්වීමට බලපෑ ප්‍රධානතම හේතුව ලෙස අද වනවිට බොහෝ විද්වතුන් විශේෂඥයින් පෙන්වා දෙන්නේ , ලෝකය මෙවැනි වසංගත තත්වයකට මුහුණදීමට නිසි පෙර සූදානමකින් නොසිටීමය.

නමුත් දැන් එවැනි දේ ගැන වාද කිරීමට ප්‍රමාද වැඩිය , අශ්වයා පැන ගොස් අවසන්ය , නමුත් මෙවැනි අවස්තාවක අප බොහෝ දෙනෙකු තුල නිතැතින්ම මතුවන පැනයක් ඇත , එනම් මෙවැන්නක් ගැන කල් තියා අනතුරු ඇගවීමට , අනුමානයක් කිරීමට ,පුරෝකථනයන් කිරීමට , අනාවැකියක් කීමට කිසිවකුට හෝ නොහැකිවීද යන්නයි.

මෙම පැනයට පිළිතුරු සෙවීමේදී , මෙවැනි වසංගතයක් මතුවිය හැකි බවට යම් ආකාරයක අනාවැකි පලකල , අනුමාන කල , ඉඟි කල සුවිශේෂී පුද්ගලයින් හා කණ්ඩායම් එකොළහකගේ සුවිශේෂී පුරෝකථන 11 ක් පිළිබඳව අපට තොරතුරු අනාවරණය විය .

මේ අතරින් ඇතැමෙක් විද්‍යාත්මක තොරතුරු මත පදනම්වද , ඇතැමෙක් තම පරිකල්පන ඥානය හා නිර්මාණ ශක්තිය හරහාද තවත් කෙනෙක් , තම අත්දැකීම් හරහාද මෙම අනාවැකි හා අනුමානයන් සිදුකර ඇත. මෙම පුරෝකථනයන් දෙස විමසිල්ලෙන් බලන කල ඇතැම් විටෙක අපට විමතියක් පවා දැනෙන තරම්ය .

පහත දැක්වෙන්නේ එම සුවිශේෂී පුද්ගලයින්ගේ සුවිශේෂී පුරෝකථන එකොළහයි .

බිල් ගේට්ස් ගේ පුරෝකථනය

බිල් ගේට්ස් මෙම පුරෝකථනය සිදුකලේ 2015 වසරේදීය . ඒ ටෙඩ් ටෝල්ක් නම් වැඩසටහනකදීය . මීළඟ වසංගතය සඳහා ලෝකය සූදානමින් නොසිටින බව ඔහු මෙහිදී පැහැදිලිවම සඳහන් කළේය .

එසේම 2018 වසරේ මැසචුසෙට්ස් වෛද්‍ය සංගමය සංවිධානය කල විශේෂ සාකච්ජාමය වැඩසටහනකදීද , බිල් ගේට්ස් මෙම අනාවැකිය , අනුමානය ඉදිරිපත්කළේය .

මෙහිදී ඔහු සඳහන් කලේ ඉදිරි දශකය තුල යලිත් වසංගත තත්වයක් ලොව පුරා මතුවිය හැකි බවය . එය 1918 වසරේදී ලොව පුරා ව්යාප්තවූ ස්පාඥ්ඥ උන රෝගය වැනි වසංගතයක් වුවහොත් ඉන් මාස හයක කාලයක් ඇතුලත මිලියන තිහකට අධික පිරිසක් මිය යා හැකි අවටද බිල් ගේට්ස් අනුමාන කළේය ,

මෙහිදී විවිධ දත්ත හා වාර්තාද උපයෝගී කරගනිමින් තවදුරටත් අදහස් දැක්වූ බිල් ගේට්ස් පැවසුවේ , මෙම වසංගතය , ස්වභාවික හේතූන් මත මෙන්ම “ජීව අවියක” ප්‍රතිපලයක් ලෙසද ඇතිවිය හැකි බව ගේට්ස් මෙහිදී සඳහන් කළේය .

ඒ අනුව ලෝකය , යුද්ධයකට සූදානම් වන ආකාරයෙන්ම මෙවැනි වසංගතයකට මුහුනදීමට සූදානම් විය යුතු බව ද ගේට්ස් මෙහිදී ඉතා පැහැදිලිවම අනතුරු අඟවා සිටියේය.

බෝවන රෝග විශේෂඥ මයිකල් ඔස්ටෙර්හෝම්ගේ පුරෝකථනය

2005 වසරේදී ජාත්‍යන්තර සඟරාවකට ලිපියක් සපයමින් ඔස්ටර්හොම් අවධාරණය කර සිටියේ ලෝකය ඉතා තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බවකි . ඒ අනුව මීළඟ වසංගත තත්වය සඳහා මුහුණ දීමට ලෝකයම වහා සූදානම් විය යුතු බව ඔහු මෙහිදී විශේෂයෙන්ම සඳහන් කර ඇත. මේ මොහොතේ මීට අවශ්‍ය පියවර නොගතහොත් ඉදිරියේදී විශාල අර්බුදයක් මතුවන බවටද ඔහු මෙහිදී අවධාරණය කර ඇත.

එසේම 2017 වසරේ ඔහු රචනා කල කෘතියකද ඔහු පැහැදිලිවම මේ පිළිබඳව කරුණු දක්වා ඇත.
එහිදී ඔහු දක්වා ඇත්තේ ඇමෙරිකාව මෙවැනි වසංගත තත්වයකට මුහුණ දීමට කිසිදු පෙර සූදානමකින් නොසොටින බවකි.

වෛරස හා උන රෝග පිලිබඳ විශේෂඥ රොබට් වෙබ්සට්ර්ගේ පුරෝකථනය

පසුගිය දෙසැම්බරයේ ප්‍රකාශයට පත්වූ වෙබ්සට්ර්ගේ නවතම ග්‍රන්ථයේ මෙම පුරෝකථනය ඇතුලත් විය . එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ලෝක වසංගතයක් මතුවීමේ ඉතා ඉහල අවදානමක් ගොඩනැගී ඇති බවයි.

එවැනි වසංගතයක් මතුව ආ විට මිලියන ගණනක් ජනතාව ඉන් මරණයට පත්වනු ඇති බවටද ඔහු මෙහිදී අනුමාන කර ඇත.

මේ නිසා මේ වෙනුවෙන් පෙර සූදානමක් වීම අතිශය වැදගත් බවද ඔහු තම කෘතිය හරහා අවධාරණය කර ඇත.

ඇමෙරිකානු බුද්ධි අංශවල පුරෝකතනය

මිනිසුන් අතර වේගයෙන් පැතිර යා හැකි වෛරස රෝගයක් පිළිබඳව 2018 වසරේදී අමෙරිකානු බුද්ධි අංශද අනතුරු අඟවා ඇත.

ලෝකය ඉදිරියේ ඇති තර්ජන පිළිබඳව ඇමෙරිකානු බුද්ධි අංශ විසින් නිකුත කරන වාර්තාවේ මේ බව දක්වා ඇත.

2019 වසර වෙනුවෙන් ඇමෙරිකානු බුද්ධි අංශ නිකුත් කල වාර්තාවේද මේ බව විශේෂයෙන් දක්වා ඇත. වසංගත රෝගයක් යලි ලෝකය පුරා ව්‍යාප්තවිය හැකි බවත් ඒ හරහා විශාල මිනිසුන් ගණනක් මිය යා හැකි බවත් , එහි දක්වා ඇත. ලෝක ආර්ථිකයටද මෙය බරපතල පහරක් විය හැකි බවද මෙහි අනතරු අඟවා ඇත.

ඇමෙරිකාවේ යු එස් ඒඩ් (usaid) ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන ජෙරමි කොනයින් ඩයික්ගේ පුරෝකථනය

2017 වසරේදී ජාත්‍යන්තර සඟරාවකට ලිපියක් ලියමින් ජෙරමි සඳහන් කර ඇත්තේ වසංගත තවත්වයක් නුදුරේදීම යලි ලොවට බලපාන බවය . එය සිදුවන කාල සීමාව නිවැරදිවම කිව නොහැකි නමුත් එවැන්නක් සිදුවන බව ගැන සැකයක් නැත බවද ඔහු සඳහන් කර ඇත.

එම වසංගතය 1918 වසරේ මතුවූ ස්පාඥ්ඥ උණ වසංගතයට සමානවිය හැකි බවටද ඔහු අනුමාන කර ඇත.

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකා අචාර්ය ලුසියානෝ බොරියෝගේ පුරෝකථනය

ලෝක වසංගත තත්වයක් යලි මතුවිය හැකි බවටත් එය ලෝකය ඉදිරියේ ඇති ප්‍රධානතම තර්ජනය වන බවත් ඇය 2018 වසරේදී මාධ්‍ය වෙත පැහැදිලිවම සඳහන් කර ඇත.

එවැන්නකට ලෝකය සූදානම් නැති බවටද ඇය මෙහිදී චෝදනා කර ඇත.

ඇමෙරිකාවේ මැසචුසේට්ස් හි මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ පුරෝකථනය

මොවුන් මෙම අනතුරු ඇඟවීම කලේ 2006 වසරේදීය. ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෛරස් රෝගයක් මතුවි එය ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්තව යාහැකි බවත් ඊට සරිලන ලෙස සෞඛ්‍ය අංශ ශක්තිමත් කිරීමට ලෝකයම සූදානම් විය යුතු බවත් මෙම නිලධාරීන් සඳහන් කළහ.

එසේම ඇමෙරිකාව තුලද මෙවැනි තත්වයකට සරිලන ලෙස රෝහල් පද්ධතිය පුළුල් කල යුතු බවටද මෙම නිලධාරීන් වාර්තාවක් ඉදිරිපත් කරමින් රජය වෙත දැනුම් දී ඇත.

ග්‍රන්ථ කර්තෘ ඩීන් ක්නූට්ස්ගේ පුරෝකථනය

මෙය විද්‍යාත්මක දත්ත හෝ වාර්තා පදනම් කර ගත් පුරෝකතනයක් නොවේ .මෙය ප්‍රබන්ධයකි . කෙසේ වෙතත් ඩීන්ක්නූට්ස් පසුගිය 1981 වාරෙදි වුහාන් 400 නමින් ග්‍රන්ථයක් රචනා කළේය . එහි ඇත්තේද චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් පැතිරයන වෛරසයක් පිලිබඳවය .

මෙම ග්‍රන්ථයේ අඩංගු ඇතැම් කරුණු වත්මන් කොරෝනා වෛරසයට අදාළ කරුණු හා සැසඳෙන නමුත් , එසේ නොගැලපෙන කරුණු රැසක්ද මෙම කෘතියේ අඩංගු බව බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත.

උදාහරණයක් ලෙස කෘතියේ දැක්වෙන වුහාන් 400 නම් වෛරසය චීනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් නිෂ්පාදනය කරන වෛරසයක් වන අතර එහි මරණ අනුපාතය සියයට සියයකි. එම තොරතුරු කොරෝනා සමග කිසිසේත් නොගැලපේ .

අනාගතය පිලිබඳ අනාවැකි සහිත ග්‍රන්ථ කර්තෘවරියක වන සිල්වියා බ්‍රවුන් ගේ පුරෝකථනය

2008 වසරේදී ලෝක අවසානය පිළිබඳව අනාවැකි රැගත් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කරමින් සිල්වියා සඳහන් කර සිටියේ 2020 වසර ආසන්න කාලසීමාවේදී නියුමෝනියාව වැනි භයානක රෝග තත්වයක් ලොව පුරා පැතිරයාහැකි බවය . දැනට පවතින ඖෂධ වලින් ඊට ප්‍රතිකාර කල නොහැකිවනු ඇති බවද ඇය මෙහිදී සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම රෝගය ඉතා කෙටි කලකින් ලොවෙන් ඉවත්ව යනු ඇති බවද ඇය තම ග්‍රන්ථයේ සඳහන් කර ඇත.

ස්ටීවන් ස්පීල්බර්ග් අධ්‍යක්ෂණය කල ස්කොට් බර්න්ස් තිර රචනය කල “කන්ටජියන්” ( contagion ) සිනමා පටයේ පුරෝකථනය

2011 වසරේදී තිරගත වූ මෙම සිනපා පටයේ අඩංගුවන්නේද භයානක වෛරස රෝගයක් පිලිබඳ කතා පුවතකි , එම වෛරසය මුලින්ම වවුලෙකු හරහා ඌරෙකු වෙත සම්ප්‍රේශනය වී අනතුරුව එය මිනිසෙකුට සම්ප්‍රේෂණය වන අකාරය මෙහි දැක්වේ.

කෙසේ වෙතත් සිනමා පටයේ දැක්වෙන ආකාරයට මෙම වෛරස රෝගයේ මරණ අනුපාතය ඉතා ඉහලය

නොස්ට්‍රදාමුස් ගේ පුරෝකථනය

වසර 1555 වකවානුවේදී අනාගත වක්තෘ වරයෙකු මෙන්ම නක්ෂත්‍රකරුවෙකු වූ සුප්‍රසිද්ධ නොස්ට්‍රදාමුස් , ලෝකයේ අනාගතය ගැන ව්‍යංගයෙන් කරුණු දක්වන ග්‍රන්ථයක් රචනා කළේය . එහි ඇත්තේ අනාගතය ගැන ව්‍යංග ලෙස කියවෙන කෙටි පැදි දහසකි.

මෙම පැදි අතර වත්මන් කොරෝනා වසංගතය ගැනද සඳහන් වන බව ඇතැමුන් පවසති. ඉතාලියට අත්වන විනාශය පිළිබඳව මෙන්ම නගර වසා දැමීම පිළිබඳවද මෙම පැදි හරහා පැහැදිලිවන බව ඇතැමුන් සඳහන් කරති.

කෙසේ වෙතත්නො ට්‍රදමුස් තම අනාවැකි කිසිවක් ඍජු ලෙස හෝ පැහැදිලි ලෙස දක්වා නොමැති බැවින් ඒවා පිළිබඳව තර්ක විතර්ක හා අදහස් රැසක් පවතී.

එම අනාවැකි පිළිබඳව විශ්වාසය පලකරන පිරිස් නම් සඳහන් කරනුයේ එම අනාවකි හොඳින් අධ්‍යයනය කළහොත් ලොව ඉදිරියේ ඇති අනතුරු සියල්ල පිළිබඳව ආබෝධ කරගත හැකි බවය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී