නවතම පුවත්

කොරෝනා යුද්ධය ජය ගන්න දිවි පරදුවට තබන අපේ හමුදාව

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

•      නිරෝධාන මධ්‍යස්ථානවල 3518 හිටියා
•      රෝගීන් 31 ක් ඒ තැන්වලත් හිටියා
• හැබැයි අනෙක් අයට බෝ නොවුන රහස
• යුද හමුදාපති ලු.ජෙනාරාල් ශවේන්ද්‍ර කියයි

සටන් ඉතිහාසය ගැන බොහෝ කාරණාත්, මෙයට අවුරුදු 15කට පමණ ඈත සිට යුද බිමට ගොස් වාර්තා කළ මතකයත් අලුත්වෙමින් තිබේ.
ඒ මතකය අලුත් කරන්නේ කොවිඩ්-19 (කොරෝනා) යුද්ධයයි. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද මෙන් මේ වේලාවේ නොලියන පෑනකින් ඇති වැඩේ කුමක්දැයි මේ යුද්ධයේ කෙළවරක් දුටු දාක හැගෙන්නට පුළුවනි.

කලක අවලංගු කාසිවී නැවත දීප්තියෙන් ඔප මදින ලද කාසියක මෙන් දිලිසෙන අප දෙස දේශපාලන මතවාද කන්ණාඩියෙන් නොබලන්නැයි පුර්විකාවේම ඉල්ලා සිටිය යුතුය. ඊට හේතුව හමුදාව මෙන්ම මෙවන් ව්‍යවසනයකදී ඉදිරියට පැමිණෙන අනෙකුත් වෛද්‍ය ඇතුළු සියලු ක්ෂේත්‍රවල සේවක සේවිකාවනුත් ඔබ විසින් තවත් දිනෙක අමතක කර දමන ඉතිහාසගත සාක්ෂිය නිසා මාධ්‍යවේදියෙකුට ඉන් එහාගිය යමක් සිදුනොවේ.
මානුෂිය මෙහෙයුම ආරම්භ වී ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය දරුණු අතට හැරෙමින් තිබියදිත් ඇතමෙක් එදා හමුදාවට මෙය ජය ගත හැකි යුද්ධයක්දැයි විමසුහ. යුද්ධය කුමන පාර්ශවයකට වුවද අමිහිරිය. මිනිසුන් දහස් ගණනක් ඒ මත දිවි පිදූහ. නමුත් අවසානයේ එහි කෙළවරක් වු නිසා අදටත් දිනපතා මියැදෙන කුමන හෝ ජනවර්ගයක මිනිස් කොට්ඨාශයක් නොමැතිවීම රටක් ලෙස අප ලැබු ජයග්‍රහණයකි.
ඉන් අනතුරුව හමුදාව ගැන අවධානය යොමුවුයේ ගංවතුර, කුණාටු හෝ විශේෂ අවශ්‍යතාවක් ඇතිවූ කාල වකවානුවලදී පමණි. ඇතැම් රාජ්‍ය පාලන ක්‍රමවේද ඔස්සේද හමුදාව අවලංගු වී ගිය අවස්ථා තිබිණි. බුද්ධි අංශ අකර්මරණය වී කොළඹ මර්මස්ථානවලට සහරාන්ලා බෝම්බ ප්‍රහාර එල්ල කරන තුරු නොදත් කාලයක්ද තිබිණි.


ඒ සෑම අවස්ථාවකම රටට අහිමිවී ගියේ ජීවිතයි. අදත් අපට ඒ පිළිබද සිහිවනවිට දෑස් තෙත් කරන්නේ බේරාගත හැකිව තිබු ජීවත අපට අහිමිවී ගියා වැනි හැගීම හිතට දැනෙන නිසාය


කොරෝනා යුද්ධය ඇරඹී ඇත්තේ නෙපෙනෙන සතුරෙකු සමගය. කොවිඩ් -19 ඉතා දියුණුයැයි කියු රටවලටත් ඔච්චම් කරමින් සිටියි. ලෝකය රො‌බෝවරුන්ට භාරදෙමින් සිටින, අගහරු ජය ගැනීමට තාක්ෂණය දියුණු කරන පරිසරයක් පවතින රටවල්වලට පවා කොරෝනා යුද්ධය ජය ගැනීම සුළුපටු වී නැත.


මා මේ ලිපිය ලියන මොහොතවනවිට ලෝකයේ කොරෝනා මරණ ගණන 16355කි. වෛරසය වැළදුනු රෝගීන් ගණන 256816කි. ඔවුන්ගෙන් 12211 මේ අකුරු නලියන මොහොතෙත් සිටිනුයේ ජීවිතය හා මරණය අතර සටනකය. මෙවන් යුද්ධයක් ආ පසු ඊට සටන් කරන්නට පෙරමුණ ගන්නේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයි.


කොවිඩ් -19 පරාජය කිරීමට වෛද්‍යවරුන්, පර්යේෂකයන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල අපමණ වෙහෙසක් ගන්නාවිට,ලියා අවසන් කළ නොහැකි තරම් ක්ෂේත්‍ර ගණනාවක මිනිස්සු ඊට සහය පළ කරති. ඒ අතර ශ්‍රි ලංකාවේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඉදිරියෙන්ම සිටින බව නොරහසකි.
ත්‍රස්ත ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර දෙනවිට හුරේ දැමු පිරිසක් මෙන් කොවිඩ් -19 යුද්ධය ජය ගැනීමේ මේ මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටියදී හමුදාවට දිනපතා හුරේ දමන පිරිසක් ඇතිවිය යුතු නැත. නමුත් නෙපෙනෙන සතුරකු වෙනුවෙන්, නුහුරු අත්දැකීමක් සමග වුවද කොවිඩ්-19 මාරයා අසලටම යමින් ජනතාව බේරා ගැනීමේ සටනට හමුදාව පෙරමුණ ගත්හ.


යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස පත්වන්නටත් පෙර ඔවුන් මෙම යුද්ධයට මුහුණදීම අරඹා තිබුනේය. ගුවන් මගින් කටුනායකට පැමිණෙන ගුවන් මගින් නිරෝධායනය කිරීමේ වගකීම සම්පූර්ණයෙන් පැවරුනේ ඔවුන්ටය.


වුහාන් සිට මෙරටට මුදාගෙන ආ ශ්‍රි ලාංකේය දරුවන් රදවන්නට නිමේශයකින් නිරෝධායන රෝහලක් ඉදි කළ යුද හමුදාව එතැන් පටන් කන්දකාඩු ඇතුළු නිරෝධායන මධ්‍යස්ථාන 45ක් ඉදි කළහ. ඒ වෙනුවෙන් නිලධාරින් සමග දිවා රෑ වෙහසවී වැඩ කළේ සෙසු නිලයන්ය.
අපේ ළමයි ( හමුදා සාමාජිකයන්) දිවා රෑ නොබලා මේ නිරෝධායන මධ්‍යස්ථාන ඉදි කළා. ඔවුන්ට නින්දක් තිබුණෙ නැහැ. වැටිච්ච තැන්වල ඇලවෙමින් ආයේ නැගිටිමින් ඔවුන් ඉතා ඉක්මනට නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකළා. නමුත් අපි කරන සේවය අවඥාවට ලක්කරන්න ඇතමෙක් අපි බෝතල් කපලා ඒවාට තේ දාලා දෙනවා කිව්වා. වැසිකිලි හොද නෑ කිව්වා. හමුදාව අපේ රටේ මිනිස්සුන්ට කවදාවක් එහෙම නොකරන බව අප දැන සිටියා. අපි අපේ කාර්යය කළා. යැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා පැවැසුවේය.


මගේ පැනය වුයේ මෙතරම් අඩු පහසුකම්යැයි සැලකූ තැන්වල සිටි නිරෝධායනය වන 3518 ක පිරිසකට කොවිඩ් 19 බෝනොවීමට ගත් උපක්‍රමික රහස කුමක්ද යන්නයි.


මෙම මධ්‍යස්ථාන 45න් ආසාදනය වු 31 දෙනයි හමුවුණේ, ඔවුන් මෙරටට පැමිණෙනවිටත් කොරෝනා අසාධනය වී සිටි පුද්ගලයන්. හැබැයි මේ අය අතර යම් කලහකාරි ලෙස හැසුරුණු පුද්ගලයන් පාලනය කිරීමට ගොස් අපේ නිලධාරියෙකුට (මේජර්වරයෙක්) ටත් රෝගය ආසාධනය වුණා. නමුත් අපි අපේ යුතුකම නිවැරදිව ඉෂ්ට කළා. තවදුරටත් ඉෂ්ට කරමින් සිටිනවා. ඇදන් අතර පරතරය මීටර් එක හමාරට වැඩිය තිව්වා. වෛද්‍ය නිර්දේශ පිළිපදිමින් ඔවුන්ව නිරෝධායනයට යොමු කළා. දැනටත් ඔවුන් ඉතා හොදින් නිරෝධායනට ලක්වෙමින් සිටිනවා. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 නිරෝධායනට අවසන් කළ 313 දෙනෙකු අද නිවෙස්වලට යනවා. රටක් ලෙස, ජනාධිපති, අගමැති ඇතුළු රජය , සමස්ත ජනතාව මේ ගැන සතුටු විය යුතුයි. වෛරසය වැළදී තිබු අයත් සමග එකට සිට පසුව නිරෝධායනයවී මෙතරම් (3518) පිරිසක් අනාගතයේ නිවෙස් කරා යැවීමට හැකිවුවහොත් එය ලෝක ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් වේවි යැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවැසුවේය.
ඒසේ කී හමුදාපතිවරයා ඉදිරි සතිය තීරණාත්මකයැයි කීවේ ජනතාව වඩාත් පරෙස්සම් විය යුතු කාලය ඉදිරියට පැමිණෙන බව හගවමිනි. යුද හමුදාව මෙන්ම නාවික හා ගුවන් හමුදාවත් දෛනිකව ඔවුන්ගේ යුතුකම් නොපිරිහෙලා ඉටු කරමින් සිටියි.


රට ට සේන්දුවන සියලු නෞකා හා කාර්ය මණ්ඩල නිරෝධායන මධ්‍යස්ථනවලට යොමු කිරීම, නව නිපැයුම් නිර්මාණ කරමින් විෂබීජහරණ කුටි නිෂ්පාදනය, රටේ සියලු රාජ්‍ය ආයතන පරිශ්‍රයන් හා පොදු ස්ථාන විෂබීජහරණය කිරීමට නාවික හමුදාව පෙරමුණ ගෙන සිටියි.

ගුවන් හමුදාව සිය හෙලිකොප්ටර් ඇණිය විෂබීජහරණය කළ හැකි විෂබීජ නාශක ඉසින සහිතන සකස් කර තිබේ. ඔවුන්ගේම ඇගලුම් මධ්‍යස්ථානවල වෛද්‍ය කාර්ය මණ්ඩලවලට ඇදීමට අවශ්‍ය ආරක්ෂිත ඇදුම් පිළියෙල කර භාරදෙයි. වැලිසර රෝහලක් ඉදිකර තවත් රෝහල් පරිශ්‍රයක් අයි.ඩී.එච් හි ඉදිකරමින් සිටියි.


වෙනදා විරෝධතාකරුවන් පලවා හැරීමට භාවිතා කළ කදුළු ගෑස් ඉසින රථ අද කොවිඩ් මාරයා පළවා හැරීමට යෙදවීමට පොලිසිය කටයුතු කරමින් සිටියි. ඒ අතර සැගවී සිටින අසාධිත සැකකරුවන් සොයා වැටලීම් කිරිමටත්, සෞඛ්‍ය අංශ සමග එක්ව මහජනතාව විසි හතර පැයේම දැනුවත් කිරීමටත් කටයුතු කරයි. ඒ අතර නීතිය කඩන උන් අත්අඩංගුවට ගැනීමට සිදුව ඇත්තේද පොලිසියටයි.


මේ සියලු හමුදා හා පොලිසියට අමතරව ජාතික බුද්ධි සේවය, යුද ගුවන් නාවික බුද්ධි අංශ, සහ ඊට අනුබද්ධික බුද්ධි අංශත් මේ වනවිට පැටලී තිබෙන්නේ කොරෝනා යුද්ධයට අදාල ඔවුන්ට පැවරෙන කාර්යන්වලය.


මෙම ලිපිය ලියනවිටත් ලන්ඩනයේ මාගේ මිතුරියක් කීවේ, ඔවුන්ට රෝගී තත්ත්වයක් තිබුණද නිවසටම වී සිටින ලෙස දන්වා ඇති අතර හුස්ම ගැනීම අපහසුම තැන ආවාට පසු රෝහලට අමතන ලෙසයි. එසේ ගත් කළ දැන් යුරෝපයේත් අනෙකුත් දියුණු රටවල සිටින ශ්‍රි ලාංකේය පිරිසත් මෙරට නිරෝධායන වැඩපිළිවෙල අගය කරමින් සමාජ ජාලවල අදහස් දක්වමින් සිටිති.


චීනයේ 3270ක්, ඉතාලියේ 6077, ඇමෙරිකාවේ 517ක්, ස්පාක්ඥයේ 2207ක්, ජර්මනියේ 123ක්,ඉරානයේ 1812ක්,ප්‍රංශයේ 860ක්, එංගලන්තයේ 335ක්, කැනඩාවේ 23ක් අද (24) උදෑසන වනවිට කොරෝනා වසංගතයෙන් මෙලව හැරගොස් සිටිති.


දැන් ශ්‍රි ලංකාවේ ආසාදිතයන් ගණන 100 ළගාවී තිබෙන නිසා වඩා පරෙස්සම් විය යුත්තේ දැන්ය. වෛද්‍යවරුන්ට,සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට, ඔවුන්ගේ පවුල්වල දරුවන් ඇතුළු සියලු දෙනාටත් අප වෙනුවෙන් සටන් කිරීමට ශක්තියක් හදවතට පැමිණෙන්නේ අප ඒ වෙනුවෙන් කරන කැප කිරීම් දකින විටය. හමුදාවේ කැපවීම් ශක්තියක් ලෙස දකින ඔවුන්ට, ජනතාව ලෙස අප වෛද්‍ය උපදෙස් හා නිර්දේශ පිළපදිමින් මේ මොහොතේ ඔවුන්ට ශක්තියක් වෙමු. ඇදිරි කැඩෙන විට බුරුතු පිටින් හංදි ගානේ රැස්නොකා නිවෙස්වලම රැදෙමින් අපි අපේ යුතුකම ඉටුකරමු.
අපි අපේ බුද්ධියෙන් කොවිඩ්-19 පරාජය කරමු.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි