නවතම පුවත්

කොරෝනා වෛරසයෙන් දිවි ගලවා ගත් අයගේ රුධිරය ජීවිත බේරා ගැනීමට යොදාගත හැක්කේ කෙසේද?

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

(මෙම ලිපිය පෙළගැස්වුයේ ඇමරිකා එකසත් ජනපදයේ එන්නත් නිපදවීමේ හා ප්‍රතිශක්ති චිකිත්සාව පිළිබද විශේෂඥයෙකු වන ආචාර්ය රොෂාන් ලියනගේ විසිනි)

කොරෝනා වයිරස් ආසාදනයෙන් සුවය ලැබූ අයෙකු චීනයේ සූපින් හි රුධිර ප්ලාස්මා පරිත්‍යාග කරයි. Credit: AFP/Getty

අද වනවිට COVID-19 වසංගත තත්ත්වය නිසා ලෝකය පුරා ආසාදනය වීම් 467000ක් ඉක්මවා ඇති අතර එමගින් සිදුවූ මරණ සංඛ්‍යාව 21,200කට වඩා වේ. චීනය විසින් ආරම්භ කර අද වන විට  නිව්යෝර්ක් නගරයේ රෝහල් වල දියත් කිරීමට සූදානම් COVID-19 වලින් සුවය ලැබූ අයගේ රුධිරය ලබා දීමෙන් රෝගීන්ට ප්‍රතිකාරකිරීම (The convalescent-plasma approach) යොදාගත හැකිය.

නිව්යෝර්ක් නගරයේ රෝහල් වල පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ ආසාදනයකින් දිවි ගලවා ගත් අයගේ ප්‍රතිදේහජනක වලින් සමන්විත රුධිරය රෝගීන්ට ලබා දීමේ  ශතවර්ශයකට වඩා පැරණි ප්‍රතිකාර ක්‍රමය දියත් කිරීමටයි.

පසු ගිය කාල වලදී පැන නැගුනු සාර්ස් (SARS) සහ ඉබෝලා (Ebola) වසංගත තත්ත්ව  වලදීද  මෙම ප්ලාස්මා ප්‍රවේශය මගින් යම් සාර්ථකත්වයක් අත්කර ගෙන ඇත. නමුත් එක්සත් ජනපද පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ ප්‍රතිදේහවලින් පිරී ඇති දායකයන්ගේ රුධිරය තෝරාගෙන ප්‍රතිලාභ ලැබීමට බොහෝ දුරට ඉඩ ඇති රෝගීන්ට ලබා දීමෙන් ප්‍රතිකාරයේ මෙහි සාර්ථකත්වය වැඩි කරගත හැකි බවයි. 

ප්ලාස්මා ප්‍රතිකාර ක්‍රමයේ ඇති ප්‍රධාන වාසියක් නම් එය ඉතා ඉක්මනින් සුවවූ පුද්ගලයන්ගෙන් ලබා ගත හැකි අතර ‌ඖෂධ සහ එන්නත් සොයා ගැනීමට මාස ගණනක් හෝ අවුරුදු ගණනක් ගත වීමයි. මේ ආකාරයෙන් සුවවුවන්ගේ ප්ලාස්මා වෛරස් සහ වෙනත් බෝවන කාරක සඳහා පරීක්ෂාවට ලක් කර තිබේ නම් සාපේක්ෂව ආරක්ෂිත ක්‍රමයකි. 

විද්‍යාඥයන් විසින් ප්ලාස්මා ක්‍රමය භාවිතා කිරීමෙන් බලාපොරොත්තු වන්නේ එය මූලික වශයෙන්  බරපතල ආසාදන නැවැත්වීමේ පියවරක් ලෙස යෙදවීමටත් එමගින් රෝහල්වල දැඩිසත්කාර ඒකකයන් රෝගීන්ගෙන් පිරී ඉතිරි යාමෙන් ඉතාලියේ මෙන් තත්ත්වයක් ඇති වීම වලක්වා ගැනීමයි. එනිසා මෙම ප්‍රතිකාර ක්‍රමය හැකි පමණ ඉක්මනින් රෝහල්තුළ ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. මාර්තු මස 23වන දින එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය (FDA) ප්‍රකාශ කළේ අවශ්‍යතා ඇති රෝගීන් සඳහා හදිසි භාවිතයට (Emergency Use) ප්ලාස්මා ප්‍රතිකාරයට අවසර දෙන බවයි.

විද්‍යාඥයින් විසින් මෙම ප්ලාස්මා ප්‍රතිකාර ප්‍රවේශය සක්‍රීය නොවන ප්‍රතිදේහ චිකිත්සාව (passive antibody therapy) ලෙස හඳුන්වන්නේ පුද්ගලයෙකු ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ජනනය කරනවාට වඩා බාහිරින් ප්‍රතිදේහ ලබා ගන්නා නිසාය.

මෙම ප්‍රවේශය 1890 දශකය දක්වා දිව යයි. විශාලතම රෝගීන් අධ්‍යයන වලින් එකක් සිදු වූයේ 1918 H1N1 ඉන්ෆ්ලුවෙන්සා වෛරස් වසංගතය අතරතුරය. රෝගීන් 1,700 කට වඩා වැඩි සංඛ්‍යාවක් දිවි ගලවා ගත් අයගෙන් ප්ලාස්මා ලබා ගත් නමුත් එම අධ්‍යනයන් වර්තමාන ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කර නොමැති නිසා නිගමන ලබා ගැනීම දුෂ්කරය. නමුත් 2002-03 දී SARS පැතිර යාමේදී හොංකොං හි 80 දෙනෙකුගෙන් යුත් අත්හදා බැලීම් 2 ක් මගින් සොයා ගත්තේ රෝග ලක්ෂණ පෙන්නුම් කර සති 2 ක් ඇතුළත ප්‍රතිකාර ලැබූ පුද්ගලයින්ට ප්‍රතිකාර ලබා නොගත් අයට වඩා රෝහලෙන් පිටව යාමට වැඩි ඉඩක් ඇති බවයි. මීට අමතරව දිවි ගලවා ගත් අයගේ රුධිරය අප්‍රිකාවේ අවම වශයෙන් ඉබෝලා වෛරස් දෙකකින්වත් පරීක්ෂා කර ඇත.

මේරිලන්ඩ්හි බැල්ටිමෝර් නගරයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා මහාචාර්ය ආටුරෝ කැසඩෙවාල් යෝජනා කරන්නේ මාරාන්තික රෝගයේ මුල් අවධියේ සහභාගී වූවන් පමණක් පර්යේෂකයන් විසින් බඳවාගෙන තිබුනේ නම් එම ප්‍රතිකාරයෙන් ඉහළ කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කළ හැකි බවයි.

පෙබරවාරි මස මුල සිට චීනයේ පර්යේෂකයන් ප්ලාස්මා භාවිතයෙන් අධ්‍යයනයන් කිහිපයක් කර ඇත. මෙම අධ්‍යයනයන්හි තත්ත්වය සහ ප්‍රතිපල පිළිබඳව පර්යේෂකයන් තවමත් වාර්තා කර නොමැත. නමුත් චීනයේ ෂෙජියැන්ග් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ බෝවන රෝග විශේෂඥයෙකු වන ලියාං යූ නේචර් සගරාවට පවසා ඇත්තේ එක් මූලික අධ්‍යයනයකදී වෛද්‍යවරුන් විසින් COVID-19 රෝගයෙන් පීඩා විඳි 13 දෙනෙකුට සුවවුවන්ගේ ප්ලාස්මා මගින් ප්‍රතිකාර කළ බවයි. ඔහු පවසන්නේ දින කිහිපයක් ඇතුළත වෛරසය තවදුරටත් රෝගීන් තුළ සංසරණය නොවන බවයි. එයින් පෙන්නුම් කරන්නේ ප්‍රතිදේහ එයට එරෙහිව සටන් කළ බවයි.

සමාගම් වලින් මිලදී ගත් ඖෂධ නිෂ්පාදනයක් මෙන් නොව මෙම ප්‍රතිකාරය ආසාදනය වූ පුද්ගලයින් විසින් නිර්මාණය කරනු ලැබීම ප්ලාස්මා ප්‍රතිකාර ක්‍රමයේ විශේෂත්වයයි. මෙම ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට අදාළ අංශයන් පියවර ගන්නේ නම් ඒ සදහා අවශ්‍ය වන ප්‍රොටෝකෝල් (පහත දක්වා ඇත) මහාචාර්ය ආටුරෝ කැසඩෙවාල් විසින් නොමිලේ ලබා ගත හැකි ලෙස ccpp19.org යන අන්තර්ජාල අඩවියේ පෙළගස්වා ඇත.

Testing donors for antibody status, viral infection and contraindications for donation

Administering convalescent plasma to COVID-19 patients

Register patients in a PHI-safe way via [RedCap survey]

Provide light-weight documentation each day on how the patient is doing (better, worse, same, discharge, death)

ඇමරිකා එකසත් ජනපදයේ එන්නත් නිපදවීමේ හා ප්‍රතිශක්ති චිකිත්සාව පිළිබද විශේෂඥයෙකු වන ආචාර්ය රොෂාන් ලියනගේ විසිනි
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි