නවතම පුවත්

කොවිඩ් එන්නත්කරණයේ ‘ප්‍රගති වාර්තාව’

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝක ඉතිහාසයේ විශාලතම එන්නත්කරණ වැඩසටහන ලෙස සැලකෙන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ආරම්භවී මේ වනවිට වසරකට ආසන්න කාලයක් ගෙවී ඇත .

මේ වන විට කොවිඩ් වෛරසයට එරෙහි ,එන්නත් මාත්‍රා බිලියන හතකට වැඩි සංඛ්‍යාවක් ලොව පුරා රටවල් 197ක දී ලබා දී ඇති නමුත් ලොව විවිධ  විවිධ කලාප වල  විවිධ රටවල , එන්නත්කරණ ප්‍රගතියේ විශාල වෙනස්කම්, විශමතා  දක්නට හැකි ය.

සිය ජනගහණයෙන් විශාල කොටසක් සඳහා මාත්‍රා මිළට ගෙන එන්නත්කරණය සිදු කිරීමට ඇතැම් රටවල් සමත්ව ඇති නමුත්, තවත් සමහර රටවල් සිටින්නේ ඉතාමත්  පසුපසිනි.

සතුටට කරුණ නම් අපගේ  ශ්‍රී ලකාව මේ වනවිට එන්නත්කරන ක්‍රියාවලිය අතින් ලොව සාර්ථකම  රටවල් කාණ්ඩයට ඇතුලත්ව සිටීමය , නමුත් කනගාටුවට කරුණ වන්නේ තවමත් එන්නත්කරණ ප්‍රතිශතය සියයට 10ක් වත්  නොඉක්මවූ රටවල් රාශියක් ලොව පුරා තිබෙනු දැකීමය .AU launches Partnership for African Vaccine Manufacturing | Devex

ඒ අනුව යුරෝපයේ සහ ඇමරිකාවේ රටවල එන්නත්කරණ ව්‍යාපාර හොඳ ප්‍රගතියක් ලබමින් තිබුණ ද, අප්‍රිකාවේ බොහෝ රටවල් එන්නත් සපයාගැනීමේ ගැටලුවට මුහුණ පා සිටියි.

කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳව සජීවීව තොරතුරු මෙතනින්  ලබාගන්න

සමස්තයක් වශයෙන් ගත්කල චීනය සහ ඉන්දියාව ඉහළම එන්නත් මාත්‍රා ප්‍රමාණයක් (පිළිවෙලින් බිලියන 2.4ක් සහ 1.1ක්) ලබාදී ඇත. එන්නත් මාත්‍රා මිලියන 440ක් ලබා දී ඇති එක්සත් ජනපදය තෙවන ස්ථානයේ පසුවෙයි.

මෙවසරේ සැප්තැම්බර් මස අවසන් වන විට ලොව සියලු රටවල ජනගහණයෙන් 10%ක් කොවිඩ්-19ට එරෙහිව සම්පූර්ණයෙන්ම එන්නත්කර තිබිය යුතුබවට ඉලක්කයක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පිහිටුවා තිබුණි. එනමුත්, රටවල් 50කට අධික සංඛ්‍යාවක් ඉලක්කගත ආරක්ෂාව ලබාගැනීමට අපොහොසත්ව සිටියි.

මේ වසර අවසාන වන විට රටක ජනගහණයෙන් 40%ක් ද, 2022 වර්ෂයේ මැදභාගය වන විට ජනගහණයෙන් 70%ක් ද සම්පූර්ණයෙන්ම එන්නත්කර තිබිය යුතු ය යන නව ඉලක්කය ළඟාකර ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට උත්සාහ දරයි.

FILE PHOTO: A medical worker prepares a syringe at a coronavirus disease (COVID-19) vaccination center in Singapore, March 8, 2021. REUTERS/Edgar Su/File Photo

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම ඉලක්ක හා සසඳා බලන විට  ශ්‍රී ලංකාව පසුවන්නේ ඉතාමත් සාර්ථක හා ඉහල ස්ථානයකය .

දැනටමත්  මෙරට ජනගහනයෙන් 60% කට අධික පිරිසක් එන්නත්කරණයට ලක්කිරීමට ශ්‍රී ලංකාව සමත්ව සිටින අතර, ඒ අනුව  මේ වසර අවසානයේදීම ජගහනයෙන් 70%ක් එන්නත් කිරීමේ ඉලක්කය ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත .

ශ්‍රී ලංකාව  මේ වනවිට ‘ බූස්ටර්” එන්නත පවා  ලබාදීම ආරම්භ කර ඇති නමුත් තවමත් කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව හෝ ලබාදීම ආරම්භ නොකළ රටවල් රැසක්ද ලොවපුරා පවතී .

කෙසේ වෙතත් ලෝකයේ  සෑම රටක්ම එක ලෙස  කොවිඩ් තර්ජනයෙන්  මිදෙන තුරු , මෙම වසංගතය පරාජය කල නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම අවධාරණය කර සිටින කරුණකි .  අපේ රටේ එන්නත්කරණ වැඩපිළිවෙල දිහා පමණක් බලා සතුටුවීමට අපට හැකියාවක් නැත්තේ ඒ නිසාවෙනි .

බොහෝ දුප්පත් රටවල් එන්නත් ලබාගැනීම සඳහා තවමත්  සිය විශ්වාසය තබා ඇත්තේ කොවැක්ස් වැඩසටහන කෙරෙහි ය. ලෝක සෞඛ්‍ය සංවිධානය ද, වසංගතය සඳහා සූදානම් වීමේ නවෝත්පාදන පිළිබඳ සන්ධානය ද (CEPI) සමග Gavi, the Vaccine Alliance නම් සංවිධානය ඇරඹූ කොවැක්ස් වැඩසටහන, ලොව සෑම පුද්ගලයෙකුටම කොවිඩ් එන්නතකට ප්‍රවේශය ඇතිබව සහතික කිරීමට උත්සාහ දරයි.

නමුත් එම  කොවැක්ස් වැඩසටහනද බලාපොරොත්තුවූ මට්ටමේ සාර්ථකත්වයක් මෙතෙක් අත්කරගෙන නැත . මේ වසරේ අවසානය වන විට ලොව පුරා එන්නත් මාත්‍රා බිලියන දෙකක් පමණ බෙදා හැරීමට කොවැක්ස් වැඩසටහන මඟින් සැලසුම්කර තිබුණ ද, මේ වන විට සිය සැපයුම් පුරෝකථනය 25%කින් පමණ (මාත්‍රා බිලියන 1.4ක් දක්වා) පහත හෙළා ඇත.

ගෝලීය අපනයන තහනම, නිෂ්පාදනයේ දී මුහුණපානා අභියෝග, සහ අනුමත කිරීමේ හා නියාමන ක්‍රියාවලීන්ගේ මන්දගාමීත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්වය මතුවී ඇති බව කොවැක්ස් වැඩසටහනේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පැවසීය .

කෙසේ වෙතත්  දැනට මෙම වැඩසටහන මඟින් ලොව පුරා බෙදා දී ඇති මාත්‍රා සංඛ්‍යාව මිලියන 435කට අධික ය. එම වැඩසටහන නොතිබෙන්නට ලොව පුරා දිළිඳු  රටවල් රැසක එන්නත්කරන වැඩපිළිවෙලවල් දැනටත් වඩා  අසාර්ථක වන්නට ඉඩ තිබිණ.

G7 රටවල නායකයින් ද සෘජුව හෝ කොවැක්ස් වැඩසටහන හරහා දුප්පත් රටවලට එන්නත් මාත්‍රා බිලියනයක් සැපයීමට ප්‍රතිඥා දී ඇත. නමුත් එම ඉලක්ක ජයගැනීමට නම් එම රටවල්වල පූර්ණ හා අවංක කැපවීම අත්‍යාවශ්‍යවේ .

ලොව පුරා   බොහෝ රජයයන් එන්නත් ලබාදීම ආරම්භ කළේ වයස අවු. 60ට වැඩි පුද්ගලයින්, සෞඛ්‍ය සේවකයින්, සහ සායනික වශයෙන් වැඩි අවදානම් කාණ්ඩයේ පුද්ගලයන්ගෙනි. ප්‍රමුඛතා කණ්ඩායම් එන්නත්කරණයෙන් පසු තරුණ වයස්වල පසුවන්නන්ට බහුලවම එන්නත් ලබාදෙනු ලැබීය. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපය, සහ තවත් රටවල, වයස අවු. 12 – 15 අතර දරුවන්ට ලබාදීම සඳහා ෆයිසර් එන්නත අනුමත වී ඇත. චීනයේ සහ කොලොම්බියාවේ වයස අවු. තුනක් පමණම ළාබාල දරුවන්ට ද සිනොවැක් එන්නත ලබාදෙනු ලැබේ.

කොවිඩ් වසංගත තත්වයෙන්  ගැලවීම සඳහා මුළු මහත් ලෝකයම තවමත් උපරිම ලෙස විශ්වාසය තබා තිබෙන්නේ කොවිඩ් එන්නත මතය . කොවිඩ් එන්නත , මගින් කොවිඩ් සම්පූර්ණයෙන්ම මර්ධනය කල නොහැකි නමුත් ඒ  මඟින් රෝහල්ගතවීම් සහ මරණ සංඛ්‍යාව අඩු කරනබවට විශ්වාසනීය ලකුණු ගෙවුණු වසර පුරා ලැබුණු අත්දැකීම් , අත්හදාබැලීම්  හා සිදුකෙරුණු විවිධ පර්යේෂණ වලින් තහවුරුවෙමින් පවතී . කොවිඩ් ග්‍රහණයෙන් සිරවී සිටි ලෝකයට යන්තම් හෝ  . සහනයකට ඉඩ සැලසී ඇත්තේද මෙම එන්නත හේතුවෙනි .

පසුගිය වසරක පමණ කාලසීමාව පුරා එන්නත්කරණ වැඩසටහන් ඉලක්කගත අයුරින්ම සාර්ථක කරගැනීමට නොහැකිවූයේ ප්‍රධාන වශයෙන්ම ” එන්නත් ජාතිකවාදය ” නිසාය . එන්නත් ජාතිකවාදය” යන යෙදුම පවා පසුගිය කාලයේ  භාවිතයට පැමිණියේ , එන්නත් සැපයුම  තම ජනතාව වෙනුවෙන් වෙන් කරවා ගැනීම සඳහා ජාතික ආණ්ඩු කෑදර සහ අසාධාරණ ලෙස ක්‍රියා කිරීම හැඳින්වීමට ය. ඖෂධ නිෂ්පාදනය කරන රටවල් සමඟ ද්විපාර්ශවික ගිවිසුම් ඇති කර ගනිමින් තමන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අතිශයින් වැඩි එන්නත් තොග මිලදී ගැනීමට මෙලෙස  බොහෝ ධනවත් රාජ්‍යයන් පසුගිය කාල පුරා කටයුතු කළේය . , ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්කගත වැඩසටහන් පවා අසාර්ථක වුයේ මෙම “එන්නත් ජාතිකවාදයේ’ ප්‍රතිඵලයක් ලෙසය .

මින් ඉදිරියට හෝ  අප මෙම අඩුපාඩු සකසා ගතයුතුව ඇත .ලොව පුරා බලවත් රාජ්‍යයන් පසුගිය කාලය තුලදී මෙන් ,  කෑදර ලෙස  තම රටවල් තුලම කොවිඩ්  එන්නත් ගොඩ ගසා ගැනීමෙන් වැළකී ,   දිළිඳු රටවලටද අවශ්‍ය එන්නත් මාත්‍රාවන් හා සෞඛ්‍ය පහසුකම් නිසිලෙස  ලබාදීමට අවංකව පියවර ගතහොත්  , ලෝක සෞඛ්‍ය සංවිධානයේ   එන්නත්කරණ ඉලක්කයන් යතාර්ථයක් කරගැනීමට හැකිවනු ඇත . එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයද මෙම  “එන්නත් ජාතිකවාදය’ මැඩලීමට අවශ්‍ය පියවර ගැනීමද ඉතා වැදගත්ය .  එසේ වුවහොත් 2022 වසරේදී හෝ  , කොවිඩ් වසංගතයෙන් මිදී ” නිදහසේ හුස්මක් ” ගැනීමට අපට හැකිවනු ඇත .

 

(පැතුම් වික්‍රමරත්න) 

[email protected]

0758336253 

 

.

 

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී