නවතම පුවත්

“ගෑස් පිපිරුම්” ගැන ඉංජිනේරුවෙක්ගෙන් පැහැදිලිකිරීමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ෆේස්බුක් ගෑස් පිපිරීම් රැල්ලට ඔබත් හසු වුණාද ? වේදිකාව පිටුපස කතාව වෙනස්. සම්පූර්ණයෙන් කියවා තේරුම් ගන්න.

ප්‍රශ්නය සංකීර්ණයි. මහා කුමන්ත්‍රණයක් අප ඉදිරියේ. තාක්ෂණික කාරණු පැත්තකින් තියලා මට දැනෙන දේවල් ටිකක් මුලින් කියන්නම්.

මේ සිද්ධි ජාලය ඔබ අධ්‍යනය කර ප්‍රහේළිකාව විසඳාගන්න.

01) වෙළඳපොළෙහි ක්ෂණික ගෑස් හිඟයක් ඇතිවෙනවා. ඒකට හේතුව ගෑස් මාෆියාවක් කියලා ලිට්‍රෝ සභාපතිවරයා හෙළිදරව්වක් කරනවා.

02) ලාෆ් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමලා. ණයවර ලිපි විවෘත කරන්න නොදෙන නිසා කියලයි වෑගපිටිය (ලාෆ් අධිපති) කියන්නෙ.

03) ලාෆ් සමාගම මහජන බැංකුවට පමණක් මේ වනවිට රුපියල් බිලියන ගණනින් ණයයි.

04) පෞද්ගලික ලාෆ් එකයි, රජයේ ලිට්‍රො එකයි එකතු කරලා සියොලිට් නමින් නව ගෑස් සමාගමක් පිහිටුවනු ලබනවා. (අනුර දිසානායක මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුළ කතා කරනවා)

05) පාරිභෝගික සේවා අධිකාරියෙ තුෂාන් ගුණවර්ධන නැමැත්තෙක් හෙළිදරව්වක් කරනවා ගෑස් සංයුතිය වෙනස් කරලා කියලා. ඔහුත් පවතින ආණ්ඩුවේම නියෝජිතයෙක්.

06) ලිට්‍රො සමාගම කියනවා සංයුතියෙහි කිසිම වෙනසක් නැහැ කියලා.

07) හදිසියේම ගෑස් පිළිබඳ අනතුරු වාර්තා වෙන්න ගන්නවා. සිලින්ඩර පිපිරීමක් ලෙසයි එය ප්‍රචාරණය වන්නෙ. ඒත් එක්කම ලිට්‍රෝ සමාගමට දැඩි ප්‍රහාරයක් එල්ල වෙනවා.

08) සමාජ ජාලාවල විවිධ වීඩියෝ දර්ශන සංසරණය වීම ආරම්භ වෙනවා. සබන් පෙණවලින් ගෑස් වෑල් පරික්ෂා කරන්න ගන්නවා.

09) අලුත් ගෑස් සමාගම් ගැන කසුකුසුවක් සමාජය තුළ ඇහෙනවා.

ඔන්න ඔහොමයි මේ සිද්ධීන් දාමය ගලාගෙන එන්නෙ.

දැන් ලිට්‍රො එකට විරුද්ධව සමාජ මාධ්‍ය රැල්ල හැදිලා අවසන්. ඒක මරු කියලා හිතෙනවා ඇති. හැබැයි මේක ලොකු කුමන්ත්‍රණයක්. ජනතාව සතු ආයතනයකට එරෙහිව ජනතාවම විරෝධය දක්වනවා. මේ කුමන්ත්‍රණයෙහි ප්‍රධාන පාර්ශවකරුවන්ගේ අරමුණත් ඒකයි. හරියට “කූඹියෝ” වගේ. කවුද ජෙහාන් කවුද ප්‍රියන්‍ත කියලා සිතාගැනීම ජනතාවටම බාරයි.

මේ මහා කුමන්ත්‍රණයේ අවසාන ප්‍රතිඵලය ලෙස හෙට අනිද්දාට ලිට්‍රො ගෑස් ආයතනය අනිවාර්යයෙන්ම වැහෙයි. එහෙමත් නැත්තම් බහුජාතික සමාගමක් විසින් මිලට ගනියි. එහෙමත් නැති නම් ලාෆ් එකේ බිලියන ගානක පාඩුව පියවගන්න ලිට්‍රො සමාගම ප්‍රතිව්‍යූහගත වෙයි. අර සියොලිට් කෙරුවාව වගේ.

දැන් අපි හැරෙමු තාක්ෂණික කාරණා දෙසට.

මොනවාද මේ තාක්ෂණික කාරණා ? සරලව මෙච්චරයි. රසායන විද්‍යා පාඩමක් කරන්න නෙවෙයි බලාපොරොත්තු වෙන්නෙ. ඕනෑනම් මම මේ කියන කරුණුවල සත්‍ය අසත්‍යභාවට ගූගල් කර සෙවිය හැකියි.

01) බියුටේන් ප්‍රොපේන් සංයුතිය මොන අනුපාතයකින් යෙදුවත් ගෑස් පිපිරීමක් සිදුවන්නෙ නැහැ. ලංකාවෙ 70:30 යි. ඉන්දියාවෙ 50:50 යි. ප්‍රොපේන් විතරක් පාවිච්චි කරන රටවලුත් තියෙනවා.

02) ලිට්‍රො ආයතනය කියනවා සංයුතිය වෙනස් කළේ නැහැ කියලා. ඔවුන් බොරු නම් කියන්නෙ මේ රටේ ඕනෑතරම් පරික්ෂණාගාර තියෙනවා ගෑස් සාම්පල් එකක් අරන් ගිහින් පරික්ෂා කරගන්න. යන්න Geo Chem එකට. සංයුතියෙහි වෙනසක් ඇත්නම් ඔබට ආයතනයට විරුද්ධව නඩු පැවරිය හැකියි. බොරුවට බුරන කිසිම දේශපාලකයෙකුට ඒ ගැන උවමනාවක් නෑ. මොකද ඒත් මේ කුමන්ත්‍රණයෙහිම කොටස්කාරයො නිසා.

03) සබන් පෙණ පරික්ෂාව වැරදි ආකාරයට කිරීම නිසා ඇතිවිය හැකි හානිය මීට වඩා බරපතලයි. සබන් පෙණ පරික්ෂාව කළ යුත්තෙ සිලින්ඩරයේ ගැස්කට් එක ඇතුළට සබන් දියර දාලා කියලා කවුද කිව්වෙ? එය අන්තරාදායකයි. ඔබ සබන් පෙණ පරික්ෂාව කළයුත්තේ සිලින්ඩරය හා ගෑස් කුකර් එකෙහි රෙගියුලේටරය සම්බන්ධ කළ පසුව ඒ අවටට සබන් දියර යොදා මිස වෑල් එක ඇතුළට දාලා නෙවෙයි.

04) ගෑස් සිලින්ඩරය ඔබ නිවසට ගෙන ආ පසු එය රෙගියුලේටරය සමග සම්බන්ධ කර තැබිය යුතුයි. එසේත් නැතිනම් එහි ඇති කැප් එකෙන් වෑල් එක වසා තැබිය යුතුයි. ඒ කිසිවක් නොකර සීල් එක ගලවා දමා නිකරුණේ ගෑස් සිලින්ඩරය තබා තැබීම ඔබගේ වරදක්. මොකටද එහෙනම් කැප් එකක්? මේ දේවල් පාරිභෝගිකයා දැනුවත් නොකිරීමයි සමාගමේ වරද.

05) එක පාරටම ගෑස් අනතුරු වැඩි වුණා කියලාද හිතන්නෙ ? යන්න ලඟම තියෙන රෝහලට. ගිහින් අරගන්න දත්ත. ගෑස් නිසා ගිනිගැනීම් පමණක් අවුරුද්දකට 100 කට වඩා වාර්තා වෙනවා. ඒ සියල්ලම නිසියාකාරයට ගෑස් භාවිත නොකරන නිසා ඇතිවන කාන්දු වීම් නිසා. හැබැයි අද ඊයෙ මේක වැඩිපුර කතා බහ කරන්න ගත්තා. හිතාගන්න ඒ ඇයි කියලා.

මම උපාධිය අවසන් කළ රසායන විද්‍යා ඉංජිනේරුවරයෙක්. හැබැයි මේ සරල දේවල් රසායන විද්‍යාවෙන් මිනිස්සුන්ට පහදලා දෙන්න ඕනා නෑ. හැමෝටම තේරෙන සිංහලෙන් කිව්වෙ. සමාජ ජාලා සහ මීඩියා නොමග යැවීම් මත බොහෝ දෙනා අද මහා කුමන්ත්‍රණයක කොටස්කාරයො වෙලා.

ලිට්‍රො එක මෙවාට හරියට උත්තර නොදී වැල් බයිලා දොඩවන්නෙ කාගෙ හරි බලපෑමක් මතද ? ඇයි මේ තාක්ෂණික කාරණා මිනිස්සුන්ට පහදලා දෙන්න බැරි ? ඔවුනුත් මේ කුමන්ත්‍රණයේ කොටස්කාරයෝම වේද ? සභාපතිවරයා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය මුනිවත රකින්නෙ ඇයි ? කුමන්ත්‍රණකරුවන්ගේ බලපෑම මතද ?

ලිට්‍රෝ බංකොලොත් කිරීමේ කාර්යයභාරය දැන් එහි අයිතිකරුවන් වන මහජනතාව විසින්ම සිදු කරනු ලබයි. පක්ෂ විපක්ෂ බේදයකින් තොරව දේශපාලකයින් එයට පොහොර දමමින් සිටී. මෙය වහා මැඩපැවැත්විය යුතුයි.

(අතුල ප්‍රභාත්) 

(රසායන විද්‍යා ඉංජිනේරු)

 

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී