නවතම පුවත්

ගෑස් සිලින්ඩරය “ලීක්” වුනොත් කල යුත්තේ මෙයයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගෑස් සිලින්ඩරය ආශ්‍රිතව ඇතිවිය හැකි , ගිනි අනතුරු  වර්ග ප්‍රධාන වශයෙන් දෙකකි. මින් එක් අවස්ථාවක දී සිලින්ඩරය ගෑස් කාන්දුවත් සමග ගිනි ගැනීමට ලක්විය හැකි අතර, දෙවැන්න වන්නේ ගෑස් කාන්දුවක් සිදුවුව ද ගින්නක් ඇති නොවන අවස්ථා ය.

ගෑස් සිලින්ඩරය ගිනි ගැනීමකට ලක්වුවහොත් ගෑස් සිලින්ඩරේ පෙරලීම නොකළ යුතුය ,  පෙරලූ විට  ද්‍රව ගෑස් එළියට විත් විශාල  පිපිරීමක් සමග විශාල  ගින්නක්ද  ඇතිවිය හැක .,

හැකි තරම් උත්සාහ කලයුත්තේ , සිලින්ඩරය  කුස්සියෙන් ඉවත්කර ගැනීමටය .  ගෑස් සිලින්ඩරය  කෙලින් සිටුවා තබා නිවසේ පිටත ස්ථානයක තබන්න , එවිට පිපිරුමක් හෝ විශාල ගින්නක් ඇතිනොවේ . කෙසේ වෙතත් සියලු දෙනා සිලින්ඩරයෙන් ඈත්වී සිටීම වැදගත්ය .

“ගෑස් සිලින්ඩරය සමග   කුස්සිය ගිනි ගැනීමට ලක්වුවහොත් එය අප  නිවීමට පියවර නොගතයුතුය .එවිට ගිනි නිවන හමුදාවට හෝ පොලිසියට දැනුම්දීම වැදගත්ය

මේ පිළිබඳව ගිනි නිවන නිලධාරියෙකු වන මධුසිරි මහතා පැවසුවේ මෙවැන්නකි .

“හොඳම දේ තමයි සිලින්ඩරේ එළියට ගන්න එක , එළියට අරගෙන හොඳට තෙත, වතුර වැක්කෙරෙන ගෝනියක් අරන් සිලින්ඩරය වැහෙන විදිහට දාන්න ඒක උඩට. එක වතාවකින් බැරි නම් දෙවතාවක් දාන්න, තුන් වතාවක් දාන්න. බොහෝ දුරට නිවෙනවා. නිවාගන්න බැරි නම්, ෆයර් එක්ස්ටින්ගිෂර් (ගිනි නිවන උපකරණය) එකක් තියෙනවා නම් ඔය ඩ්‍රයි පවුඩර් එකක් ගහපු ගමන් නිවෙනවා, කාබන් ඩයොක්සයිඩ් ගහපු ගමන් නිවෙනවා.”

මෙහිදී කළ යුතු හොඳම දෙය වන්නේ සිලින්ඩරය කෙලින් අතට සිටින සේ ඇදගෙන මුළුතැන්ගෙයින් ඉවත්කර, කිසිවෙකුත් නැති ස්ථානයකට ගෙනයෑම යි.

“හැබැයි ගින්න නිව්වට පස්සේ, ගෑස් සිලින්ඩරේ රෙගියුලේටර්ස් අනම් මනම් ඔක්කොම පිච්චිලා ගිහින් තියෙන්නේ. ඉතින් එළියේ ගිහින් තිබ්බොත් ලොකු ඩැමේජ් එකක් වෙන්නේ, මොකද ගෑස් ලීක් එක නවත්තන්න බෑ. ගෑස් ලීක් වෙන්න ගන්නවා හතර වටේම. කාත් කවුරුවත් නැති ඒරියා එකකින් තියන්න කියන්නේ, ගෑස් එක නිවාගත්තොත් ඒක ඕෆ් කරන්න තැනක් නෑ. ගෑස් ලීක් වෙලා ලීක් වෙලා, ඔය කිට්ටුව මිනිස්සු ගිහින් සිගරට් එකක් බිව්වොතින්, කෝල් එකක් ගත්තොතින්, වාහන පාරේ ගියොතින් එහෙම අනිවාර්යයෙන් ගිනි ගන්න පුළුවන්. ගෑස් ආඝ්‍රාණය වීම ද මාරාන්තික විය හැකි ය.”

ගින්නක් නොමැතිව සිදුවන ගෑස් කාන්දුව භයානක තත්ත්වයකි. කුස්සියෙන් පිටත කාමරවලට ද ගෑස් ගන්ධය දැනේ නම්, තත්ත්වය ඉතා බරපතලබව ඔබ දත යුතු ය.

කුස්සියේ  ගෑස් ගන්ධයක් දැනුණු විට වහා අප ක්‍රියාත්මක විය යුතුය , මෙහිදී ගිනි  පුළිඟු ඇතිවීම වළකාලීම සඳහා ඔබ නොකළ යුතු දේ කීපයකි:

ගෑස් කාන්දුව තුළ ජංගම දුරකතන භාවිතය සපුරා තහනම් ය. ජංගම දුරකතනවල ටච් පෑඩය භාවිතා කළත්, බොත්තම් එබුවත්, එහි පරිපථ තුළ අපට නොපෙනෙන පුළිඟුවක් නිපදවේ. දුරකතනය තුළට ගෑස් ඇතුළුවී තිබුණහොත් ගිනි ත්‍රිකෝණය එතැනින් ඇරඹීමට ඉඩ තිබේ.

ප්‍රධාන ස්විචය ඇතුළු කිසිම අන්දමක විදුලි ස්විචයක් “ඕන්” කිරීමෙන් හෝ “ඕෆ්” කිරීමෙන් වැළකිය යුතු ය.

නිවෙසේ කුඩා දරුවන්, ගැබිණි කාන්තාවන්, ආබාධිත පුද්ගලයින් හෝ මහලු පුද්ගලයින් වෙසේ නම් ඔවුන් ගෑස් ගන්ධය නොදැනෙන සීමාවකට ගෙනගොස්, ගෑස් කාන්දුව ඇති ස්ථානයට යළි නොපැමිණෙන්නට වග බලාගත යුතු ය.

කිසිවෙකුගෙන් හෝ උදව් ලබාගැනීමට අවශ්‍ය නම් ගෑස් කාන්දුවෙන් ඈතට යෑමෙන් පසු පමණක් ඔබේ ජංගම දුරකතනය භාවිතා කළ යුතු ය
ගෑස් කාන්දුව සහිත සීමාවේ ඇති යතුරුපැදි ද ඇතුළු කිසිදු වාහනයක් පණ ගැන්වීමෙන් වැළකිය යුතු ය.

දොර ජනෙල් ඉතා සෙමින් විවර කිරීමෙන් පසු පමණක් මුළුතැන්ගෙයට ගොස්, ගෑස් සිලින්ඩරය රේගියුලේටරයෙන් ඕෆ් කළ යුතු ය.

ගෑස් කාන්දුවක් වළකාගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ අපි සාමාන්‍යයෙන් විදුලි පහන් නිවා දමන්න, දොර ජනෙල් වසා දමන්නා සේම, සෑම ආහාර වේලක් පිසීමෙන්ම අනතුරුව හෝ, අවම වශයෙන් රාත්‍රී ආහාර වේල පිසීමෙන් පසුව ගෑස් සිලින්ඩරය රේගියුලේටරයෙන් ඕෆ්කර දැමීම යි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්