නවතම පුවත්

ගුණාත්මක නිවේදන කලාවක් උදෙසා ගුවන් විදුලියෙන් ‘කටහඬට අරුතක්’

අසංක

අසංක

ලාංකීය ගුවන් විදුලි ක්ෂේත්‍රය තුලින් ගිලිහෙමින් ඇති ගුණාත්මක බව යලි ගොඩනැංවීම සඳහා මැදිහත්වීමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සූදානම් බවත් ඒ සඳහා වූ විශේෂ වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවත් එම සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා සඳහන් කර සිටී.

ජාතිය ඉදිරියට ගෙන යෑම සඳහා බහුශ්‍රැත නිවේදක නිවේදිකාවන්ගේ අවශ්‍යතාව අද ජන සමාජයට තදින් දැනෙන බවත් එම අවශ්‍යතාවය සපුරාලීමට ගුවන්විදුලි සංස්ථාව පුරෝගාමීව කටයුතු කරන බවත් ලියනගේ මහතා the colombo express.com වෙබ් අඩවිය වෙත සඳහන් කළේය .

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ආරම්භ කර ඇති “කටඬට අරුතක් 2020” නම් නවතම වැඩසටහන පිළිබඳව අප වෙත අදහස් දක්වමින් ලියනගේ මහතා මේ බව පැවසීය .

මෙහිදී වැඩිදුරටත් අප වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ ලියනගේ මහතා මෙසේද පැවසීය.

රටට විවිධ රූපවාහිනි නාලිකාවලින් ගුවන් විදුලි නාලිකාවලින් හතු පිපෙන්නාක් සේ නිවේදක නිවේදිකාවන් බිහිකරනවා. එහෙත් මෑත කාලයේ මෙලෙස ජාතියට දායාද කළ නිවේදක නිවේදිකාවන් තම වෘත්තියට අදාළව නිසි නිපුණතාවයක් ලබාගෙන නැහැ.

මේ නිසාම ඔවුන්ට ජනතා හදවත් තුළ රැඳෙන්නට අපහසු වීතිබෙනවා. නිවේදකයෙකු හෝ නිවේදිකාවක ලෙස සියලූ ගුණාංගයන්ගෙන් සපිරි ඒ මහා පෞරුෂය රට නිවැරදි දිශාවට යොමු කරදීමේ අවශ්‍යතාවය අද රටට අවබෝධවී තිබෙනවා. ඒ මහා ජාතික අවශ්‍යතාවයට ජාතික ගුවන් විදුලිය ලෙස අපි දෙවුර මත තිබෙනවා. ‘කටහඬට අරුතක් 2020’ වැඩසටහන මගින් ඉටුකරන්නේ අප මත පැවරී ඇති එම වගකීමයි.

ලෝකයේ දෙවන ගුවන්විදුලි ආයතනය ලෙසත් ආසියාවේ ප‍්‍රථම ගුවන්විදුලි ආයතනය ලෙසත් 1925 දෙසැම්බර් මස 16 දින ආරම්භ වී දෙපාර්තමේන්තුවක් වශයෙන් ස්ථාපිතව, 1967 වර්ෂයේ සංස්ථාවක් බවට පත්වී ගෙවීගිය වසර 95 කට අධික කාලයක් ලාංකික ජනතාවගේ දැනුම, රසාස්වාදය, නිපුණතා සහ ආකල්ප වර්ධනය ස`දහා සංස්ථාව දායකවී තිබේනවා . ජාතික ගුවන්විදුලිය වශයෙන් මහජන ගුවන්විදුලියක කාර්යභාරය ඉටුකිරීම ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙත පැවරුණු ප‍්‍රධාන වගකීමවනවා.

ගුවන් විදුලිය මීට දශක ගණනාවකට පෙර සිටම මේ කටයුත්ත යම් දායකත්වයක් සැපයුවා . විශේෂයෙන් මීට දශක පහකට පමණ කාලය තුළ ගුවන් විදුලියේ නිවේදක නිවේදිකාවන් මුළු රටම වැළඳගතතා . ඔවුන් මුළු රටේම ජනතාවට සමීප වූ අතර, ඔවුන් රටේ මුළු මහත් අසන්නන්ගේම කුලූපඟ මිතුරන් වුනා . ඔවුන්ගේ දැනුම, චතුරත්වය, ඉදිරිපත්කිරීමේ විලාශය සහ නිවැරදි බස හැසිරවීම රටක් වැළඳගන්නට හේතුවුනා.

මේ අයගෙන් බහුතරයක් අපෙන් වියෝ වුවද ඔවුන්ගේ හඬ සහ එහි රසය කවදාවත් අපෙන් වියෝවෙන්නේ නෑ. එවැනි ශ්‍රේෂ්ඨ පරපුරක් ජාතියට දායාද කිරීමේ ඉමහත් ගෞරවය ගුවන් විදුලියට නිතැතින්ම හිමිවන්නකි.

ඒ අනුව මේ වනවිට රටේ අප‍්‍රසාදයට ලක්වී ඇති නිවේදක කලාව යළි නගා සිටුවීම සදහා අලූත් පරපුරක් බිහිකිරීම, ඔවුන් නිවැරදි ඉලක්කය කරා රැගෙනයාමේ ජාතික මෙහෙවර ඉටුකළ යුත්තේ ගුවන් විදුලි සංස්ථාවමයි ඒ වෙනුවෙන් තමයි අප මේ වැඩසටහන ආරම්භ කරන්නේ.

රටේ ඕනෑම රූපවාහිනි ආයතනයක හෝ ගුවන් විදුලි ආයතනයක නිවේදකයෙක් නිවේදිකාවක් ලෙසින් නමක් දිනා ගත්තෙක් වී ද ඔහු හෝ ඇය නිවේදක කලාව පිළිබඳව අත්පොත් තබා ඇත්තේ බොහෝවිට ගුවන්විදුලිය තුළින් බව කිව හැකියි.

එයට හේතුවු කරුණු කීපයකි. එනම් නිවේදක පාඨමාලාවක් හදාරා ඒ පිළිබඳව පූර්ව දැනුමක් ලබාගැනීමට ඇති අවකාශය, සහන නිවේදකයකු ලෙස සංස්ථාවට එකතුවී ඔවුන්ට සිය කුසලතාවය ප‍්‍රගුණ කරන්නට ඇති අවකාශය ගුවන්විදුලි සංස්ථව අවකාශ සලසා දී තිබීමයි.

මේ කටයුත්ත ඉටු කිරිම සඳහා අපට ඇති ශක්තිය සුවිශාලයි. මුළු රටම ආවරණය වන ජාතික නාලිකා පද්ධතිය රට පුරා විසිර පවතින ප‍්‍රාදේශීය සේවා පද්ධතිය පරිණත කුසලතා පිරි කාර්ය මණ්ඩලය පුහුණු අභ්‍යාස ආයතන උපකරණ පහසුකම් ගුවන් විදුලි නාලිකා රැුසකින් සමන්විත වීම යනු අප සතු එම ශක්තියෙන බිඳක් .

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි