නවතම පුවත්

ගුවන් තොටේදී යොහානිට උණුසුම් පිළිගැනීමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

   සංගීත ප්‍රසංග මාලාවකට සහභාගී වීම සඳහා ඉන්දියාවේ සංචාරයකට එක්වූ , , ජනප්‍රිය ගායන ශිල්පිනී   යොහානි ද සිල්වා මෙනවිය දිවයිනට ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියාය

ඊයේ (12) රාත්‍රී 11.25ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 144 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියාය.

ගුවන් තොටුපොළ වෙත පැමිණි යොහානි ට උණුසුම් පිළිගැනීමක් හිමිවිය  , එහිදී ශ්‍රී ලංකා ගුවන්සේවය , ඇය වෙනුවෙන් විශේෂ කේක් ගෙඩියක්ද සාදා තිබුණි

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යොහානි පවසා සිටියේ, තමාට ඉදිරි බලාපොරොත්තු රැසක් ඇති බවය.

ප්‍රශ්නය – ඔබගේ ඉදිරි බලාපොරොත්තුව කුමක් ද?

“ඉදිරි බලාපොරොත්තු රැසක් තියෙනවා. පළමුවෙන් ම මගේ ඇල්බම් එක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකේ කටයුතු කරගෙන යනවා. ඇල්බම් එක මෙහෙ කරන්නේ. සිංදු 12 ම සිංහලවලින් කරලා තියෙන්නේ. ඒකේ ගොඩක් කටයුතු ඉවරයි දැන් වෙනකොට. ඒ වුණාට තව ටිකක් තියෙනවා ඒවා ලංකාවේ ඇතුළේම කරනවා.”

ප්‍රශ්නය – ඔබේ ජනප්‍රියත්වය හරහා දේශපාලනයට එනව ද?

“අනිවාර්යෙන් ම නෑ. මම ආටිස් කෙනෙක්. තවම සංගීත ක්ෂේත්‍රය හදාරන කෙනෙක්. ඒ මට ඇති.”

ප්‍රශ්නය – මේ ගමනේ දී බාධකවලට කොහොම ද මුහුණ දුන්නේ ?

“බාධක හැම ක්ෂේත්‍රයක ම තියෙනවා. අපේ ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි. බාධකවලින් කොහොම ද ඉදිරියට යන්නේ කියන එක හැමෝගෙම ඔළුවේ තියෙන්න ඕනේ.”

“මැණිකේ මගේ හිතේ ” ගීතයෙන් මෙරට මෙන්ම ජාත්‍යන්තරය දිනාගත් නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වාගේ පළමු ජාත්‍යන්තර ගෘහස්ත ප්‍රසංගය පසුගිය දා ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්වුණි.

මේ අතර බොලිවුඩ් චිත්‍රපටයක හින්දි භාෂාවෙන් පසුබිම් ගායනයට දායක වීමටත් යොහානිට අවස්ථාව හිමිවීම විශේෂත්වයකි.

එමෙන් ම යොහානි ද සිල්වා ඉන්දියාවේ අතිශය ජනප්‍රිය ‘බිග් බොස්’ වැඩසටහනේ විශේෂ ආරාධිතයා ලෙස ද පසුගිය දා සහභාගී වුණි.

ඉන්දීය රූපවාහිනි නාලිකාවක යොහානි සිය දක්ෂතා පෙන්වූ පළමු අවස්ථාව මෙයයි.

යොහානි ප්‍රති නිර්මාණය කළ ‘මැණිකේ මගේ හිතේ” ගිතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා ගොස් ඇති අතර, ගීතයක් “Youtube“ නැරඹුම් වාර ගණන මිලියන 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙය බව ද වාර්තාවේ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී