නවතම පුවත්

ගෙවුණු දසවසරේ දරුවන් ළමා නිවාසගත කිරීම අඩුවෙයි

අසංක

අසංක

2019 වසර වනවිට ගෙවුණු වසර 10ක පමණ කාලයක් තුළ ළමා නිවාසගත මුළු ළමුන් ගණනෙහි සැළකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බව ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මේ බව හෙළිවී ඇත්තේ 2019 වසරේදී කරන ලද ළමා නිවාසගත ළමුන් පිළිබඳ සංගණනයේදී ය.

ඒ අනුව 2010 වසරේ ළමා නිවාසගත මුළු ළමුන් සංඛ්‍යාව 15,874ක් වී ඇත. 2019 වසරේදී එම සංඛ්‍යාව 10,632ක් දක්වා අඩු විය.

මින් පෙනී යන්නේ ළමුන්ගේ රැකවරණය සඳහා ආයතනගත කිරීම හැර වෙනත් විකල්පයන් කරා යොමු වීම වැඩි වී ඇති බව යැයි ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ළමුන් ළමා නිවාසගත කිරීම වැළැක්වීම සඳහා සුදුසු උපායමාර්ග නිසි ලෙස ක්‍රියාවට නංවා ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ පාසල් යන ළමුන් සහිත ළමා නිවාස 339ක් ඇත.

මෙහිදී පැසසිය යුතු කරුණක් වන්නේ ඒවාගෙන් 318ක් එම පාසල් යන ළමුන් හට අමතර පන්ති හරහා ද අධ්‍යාපනය ලබා දීමයි. අමතර අධ්‍යාපනය ලබාදෙන ළමා නිවාස ප්‍රතිශතයක් ලෙස 94%ක් පමණ වේ.

ළමා නිවාසවලින් පිටව යන දරුවන්ගේ ජාතික හැඳුනුම්පතෙහි පදිංචි ලිපිනය ලෙස සඳහන් වන්නේ ළමා නිවාසයේ ලිපිනය බැවින්, රැකියා සහ වෘත්තීය පුහුණු සඳහා අයැදුම් කරන විට මෙන්ම නවාතැන් පහසුකම් ලබා ගැනීමේ දී පවා එම දරුවන් විවිධ අපහසුතාවයන්වලට මුහුණු දෙන බවට අනාවරණය වී ඇත.

එම නිසා, ඔවුන් ළමා නිවාසවලින් ඉවත් වූ පසු පදිංචි වන ස්ථානය අනූව ලියාපදිංචි කරවීම වඩා යෝග්‍ය බවට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිර්දේශයයි.

ශ්‍රී ලංකාවේ මූළු ළමා නිවාස 379න් 331ක්ම එනම් 87.3%ක් ම ස්වෙච්ඡා ළමා නිවාස වේ.

අනාථ හෝ අසරණ හෝ අත්හළ ළමුන්ට රැකවරණය ලබාදීම සඳහා අනත්දරු නිවාස ආඥා පනත/ ළමා සංවර්ධන ප්‍රඥප්තිය යටතේ මෙම ස්වෙච්ඡා ළමා නිවාස පිහිටුවා ඇත.

මෙම ළමා නිවාස පෞද්ගලික හෝ ලාභ නොලබන ආයතන මගින් කළමනාකරණය කෙරෙන නමුත් අදාළ පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් නියාමනය කරනු ලැබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි