නවතම පුවත්

ගෝඨාභය ජනාධිපති වන්නේ සමාව අරන්ද – රනිල් අසයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බියෙන් හා සැකයෙන් තොරව ජීවත් විය හැකි ආරක්‍ෂිත පරිසරයක් ගොඩනගන බවට පොරොන්දු දී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂකත්වයට ඉදිරිපත් වන්නේ එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදීන් ඝාතනය හා පැහැර ගැනීම්, සිරස හා උදයන් වැනි මාධ්‍ය ආයතනවලට පහර දීම්, රතුපස්වල වැනි විරෝධතාවලට ප්‍රහාර එල්ල කිරීම්, වැලිකඩ රැඳවියන් ඝාතනය කිරීම්, සුදු වෑන් යොදාගෙන අපරාධ කිරීම්, පැල්පත් නිවාසවල මිනිසුන් පන්නා දැමීම් ඇතුලූ සිද්ධීන්ට සමාව ගෙන දැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

අධිකරණය ස්වාධීන කිරීම, තොරතුරු ලබා ගැනීමේ අයිතිය සහතික කිරීම, ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම, අතුරුදන්වූවන් වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවීම වැනි ක්‍රියාමාර්ග රාශියක් ගෙන තිබෙන නිසා විවේචන එල්ල කිරීම්, විරෝධතා පැවැත්වීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් රට තුළ ඇති කර තිබෙන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා ඊයේ දිනයේ  “නිදහස කම්මුතුකරන්නෙක්”, රටට ඉදිරිපත් කළේලබා දුන් නිදහස විනාශ කිරීමට බව ද පෙන්වා දුන්නේය.

ඇතැමුන් වචනයෙන් පමණක් නිදහස ආරක්‍ෂා කිරීම ගැන කතා කළත්, ක්‍රියාවෙන් සැබෑ නිදහස ලබාදුන්නේ කවුරුන්දැයි නැවතත් සිතා බලන ලෙස වික්‍රමසිංහ මහතා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (12දා) දින රණාල, ජල්තර ප්‍රදේශයේ මධ්‍යම පාන්තිකයින් වෙනුවෙන් ඉදිකළ  “සැමට සෙවන ග්‍රීන් වැලි රෙසිඩන්සීස්” මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

රුපියල් මිලියන 1900 ක් වැය කරමින් ඉදිකර ඇති මෙම නිවාස සංකීර්ණය නිවාස 350 කින් සමන්විත වන අතර අභ්‍යන්තර මාර්ග පද්ධති, වාහන නතර කිරීමේ පහසුකම්, ශරීර සුවතා මධ්‍යස්ථාන, වෛද්‍ය මධ්‍යස්ථාන, ළමා ක්‍රීඩාංගන, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පිහිනුම් තටාකාංගන හා සුපිරි වෙළෙඳසැල් යන පහසුකම්වලින් ද සමන්විත වේ.

 “සෑම මාධ්‍ය නාලිකාවක්ම මට දෝෂාරෝපණ එල්ල කළත් එම කිසිඳු මාධ්‍ය ආයතනයකට හානි කිරීම්, මාධ්‍යවේදීන් සුදු වෑන් රථවලින් පැහැරගෙන යාම, ඝාතනය කිරීම, ප්‍රශ්න කිරීම් සිදු වුණේ දැයි මා විමසා සිටීමට කැමතියි. එවැනි කිසිඳු සිදුවීමක් නොවූ බව මා වගකීමෙන් ප්‍රකාශ කරනවා. අපට විරුද්ධව නඩු පැවරීමට, තීරණ ගැනීමට හැකි නිදහස් රටක් අප බිහි කර තිබෙනවා.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්