නවතම පුවත්

ගෝඨාභය හැදු ආනන්දයේ සත්මහල වැඩ අවසන් නොකරම ඇමති අකිල විවෘත කරන්න සූදානම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලංකාවේ පාසලක ඉදිකර ඇති උසම ගොඩනැගිල්ල වන ආනන්ද විද්‍යාලයේ සත්මහල් ප්‍රාසාදයේ වැඩ අඩක් නිමකරමින් තිබියදී අධ්‍යාපන ඇමති අකිල විරාජ් මහතාගේ නියෝගයකින් අනිද්දා (22) විවෘත කිරීමට එරෙහිව අද (21) දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.

මාපියන් සහ ආදි සිසුන් එක්ව මෙම උද්ඝෝෂණය උදෑසන විද්‍යාලයීය ප්‍රධාන දොරටුව ඉදිරිපිට පැවැත්වීමට නියමිතව ඇතැයි ඔවුහු ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ වෙත පැවැසීය.

අවදානම් සහිතව ගරාවැටෙමින් තිබූ ගොඩනැගිල්ලක් ඉවත් කොට මෙම ගොඩනැගිල්ල සෑදීමට මුල්වූයේ හිටපු ආරක්ෂක ලේකම්වරයකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතායි.

එවකට හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා වන බන්දුල ගුණවර්ධන මහතා මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට හේතුව බවට පෙන්වා දී තිබුණේ ආනන්ද විද්‍යාලයෙන් රටට බිහිකළ අතිවිශාල මෙහෙවරක් කළ පුරවැසියන්ට කෘතගුණ සැළකීම වෙනුවෙන් බවය.

ගොඩනැගිල්ල මුළුමනින්ම වැඩ අවසන් කොට විවෘත කරන්නේ නම් කිසිදු විරෝධයක් නොමැති බව පවසන මාපියන් පෙන්වා දෙන්නේ එසේ නොමැතිව මෙලෙස අඩක් නිමකොට ගොඩනැගිල්ල විවෘත කරනුයේ පටු දේශපාලන අරමුණු ඇතිව වන බවයි.

තම නම් යොදා බෝඩ් ලැලී දමාගැනීමේ වුවමනාව මත කඩිමුඩියේ අඩක් නිම කළ ගොඩනැගිල්ල ඉදිකිරීමට උත්සහ දරන බව මාපියෝ චෝදනා කරති.

මාපියන් චෝදනා කරන තවත් කරුණක් වන්නේ මෙම ගොඩනැගිල්ලේ සමරු ඵලකයට යොදාඇත්තේ ‘ළගම පාසල හොදම පාසල’ යනුවෙන් බවත් කොළඹ ආනන්ද විද්‍යාලයට එවැනි සටහනක ඇති නුසුදුසු බව කාටත් තේරුම්ගත හැකි නමුත් දේශපාලන වුවමනා මත එය ද තේරුම් ගෙන නොමැති බවයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි