නවතම පුවත්

ගෝලීය අනුපාතයටත් වඩා ඉහළ ගිය ලංකාවේ කොවිඩ්

අසංක

අසංක

මෙරට සිදුවන කොවිඩ් මරණ අනුපාතය ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් ගන්නා බැවින් එය භයානක තත්වයක් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇඟවීමක් කරයි.

දෛනික ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවට සාපේක්ෂව දෛනික ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව පවතින්නේ සියයට 1.4 ක් වැනි අඩු අගයක බව පෙන්වා දෙන එම සංගමය එම සංඛ්‍යාව ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඇත්තේ සියයට 5.13 ක් බව පෙන්වා දෙයි.

ඉන්දියාවේ එම තත්වය පවතින්නේ 1.33 ක් ලෙසිනි. ඇමරිකා එක්සත් ජනපදයේ සියයට 0.66 ක් ලෙසත්, එක්සත් රාජධානියේ සියයට 0.26 ක් ලෙසත් සිංගප්පූරුවේ සියයට 0.30 ලෙසත් මේ වන විට වාර්තා වන අතර භූතානයේ සහ නවසීලන්තයේ මෙම ප්‍රතිශතය ඇත්තේ සියයට බිංදුවේ අගයේය.

ඒ අනුව ලෝකයේ සෙසු රටවල් හා සාපේක්ෂව සැසදීමේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉහළ අගයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කරන බව මෙන්ම කොවිඩ් රෝගීන් පරීක්ෂණ මගින් හදුනා ගැනීම්ද සෙසු රටවල් හා සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බවද ඔවුන් පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමේ ප්‍රතිශතය මේ වන විට සියයට 24.70 ක් වැනි ඉහළ අගයක් ගන්නා බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

නවසීලන්තය, භූතානය, සිංගප්පූරුව වැනි රටවල් මේ අගය බිංදුව හෝ එකට අඩු අගයකින් දැක්වෙන බව මෙන්ම ඉන්දියාවේ වත්මන් තත්වයට අනුව එම ගණන සියයට 2.40 බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. එක්සත් රාජධානියේ සියයට 3.50 ක්ද ඇමරිකා එක්සත් ජනපදයේ 15.20 ක්ද, ලෙස මෙම දත්ත පෙන්නුම් කෙරේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්