නවතම පුවත්

ගෝලීය වර්ජන රැල්ල ඇරඹෙයි- රටවල් 150ක් පුරා රැළි

අසංක

අසංක

ලෝකයේ රටවල් 150ක වෙසෙන මිලියන ගණනක් දෙනා එකවර, එකදිගට පවත්වනු ලබන ‘කාලගුණ විපර්යාසය සදහා වන ගෝලීය වර්ජනය’ ආරම්භ වී තිබේ. මෙය ලෝක ඉතිහාසයේ කාලගුණ විපර්යාසය වෙනුවෙන් පැවැත්වූ දැවැන්තම විරෝධතාවයයි. මෙය ආරම්භ කෙරුණේ අමෙරිකාවේ නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය මූලස්ථානය අභියස සිට වන අතර මෙම ගෝලීය වර්ජනය
වෙනුවෙන් නායකත්වය ගනු ලැබුවේ පරිසර ක්‍රියාකාරිනියක වන 16 හැවිරිදි ග්‍රේටා තුන්බර්ග් ය.

ඒ ඒ රටවල පාසල් දරුවන් දහස් ගණනින් සිය පාසල් යාම අතහැර මෙම විරෝධතා රැළියට සහභාගි වන්නේ ලැබෙන කිසිදු දඩුවමක් පිළිබද ගණනකට නොගෙන ය. වැඩිහිටියන් තම රැකියා පසෙකලා මෙම විරෝධතා රැළියට එක්වන ආකාරය සමාජ මාධ්‍ය මගින් ලොව පුරා ප්‍රචලිතව ඇත. අමෙරිකාවෙන් ආරම්භ වූ මෙම විරෝධතා රැළිය ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, ඉන්දියාව, බංග්ලාදේශය, උගන්ඩාව, කෙන්යාව, සොලමොන් දූපත්, සයිප්‍රස්, පෝලන්තය, ජර්මනිය, ඒංගලන්තය දක්වා පසුගිය බදාදා වනවිට පැවැත්විණ.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය මෙම විරෝධතා රැළියෙන් මංමාවත් පුරා පැවැත්වීම දැකගත හැකිවූ අතර 50,000ක පමණ පිරිසක් සහභාගි වූ ඉන්දියාවේ මෙම රැළියේ විරෝධතාකරුවන් හා පොලීසිය අතර උග්‍ර ලෙස ගැටුම් ඇතිවනු දක්නට හැකිවිය. ග්‍රේටා තුන්බර්ග්ගේ නායකත්වයෙන් දිවෙන මෙම ගෝලීය රැළිය සෑම සිකුරාදාවකම පාසල් හැරදමා මහමගට බසින ලෙසට කරන ලද ඉල්ලීම තවදුරටත් ක්‍රියාත්මක වන්නක් වනු ඇති බවත් සෙසු දිනවලදී ඒහි දිගුවක් ලෙස වැඩිහිටියන් මෙම වර්ජනය හා විරෝධතා රැළි පවත්වන බවත් විදෙස් වාර්තා පැවැසීය.

ලෝක මට්ටමෙන් පිළිගත හැකි ප්‍රායෝගික, කඩිනම් වැඩපිළිවෙළකට ලෝකයම ඒළැඹෙන තුරු මෙම ගෝලීය විරෝධතාව පවත්වන බව මේ වනවිට නිව්යෝර්කිහි කාලගුණ විපර්යාස පිළිබද ජගත් සංවිධාන සමුළුවට සහභාගි වෙමින් ග්‍රේටා තුන්බර්ග් පවසා තිබේ.

ගෝලීය වර්ජන රැල්ලේ නායිකාව 16 හැවිරිදි පරිසර ක්‍රියාකාරිනී ‌‌ග්‍රේටා තුන්බර්ග්

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි