නවතම පුවත්

චීනයට පැනවූ බදු නිසා අමෙරිකානු නිෂ්පාදකයින් ලංකාවට හැරෙයි

අසංක

අසංක

ඇමෙරිකාව විසින් චීන ආනයනයන් සඳහා පනවා ඇති නවතම බදු හේතුවෙන්, චීනය කේන්ද්‍රකරගත් ඇමෙරිකානු නිෂ්පාදකයින් , ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල් වෙත යොමුවීමේ ප්‍රවනතාවයක් මේ වනවිට මතුව ඇත.

චීනයෙන් ඇමෙරිකාවට කරන ඇ.ඩො.බිලියන 300ක් වටිනා ආනයනය වෙනුවෙන් අමතර 15 %ක බදු පැනවීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැලසුම් කර ඇති අතර මෙම බදු හේතුවෙන් චීනයේ නිෂ්පාදන කටයුතු දියත්කර ඇති ඇමෙරිකානු නිෂ්පාදකයින් රැසකට මෙලෙස චීනය අත්හැර යාමට සිදුව ඇත.

චීනයේ ක්‍රියාත්මක ප්‍රධාන පෙලේ ඇමෙරිකානු ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් වන පැක්සන් ආයතනයේ කළමනාකාර රිචඩ් රොබට් මහතා මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සඳහන් කර සිටියේ , මෙම නව බදු ක්‍රියාත්මක වනවිට , චීනයෙන් ඇමෙරිකාවට නිෂ්පාදන ආනයනය කිරීම ඉතා අපහසු ක්‍රියාවලියක් වනු ඇති බවයි .

ඒ අනුව තම ආයතනයද චීනයේ සිදුකරන නිෂ්පාදනයන්ගෙන් සියයට 30ක් පමණ මෙම වසර ඇතුලත ශ්‍රී ලංකාව , පකිස්තානය හා බංගලාදේශය තුල නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවද රොබට් මහතා ප්‍රකාශ කර සිටී.

චීනය අත්හැර මෙලෙස වෙනත් ආසියානු රටවලට යොමුවීම හරහාද ගැටළු රැසක් මතුවිය හැකි නමුත් , බදු අර්බුදයේ ඇති බරපතල තත්වය හේතුවෙන් තම ආයතනයට මෙසේ චීනය අත්හැරීමට සිදුවන බවද රොබට් මහතා සඳහන් කර සිටී

මේ අතර මේ පිළිබඳව අදහස් දක්වන , ඇමෙරිකාවේ ප්‍රමුඛතම දුරකථන උපාංග නිෂ්පාදකයෙකු වන බෙන් බටෝල්ෆ් සඳහන් කර සිටින්නේ මෙවැන්නකි,

“චීනය තුල අප අවුරුදු තිහක් පමණ කාලයක් කටයුතු කළා . ඒ හරහා විශාල සැපයුම් ජාලයක් ගොඩනගාගත්ත . ඒ සියල්ල අත්හැර වෙනත් රටකට යොමුවීම පහසු නැහැ, විශේෂයෙන්ම චීනය තුල වෙනත් රටවල්වල නැති යටි තල පහසුකම් රැසක් තිබෙනවා . නමුත් නව ඇමෙරිකානු බදු ක්‍රමය යටතේ අපට චීන නිෂ්පාදන ආනයනය අවම කරන්න වෙනවා. එම නිසා චීනය අත්හැරයාමට අපට සිදුවනව. ඒ අනුව ආසියානු හා දකුණු අආසියානු රටවල් වෙත යොමුවීමට අප කටයුතු කරනවා “

කෙසේ වෙතත් මෙලෙස දකුණු ආසියානු රටවල තම නිෂ්පාදන ව්‍යාපාරයන් ආරම්භ කිරීම අවදානම් සහගත ක්‍රියාවලියක් වන බවද ඔහු සඳහන් කර සිටී .

දකුණු ආසියානු රටවල මෙවැනි නිෂ්පාදන ආරම්භ කිරීම අවදානම් සහගතයි, එසේම එහිදී විශාල නිෂ්පාදන පිරිවැයක් දැරීමට අපට සිදුවනවා , එම ගැටළු බරපතලයි නමුත් ඒ සියල්ල දරා ගනිමින් අපට එම රටවල් වෙත යොමුවීමට සිදුව තිබෙනවා . යලි චීනයට එනවාද නැද්ද යන්න ගැන අප තවම තීරණයක් ගෙන නැහැ ” යයිද ඔහු සඳහා කර සිටී

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි