නවතම පුවත්

චීන සබදතා ගැන තීන්දුවක් ගන්නා බව ට්‍ර්ම්ප් කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වයිරස වසංගතය නිමවීමෙන් පසුව චීනය සමග පවතින සබඳතා දුරස් කිරීම පිළිබඳව සිතා බලන බවට ඇමෙරිකාව බ්‍රිතාන්‍ය හා ඔස්ට්‍රේලියාව යන රටවල් ඒ වනවිට අනතුරු අඟවා ඇත.

චීනයට දිගින් දිගටම චෝදනා කරමින් සිටින ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද දින මාධ්‍ය වෙත පැවසුවේ කොරෝනා වසංගතය චීනය විසින් හිතාමතා සිදුකළ දෙයක් නම් එහි ප්‍රතිවිපාක වලට මුහුණ දියයුතු බවය
“වසංගතය ආරම්භ වීමට පෙර චීනයට එය නැවැත්විය හැකිව තිබුණා. නමුත් ඔවුන් එසේ කළේ නැහැ. ඒ නිසා දැන් මුළු ලෝකයම දුක් විඳිනවා. එය වැරැද්දක් නම්, වැරදීමකින් සිදුවූ වැරැද්දකි. නමුත් එය ඔවුන් දැනුම්වත්ව සිදුකළ දෙයක් නම් එහි ප්‍රතිවිපාක ඔවුන්ට ලැබිය යුතු යැයි මා විශ්වාස කරනවා” යැයි ට්‍රම්ප් මහතා මෙහිදී පැවසීය.

මේ අතර කොරෝනා වෛරසය ආශ්‍රිතව පැතිර ගිය වසංගත තත්ත්වය අවසන් වූ කලකත් කිසිදු ලෙසකින් ”චීනය හා සුපුරුදු සම්බන්ධතා පැවැත්වීමට ” බලාපොරොත්තුවක් නැති බව බ්‍රිතාන්‍යය අගමැති තනතුරෙහි වැඩ බැලූ ඩොමිනික් රාබ් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත .
චීනයේ විනිවිදභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතැයි ද වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාව සහ චීනය අතර තිබෙන සබඳතා ඇතැම් විට වෙනස් විය හැකි යැයි ද ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය මරීස් පෙන් මහත්මියද අද දින පවතී මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?