නවතම පුවත්

“ජනතාවට ඉදිරියේදී ලොකු වෙනසක් දකින්න ලැබේවි”- මහජන ආරක්ෂක ඇමති

අසංක

අසංක

වනාන්තර එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් අපරාධකරුවන් වහා‌ අත්‌අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක අතර ඉතා ඉක්මනින්‌ විශාල වෙනසක්‌ ජනතාවට ඉදිරියේදී දැක ගත හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර්‌ අද්මිරාල්‌ ආචාර්ය සරත්‌ වීරසේකර මහතා පසුගියදා කොළඹ දී පැවැති උත්සවයකදී පැවසීය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා,

“ජනාධිපතිතුමාගේ උපදෙස්‌ පරිදි පොලිස්‌ පරිසර ඒකකයට විශේෂ නව ඒකකයක්‌ ඇතුලත්‌ කළා. ඔවුන්ට වාහන දීලා විශේෂ කාර්යය බලකායත්‌ එකතු කරලා විශේෂ කණ්ඩායමක්‌ හැදුවා.

වනාන්තර එළි කිරීම ඇතුළු ව විශේෂ පරිසර චිනාශයන්‌ පිළිබඳව ජනතාවගෙන්‌ තොරතුරු ලැබුණු වහාම ක්‍රියාත්මක වෙනවා. මේ කටයුතු සඳහා ජනතාවගේ තොරතුරු ලබා ගැනීම සඳහා 1997 දුරකථනය දූරකථන අංකය හඳුන්වා දී තිබෙනවා.

මෙසේ පරිසරය වනසන්නන්‌ට එරෙහිව දැඩි දඬුවම්‌ දීමේ ක්‍රමවේදයක්‌ නීති ප්‍රකාරව සකසා තිබෙනවා. පරිසරය චිනාශ කරනවා කියන්නේ රටක විනාශ කරනවා කියන එකයි. ඒ වගේම ඉදිරි පරම්පරාවට අපේ රට අහිමි කිරීමයි. එනිසා ජනාධිපතිතුමා මේ පිළිබඳව විශේෂ අවධානයක්‌ සැලකිල්ලක්‌ යොමු කර නිසි අවබෝධයකින්‌ තමා මට උපදෙස්‌ දීලා තියෙන්නේ මේ පිළිබඳව පෙනී හිටින්න කියලා. මහජන ආරක්ෂක ඇමති විදිහට මෙම කටයුත්ත අකුරටම ඉටු කරනවා. මේ සඳහා ජනතාවගේ ද උදව්‌ උපකාර බලාපොරොත්තු වෙනවා.

රට ගැන හිතලා මේ වගේ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ වන්නන්ගේ තොරතුරු අපට ලබා දෙන්න. අපි ඉතා ඉක්මනින්‌ අදාළ ස්ථානවලට ආරක්ෂක නිලධාරීන්‌ යොදවලා මෙම අපරාධකරුවන්‌ අත්‌අඩංගුවට ගන්නා බව ද ඉතා ඉක්මනින්‌ විශාල වෙනසක්‌ ජනතාවට ඉදිරියේදී දැක ගත හැකි බව ද පැවසීය. මෙවැනි තොරතුරු ලබාදෙන්නන්‌ විශේෂ ඇගයීමකට ලක්‌ කරන බවද මහජන ආරක්ෂක අමාත්‍යක්‍රියාත්මක ආචාර්ය සරත්‌ වීරසේකර මහතා වැඩිදුරටත්‌ පැවසීය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී