නවතම පුවත්

ජනතාව වෙනුවෙන් සම්මුතියකට එන්න – ජනපති සියලුම පක්‍ෂවලින් ඉල්ලයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය එළඹ ඇත්තේ ලෝකයේ කම්කරු ප්‍රජාව දැවැන්තම අභියෝගයකට ලක්ව සිටින අවස්ථාවකදී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කම්කරු දිනයේදී සියලුදෙනා එක්ව පවතින අභියෝග ජයගැනීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණීමට සියලු දේශපාලන පක්ෂ නායකයින්ට තමන් නැවතත් ආරාධනය කරන බවයි ජනාධිපතිවරයා නිකුත් කළ මැයි දින පණිවුඩයේ දැක්වෙන්නේ.

පසුගිය වසර 03 තුළ වඩාත් අභියෝගයට ලක්වූයේ කම්කරු ප්‍රජාවයි. ඒ සෑම අභියෝගයක් හමුවේ නොසැලී සියල්ල විඳදරා ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කැපවූයේ ද කම්කරු ප්‍රජාව බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ඔවුන් හමුවේ දිනෙන් දින එල්ල වන බලපෑම් වර්ථමානයේ වඩාත් තීව්‍ර වී තිබෙනවා. ඉන් ජනතාව මුදාගැනීමට සහ පවතින පීඩාකාරී ස්වභාවය අවම කර ගැනීම සඳහා රජයක් වශයෙන් විවිධ එළඹුම්වලට යොමුවෙමින් සිටින බව ද ජනාධිපතිවරයා නිකුත් කළ මැයි දින පණිවුඩයේ සඳහන්. වැඩ කරන ජනතාව වෙනුවෙන් දේශපාලනය පසෙක තබා ජනහිතකාමී විප්ලවීය පරිවර්තනයක් සහිත සුබ දිශානතියකට යොමු කිරීමට එක්වන ලෙස කම්කරු ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ගෝලීය ශ්‍රම බලවතුන් වන කම්කරු සහෝදරත්වය, මූර්තිමත් කරන ලෝක කම්කරු දින සැමරුම සඳහා තමන් එක්වන්නේ එකී අපේක්ෂා සමග බව ද ජනාධිපතිවරයා සිය මැයි දින පණිවිඩයෙන් අවධාරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මැයි දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. සමස්ථ පුරවැසියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන ආදරණීය කම්කරු ජනතාවට සිය හෘදයාංගම සුභාශිංසනය පිරිනමන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ මැයි දින පණිවුඩයේ දැක්වෙන්නේ.

කම්කරු සටන් වෙනුවෙන් ජනතාව සමග පෙරට ආ තමන් වගකීම් ලද සෑමවිටම කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් සහ වගකීම් පැහැර නොහැරිය බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

රට හමුවේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් සියලුදෙනා එක්ව අත්වැල් බැඳගෙන පළමුව මෙම අභියෝගය ජයගත යුතු බවයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ මැයි දින පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්