නවතම පුවත්

ජනපති අණින් ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේ වෙනස්කම් කිහිපයක්

අසංක

අසංක

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා සඳහා පොලිසිය මගින් ඇදිරිනීති බලපත්‍ර නිකුත් කිරීම මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි නවතා දමා තිබේ.

ඒ අනුව covid-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නම් කරන ලද පුද්ගලයන්ට සහ හදිසි සේවා සඳහා පමණක් පොලීසිය ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කරනු ලබයි.

අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා සඳහා ඇඳිරිනීති බලපත් නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් නිකුත් කරනු ඇත.

සෙසු කිසිදු පාර්ශවයකට ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන්නැයි ජනාධිපතිවරයා නියෝග කර ඇත.

මිරිහාන පොලිසිය ඉදිරිපිටින් ජනාධිපතිවරයා අද ගමන් කරන විට ඒ ඉදිරිපිට දිගු පෝලිමක් දක්නට ලැබී ඇත.

ඒ පිළිබඳ ජනාධිපතිවරයා විසින් විමසා බැලීමේදී දැනගන්නට ලැබී ඇති ඇදිරිනීති බලපත්‍ර ලබාගැනීම සඳහා ලබාගැනීම සඳහා පොලිසිය ඉදිරිපිට පෝලිමේ සිටින බවයි.

ඒ පිළිබඳව තවදුරටත් කරුණු සොයා බලා ජනාධිපතිවරයා ඉහත උපදෙස් ලබා දී ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි