නවතම පුවත්

ජනපති අපේක්ෂකත්වයට තමා නම් කරන බව විශ්වාසයි – සජිත්

අසංක

අසංක

තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනු ඇති බවට පූර්ණ විශ්වාසයක් පවතින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියයි.

මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම පෙන්වාදෙන්නේ තමාගේ අපේක්ෂකත්වය පිළිබඳ පක්ෂ නායකත්වය වෙත ලිඛිතව දැනුම් දුන් බවය.

එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයා නම් කිරීම කඩිනමින් කළ යුතු එකක් බව ද හෙතෙම කියාසිටියි.

අගමැතිවරයා වෙත යොමු කරන ලද තම ලිපිය තුළ අපේක්ෂකයා නම් කිරීම පිළිබඳ තීන්දුවක් ගැනීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලය එක්වර කැඳවා තීන්දුවක් ගන්නා ලෙස ද සඳහන් කළ බව හෙතෙම කියාසිටියේය.

අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිල නිවසේ පැවැත්වූ මෙම මාධ්‍ය හමුවට අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, චන්ද්‍රානි බණ්ඩාර, රංජිත් මද්දුමබණ්ඩාර සහභාගි වී සිටියහ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි