නවතම පුවත්

ජනපති අපේක්ෂකයන් දුම්කොළ සමාගම් එක්ක තිබූ සබඳතා ගැන විමර්ශනයක්

අසංක

අසංක

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලුම ජනපති අපේක්ෂක අපේක්ෂිකාවන් , දුම්කොළ කර්මාන්තය හා දුම්කොළ සමාගම් සමග පවත්වන හා පැවැත්වූ සියලු සබඳතා පිලිබඳ සොයා බැලීම සඳහා විශේෂ අධ්‍යයනයක් සිදුකිරීමට දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය සැලසුම් කර ඇත.

ජනාධිපතිවරණය පැවැත්වීමට දින කිහිපයකට පෙර මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල රැගත් සම්පූර්ණ වාර්තාව මහජනතාව වෙත එලි දැක්වීමට අපේක්ෂා කරන බවද කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අයත් , දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා ද කලම්බෝ එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වෙත සඳහන් කළේය .

ඒ අනුව දුම්කොළ සමාගම් හා දුම්කොළ කර්මාන්තය සමග සබදතා පවත්වන ජනපති අපේක්ෂකයින් කවුරුන්ද යන්න ගැන මෙන්ම ඒවා කුමනාකාරයේ සබඳතාවන්ද යන්න ගැනත් ජනතාවට අවබෝධ කර ගැනීමට අවස්තාව සැලසෙන බව රාජසූරිය මහතා මෙහිදී පැවසීය .

මෙරට මහජනතාවගේ සෞඛ්‍යයට මෙන්ම රටේ ආර්ථිකයටද විශාල හානියක් සිදුකරන මෙම දුම්කොළ භාවිතය වලක්වා ගැනීම සඳහා ජනපති අපේක්ෂකයින් තුල ඇති අවංක කැපවීම හා උනන්දුව පිළිබඳවද මෙම වාර්තාව හරහා ජනතාවට අවබෝධ කරගත හැකිවන බව රාජසූරිය මහතා පැවසෙයි.

මෙම අධ්‍යයනය සඳහා මහජනතාවගෙන්ද තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කරන බව දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේෂ් රාජසූරිය සඳහන් කළේය .

එසේම මෙහිදී මෙම අපෙක්ෂකයින් පිළිබඳ ,අතීත හා වර්තමාන මාධ්‍ය වාර්තාවන්ද පුළුල් ලෙස විශ්ලේෂණය කර තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කරන බවද රාජසූරිය මහතා පැවසීය .

මෙම දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය යනු දලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ලොව පුරා පිහිටුවා ඇති දුම්කොළ කර්මාන්ත නිරීක්ෂනාගාර තුනෙන් එකකි.

නොවැම්බර් 01 වැනි දිනට පෙර මෙම තොරතුරු එවන ලෙසද දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර තොරතුරු එවිය හැකි ක්‍රම පහත දැක්වේ .

විද්‍යුත් ලිපිනය [email protected]

දුරකථනය -0112581571

ෆැක්ස් – 0112581572

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්