නවතම පුවත්

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාවට උපරිම රථ 4 යි – පූර්ණ ආරක්ෂාව කමාන්ඩෝ රෙජිමේන්තුවෙන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ගමන් ගන්න් වාහන සංඛ්‍යාව උපරිමය 4කට සීමා කිරීමට ජනපතිවරයා උපදෙස් දී තිබේ. එසේම ඔහු මාර්ගයේ ගමන් ගන්නා විට කිසිම මාර්ගයක් වසා නොතබන ලෙසද ජනපතිවරයා විසින් උපදෙස් දී තිබේ.

සුපුරුදු පරිදි ඔහුගේ ආරක්ෂාව කොමාන්ඩෝ රෙජිමේන්තුව මගින් සපයනු ඇත. පසුගිය කාලය පුරාම ප්‍රභූවරුන්ගේ පරිවාර රථ හා ආරක්ෂක රථවලන් මහජනතාවට සිදුවූ අපහසුතා සැලකිල්ලට ගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා සඳහා සැපයෙන ආරක්ෂක රථපෙළට ගිලන් රථයක් ද ඇතුළුව වාහන 15 ත් 20 ත් අතර ප‍්‍රමාණයක් ඇතුළත් වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව තීරණයට අනුව එම වාහන ගණන 02 කට හෝ 03කට සීමා කෙරෙනු ඇති. කෙසේවෙතත්, සෙසු වාහන හැසිරීම සඳහා පොලිස් යතුරු පැදි කිහිපයක් ආරක්ෂක රථ සඳහා ඇතුළත් කිරීමට ද සැලසුම් කර තිබෙනවා. 

ජනාධිපතිවරයා සහිත රථ පෙළ ගමන් කිරීමේදී අදාළ මාර්ගය සෙසු වාහන සඳහා වසා තැබීම සාමාන්‍යයෙන් සිදුවන්නක්.එහෙත්, එලෙස මාර්ග වසා දැමීම මින් ඉදිරියට සිදු නොකිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි