නවතම පුවත්

ජනපති මන්දිරයේ පිත්තල බෝල හොරු රිමාන්ඩ්

අසංක

අසංක

ජනාධිපති මන්දිරයෙන් සොරකම් කරන ලද භාණ්ඩ කිහිපයක් පෞරාණික භාණ්ඩ ලෙස පවසා අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගිය 9 වනදා විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවීමත් සමඟ එහි ජනෙල් තිර රෙදි එල්ලීම සදහා බිත්තිතවල සවිකර තිබූ රත්‍රන් පැහැති පිත්තල බෝල 40 ක් සොරකම් කර තිබුණි.

සොරකම් කරන ලද එම භාණ්ඩ පසුව පෞරාණික භාණ්ඩ ලෙස පවසමින් අලෙවි කිරීමට සූදානම්ව සිටියදී මෙම සැකකරුවන් දෙදෙනා  අත්අඩංගුවට ගැනුණේ රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ත් 37 ත් අතර පසුවන පුද්ගලයින්. ය.

අදාළ සැකකරුවන් ලබන මස 5වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මේ අතර පෞරාණික භාණ්ඩ බවට සැකකෙරෙන භාණ්ඩ ලග තබා ගෙන සිටින අය හෝ අලෙවි කිරීමට උත්සාහ කරන අය පිළිබද තොරතුරු ඇතොත් දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි