නවතම පුවත්

ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප වැඩිවෙන හැටි

අසංක

අසංක

සියලු රාජ්‍ය නිලධාරින්ගේ වැටුප, ඊයේ (24) අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අනුව 2020 ජනවාරි 01 සිට ඉහළ දමා තිබේ.

ඒ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද එස්.රනුග්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ කමිටු නිර්දේශ අනුවයි.

එම අගය 1:4:5 අනුපාතයට අනුව වැටුප් ගැලපූ විට යෝජිත ආරම්භක වැටුප යනුවෙන් සඳහන් කර ඇත.

උදාහරණ ලෙස මෙම නව වැටුප් වැඩි කිරීම අනුව විධායක ශේණියේ නිලධාරියකුගේ ආරම්භක වැටුප රුපියල් 9,587කින් ද, අමාත්‍යාංශ ලේකම්වරයකුගේ වැටුප රුපියල් 23,975කින් ද වැඩි වේ.

රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ වැටුප රුපියල් 3,000කින් වැඩිවන අතර කළමනාකරණ සහකාරවරයකුගේ වැටුප රුපියල් 4,320කින් ද, සංවර්ධන නිලධාරියකුගේ වැටුප 5,040කින් ද, වැඩි වේ.

මෙම සියලු වැඩි කිරීම් සිදු කර ඇත්තේ එම නිලධාරීන්ගේ වැටුප 2020 ජනවාරි වන විට 2015 ආරම්භක වැටුපට සාපේක්ෂව 107% ප්‍රතිශතයකින් වැඩ කර තිබීමට අමතරවයි.

කෙසේ වෙතත් ඊයේ (24) අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලද පඩි වැඩිවීමේ 50% ප්‍රතිශතය 2020  ජනවාරි සිට ගෙවන අතර ඉතිරිය 2021 ජනවාරි සිට ගෙවනු ලැබේ. 

එම සෑම වගුවකම 2020.01.01 දිනට ආරම්භක වැටුප යනුවෙන් සඳහන් කර ඇත්තේ සේවකයාගේ 2015 ආරම්භක වැටුපට සාපේක්ෂකව 2020 ආරම්භක වැටුප 107%කින් වැඩි කිරීමෙන් පසුව පිහිටුවන ලද මාසික වැටුපේ අගයයි.

ඊට අමතරව 2015 වර්ෂයට සාපේක්ෂව 2020 වර්ෂයේ දී රජයේ විවිධ ක්ෂේත්‍රයන් සඳහා ගෙවනු ලබන වගුවක් ද පිටු අංක 05 වශයෙන් අමුණා ඇත.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී