නවතම පුවත්

ජනාධිපතිවරණයට කැෆේ නිරීක්ෂකයන් 7500ක්

අසංක

අසංක

මෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා කැෆේ සංවිධානය 7500ක නිරීක්ෂකයින් පිරිසක් යෙදවීමට අපේක්ෂා කරයි.

මෙවර වාර්තාගත වැඩිම අපේක්ෂක   පිරිසක්  ජනාධිපතිවරණයට‌ ඉදිරිපත් වන බැවින් ඇතිවිය හැකි තත්වයන් නිරීක්ෂණය කිරීමට මෙම පිරිස යොදවන බව කැෆේ සංවිධානය පවසයි.

කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මහතා පෙන්වා දෙන්නේ සෑම මැතිවරණයකම නාම යෝජනා  භාරදීමෙන් අනතුරුව ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් වාර්තා වීම් සිදුව ඇති බවයි.

මේ නිසා මෙවර මැතිවරණයේදී තම ආධාරකරුවන් නිසි පරිදි මෙහෙයවා ගැනීමට අපේක්ෂකයින් ඇතුළු පක්ෂ නායකයින් කටයුතු කළ යුතු බව ඒ් මහතාගේ අදහසයි.

මනාස් මකීන් මහතා වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය දේපළ අවභාවිතය ආදී සිදුවීම් වැඩි වශයෙන් අපේක්ෂා කළ හැකි බවයි.

කැෆේ සංවිධානය මෙවර ඡන්දදායකයින්ට අල්ලස් ලබාදීම ආදී කරුණු පිළිබඳව ද විශේෂ අවධානයක් යොමුකරන බව  අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි