නවතම පුවත්

ජනාධිපතිවරණය මේ වසරේ නොවැම්: 15 ත් දෙසැම් 07 අතර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම නොවැම්බර් 15 වෙනිදාත්  දෙසැම්බර් 07 වෙනිදාත් අතර කාලය තුළ පැවැත්වෙන බවත්  ඉදිරි ජනාධිපතිවරණයේදී යොදා ගැනීමට සිදුවන්නේ 2018 ඡන්ද හිමි නාම ලේඛනය බවත්  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේය.
රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසම් සභාවේ ශ්‍රවනාගාරයේදී අද (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සභාපතිවරයා ඒ බව සදහන් කළේය.

 මේ දිනවල 2019 ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බැවින්  එය සැත්තැම්බර් 30 වෙනිදා වන විට සහතික කිරීමට බල පොරොත්තු වන බව මහින්ද දේශප්‍රිය මහතා අපේක්ෂා කළේය. ඉදිරි ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 15 වෙනිදාත් දෙසැම්බර් 07 වෙනිදාත් පැවැත්වීමට අපේක්ෂාකාරන බැවින්  2019 ඡන්ද හිමි නාමලේඛනය යොදා ගැනීමට නොහැකිවනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. සැත්තැම්බර් 20 ත් ඔක්තෝම්බර් 20 ත් අතර නාමයෝජනා භාරගැනීමට හැකිවනු ඇතිබවට විශ්වාසයද ඔහු පලකරනු ලැබීය.

ඡන්දහිමි නාම ලේඛනය සෑම වර්ෂයකම ජුනි 01 වෙනිදා අවසන් කළ යුතුව ඇතත් එම කාල වකවානුවේදී ගංවතුර නියං ඇතුළු ස්වභාවික විපත් වලට මුහුණ දෙන්නට සිදුවන බැවන් ග්‍රාමසේවා නිලධාරීන්ට එහිදී   සුභසාධන කටයුතුවලට මුල්තැන දීමට සිදුවන බැවින් සෑම වර්ෂයකම නොසිතූ ලෙස ඡන්ද හිමි නාම ලේඛනය අවසන් කිරීමේ කටයුත්ත ප්‍රමාද වන බවද ඔහු පෙන්වා දුන්නේය. ඡන්ද හිමි නාම ලේඛනයේ නම නොමැතිනම් ඡන්දය නොමැති  බවද ඔහු අවධාරණය කළේය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී