නවතම පුවත්

“පාසල්වලට ජාති ආගම් පදනම වගේම ‘නිකාබ්’ තහනම් කළ යුතුයි”- අසාත් සාලි

අසංක

අසංක

ආගම් සහ ජාතිකත්ව පදනම මත ඇති සියලුම පාසල් අහෝසි කළ යුතු බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනපති කොමිසම හමුවේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඊයේ සඳහන් කළේ ය.

එසේම රටේ ඇති සියලුම ජාත්‍යන්තර පාසල් නිසි නියාමනයන් ට පත් කළ යුතු බවට වන යෝජනාවක් ද ඔහු එහිදී කළේ ය.

පාරම්පරික මුස්ලිම්වරු මුහුණ වැසෙන නිකාබ් භාවිතා නොකළ බවත් නිකාබ් තහනම් කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

තමා ආණ්ඩුකාරවරයාව සිටියදී ව සිටිය දී නිකාබ් පැළදීම සිසුවියන්ට තහනම් කළ අවස්ථාවේ දී තමාගේ ජනතාවගෙන් දැවැන්ත විරෝධයක් එල්ල වූ බව ඔහු පැවසීය.

මුස්ලිම් විවාහ නීතිය වෙනස් විය යුතු බව තමා පිළිගන්නා බවත් විවාහ විය යුතු වයස අවුරුදු දාසය දක්වා ඉහලට ගෙන ආ යුතු බවත් ඔහු පවසයි.

දැනට පවතින්නේ ගැහැනු දරුවකු වැඩිවියට පත්වීමෙන් පසුව විවාහ වීමට හැකි තත්ත්වයකි.

එසේ ම ආගම් සහ ජාතික පදනමින් ඇති සියලුම දේශපාලන පක්ෂ තහනම් කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

කොමිසමෙන් විශේෂ ඉල්ලීමක් කරමින් ඔහු සඳහන් කළේ රටේ අනාගතය වෙනුවෙන් මෙම තීරණ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසයි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?