නවතම පුවත්

ජැක් මාටත් වඩා ධනවත් චීන දේශපාලකයාගේ නිවසෙන් ටොන් 13ක රත්තරන්

අසංක

අසංක

නීතිවිරෝධී ලෙස උපයන ලද රත්‍රන් ටොන් 13.5ක් හා එංගලන්ත පවුම් බිලියන 30ක මුදල් බැංකු ගිණුම් වත්කම් චීනයේ හයිනෑන් ප්‍රාන්තයේ කොමියුනිස්ට් පක්ෂ කමිටු ලේකම්වරයාගේ නිවස තුළ රහසිගතව සඟවා තිබියදී චීන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ෂැන්ග් කුයි නැමති 58 හැවිරිදි ඔහුගෙන් මෙලෙස අත්පත් කරගන්නා ලද වත්කම් සියල්ල එකතු කළහොත් චීනයේ ධනවත්ම පුද්ගලයා ලෙස ෆෝබ්ස් සඟරාව විසින් නම් කර ඇති අලිබබා ඔන්ලයින් වෙළඳ සමූහයේ නිර්මාතෘ ජැක් මාට වඩා ධනවත් පුද්ගලයකු බව තහවුරු වේ.

එරට වාර්තා පැවසුවේ මෙම පුද්ගලයා චීනයේ කොමියුනිස්ට් මධ්‍යම කාරක සභාවේ විනය පරීක්ෂණ කොමිසමේ ද සාමාජිකයකු ලෙස කටයුතු කරන දේශපාලනයේ ජ්‍යේෂ්ඨයකු බවයි.

ආරක්ෂක නිලධාරීන් ඔහුගේ නිවස වටලා එහි කාමරයක් පුරවා තිබූ රන් බිස්කට් සොයාගෙන ඇත. ටොන් 13.5ක් බරැති ඒවායෙහි වටිනාකම එංගලන්ත පවුම් මිලියන 520කට අධිකය.

නිවසෙන් හමුවූ ඔහුගේ බැංකු ගිණුම් ලියවිලිවල තිබූ මුදල් වටිනාකම පවුම් බිලියන 30ක් වන අතර එම මුදල පමණක් ජැක් මාගේ දළ වත්කම හා සමාන වේ.

ට්විටර් සමාජ ජාලයේ හුවමාරු වූ ඔහු රන් කැබලි ගණන් කරන සාක්ෂියක් පසුපස හඹා ගිය ආරක්ෂක අංශ මේවා සොයාගෙන තිබුණි.

2012 ෂි ජිංපිං ජනාධිපතිවරයා ලෙස බලයට පැමිණි පසු දූෂිත නිලධාරීන් කොටු කිරීමේ දැඩි වැඩපිළිවෙළක් දියත් කළ අතර මේ දක්වා චීන රජයේ නිලධාරීන් 58ක් එම ආරක්ෂක දැලෙහි කොටුවී සිටියි. මේ වසරේදී මෙලෙස දූෂිත ලෙස වත්කම් උපයා හසුවූ 17 වැනි නිලධාරීයා මොහු බව එරට වාර්තා අනාවරණය කලේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්