නවතම පුවත්

ජැකොලින් ගෙන් තරුණ අරගලයට ලැබෙන හයිය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජැකොලින් ෆර්ඩිනැන්ඩස් 2006 වර්ෂයේදී Miss Sri Lanka for Miss Universe කිරුළ දිනාගත් අවසන් මහා තරගයේ පිටපත රචනා කරන ලද්දේ මා විසිනි. එකල දෙරණ TV නාළිකාවේ සේවය කරමින් සිටි මම එය වෘත්තීය කටයුත්තක් ලෙස සිදු කළෙමි.

පසුකාලීන ව ඇය විසින් “Sri Lankan of the Year” සම්මානය දිනා ගැනුණු අවස්ථාවේ හේතුපාඨය ලියැවුණේ ද මා අතිනි.

මේ නිසා ජැකොලින් බොලිවුඩ් සිනමාව ජයගන්නා විට අපට ද කිසියම් ආඩම්බරයක් තිබිණි.

අද වන විට ජැකොලින් විසින් ගොඩනගා ගන්නා ලද අන්තර්ජාතික ප්‍රතිරූපය සුණු විසුණු වී ගොස් හමාර ය.

සුකේෂ් චන්ද්‍රසේකර් නම් වූ පට්ට හොරෙකු ගේ සල්ලිවලට වහ වැටී, අනියම් සම්බන්ධතාවක් මාර්ගයෙන් බොහෝ ප්‍රතිලාභ ලැබ, එයින් කොටසක් වූ ඉන්දියානු රුපියල් කෝටි 7ක බැංකු ගිණුම් ඇය අහිමි කරගෙන තිබේ. සුකේෂ් ගෙන් ලබාගන්නා ලද විවිධ සුඛ සහ සුඛෝපභෝගී වාහන සහ වෙනත් තෑගි පිළිබඳ පරීක්ෂණ තවදුරටත් පැවැත් වේ.

“එයා හොරෙක් කියලා මං දැනගෙන හිටියේ නෑ” ජැකොලින් පවසන්නී ය.

ඉන්දියානු රුපියල් කෝටි 200ක මුදලක් වංචා කර තිබෙන සුකේෂ් ගේ සැබෑ තොරතුරු දැන් හෙළිවෙමින් තිබේ. මුදල් විශුද්ධිකරණ අපරාධ වැළැක්වීමේ පනත යටතේ ජැකොලින්ට ඉන්දියානු අධිකරණයෙන් ලැබීමට නියමිත දඬුවම කුමක්දැයි අපි නො දනිමු.

කෙසේවෙතත් ජැකොලින් ගේ මේ නීති විරෝධී මුදල් විශුද්ධිකරණ අපරාධ ගනුදෙනු පිළිබඳ හුටපටයෙන් අපේ රටට ඉගෙන ගත හැකි කදිම පාඩමක් තිබේ.

“විගණනය කළ නො හැකි මූල්‍ය ගනුදෙනු” (unsolicited transactions) යනුවෙන් විශේෂණ කර 20වැනි සංශෝධනයට ඇතුළත් කර තිබෙන, මූල්‍ය අපරාධවලට නෛතික රැකවරණයක් ලබා දී ඇති පාදඩ ව්‍යවස්ථා ප්‍රතිපාදන බැහැර කර, දේශපාලකයන්, ඔවුන් ගේ ඥාතීන්, හිතවතුන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කරන ලද සියලු ආකාරයේ මහා පරිමාණ මුදල් විශුද්ධිකරණ අපරාධ සඳහා නිසි දඬුවම් නියම කළ හැකි නීති පිළිබඳ පූර්වාදර්ශය ජැකොලින් නිසා, ඉන්දියානු අධිකරණයෙන් අපට ප්‍රාමාණික ව ඉගෙන ගත හැකි නො වේද?

(කුමාර ලියනගේ )

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?