නවතම පුවත්

ජීවිතයේ නව අවධියකට ඔබ පිවිසෙමින් ඉන්නා බවට විශ්වයෙන් ඔබට කරන ඇඟවුම්

woman
අසංක

අසංක

ජීවිතය ගතවන්නේ චක්‍ර සමුදායක් නැතහොත් අදියර මාලාවක් ගෙවාදමන්නා සේ ය. අප ජීවිතයේ ගෙවන සෑම අදියරක්ම අපගේ ඊළඟ පියවර සඳහා අපව සූදානම් කිරීමට පැමිණෙන්නකි. චක්‍රයක් ලෙස ගෙවෙන අපගේ ජීවිතයේ සෑම අදියරක්ම කිසියම් අරමුණක් ඉටුකිරීම වෙනුවෙන් සැකසුනකි. අප එක් චක්‍රයක් අවසන් කරන සෑම අවස්ථාවකම අපගේ අවසාන අරමුණ ඉටු කර ගැනීමට එක් පියවරක් තබයි.

අප ගෙවන ජීවිතය තුළ අපගේ අරමුණු හෝ අප විසින් සම්පූර්ණ කළයුතු අවසාන අරමුණ වෙනුවෙන් යන ගමනේදී අපගේ අවධානය වෙනතකට යොමු කිරීම, උදාසීන වීම සහ එක් අදියරකට කොටු වීම පහසුවෙන් සිදුවිය හැක්කකි. එය වරින් වර වුවද සිදූවිය හැකිය.

අපට ලැබී ඇති ජීවිතය, අපව තබා ඇති අරමුණු සමඟ දැඩිව බැඳී සිටි. එහෙත් එය හදුනාගැනීම අපට නොහැකි විය හැකිය. එහෙත් ඔබේ ඉරණම කරා ඉදිරියට යාමට විශ්වය ඔබෙන් ඉදිරියට යන්නැයි ඉල්ලා සිටින අවස්ථා අප වෙත පැමිණේ. එනම් අපගේ ඉරණම වෙනුවෙන් ජීවිතයේ නව අවධියකට අපව තල්ලු කරන දමයි. ඒ බව හඳුනා ගැනීමට හැකි සංඥා 4ක් තිබේ. මේ ඒ පිළිබදවයි.

ඔබේ ඊළඟ අදියර දෙසට ඔබව මෘදු ලෙස තල්ලු කිරීමෙන් ජීවිතය ආරම්භ වේ.

මේ සියුම් තල්ලුව ඔබ වෙත පැමිණෙන්නේ ඔබේ පැරණි අදහස්, ඔබේ පැරණි ආශාවන් යළි ප්‍රබෝධමත් වීමක් ලෙසයි. ඇතැම් විට මෙම පැරණි අදහස් හෝ ආශාවන් ඔබට ද අමතක වී තිබූ ඒවා ය. එහෙත් මේ අවස්ථාවේදී ඔබටත් නොදැනිම ඒවා යළි මතුවන්නේ මේ අවස්ථාවේ ඔබේ ජීවිතයේ ඊළග අදියරට ලැබෙන තල්ලුව දීමට උපකාරයක් ලෙස ය. මේ අවස්ථාවේදී මේ අදහස් හෝ ආශාවන් ඔබට වඩාත් අර්ථවත් යමක් ලබාදේවි. ඔබගේ වර්තමාන අභිලාෂයන්ට හෝ ප්‍රමුඛතාවන් ඉටුකරගැනීමට ඔබට සහය වූ බවක් දැනෙන කුසලතා, විනෝදාංශයක් හෝ දක්ෂතාවයක් නැවත සලකා බැලීමට ඔබ මාර්ගයක් සොයාගත හැකිය. තවත් විකල්පයක් නම්, ඔබ විශාල අවධානයක් ලබා ගන්නා හෝ ඔබ අපේක්ෂා නොකළ වෙනත් අයගේ අවශ්‍යතාවයක් සපුරාලන නව නිපුණතාවයක් හෝ හැකියාවක් අනාවරණය කර ගැනීමක් වුවද විය හැකිය. මෙම නව අදහස් සහ නැවුම් ඉදිරිදර්ශන ඔබේ මාර්ගයට ඔබව යොමු කිරීමට ඔබට ලැබෙන මගකි.

ඔබට සතුට ගෙනා දේවල් හෝ පුද්ගලයින්ගෙන් තවදුරටත් ඔබට සතුටක් නොගෙනේ.

සෑම දෙයක්ම අපගේ ජීවිතයට පැමිණෙන්නේ යම් හේතුවක් හෝ කාල පරිච්ඡේදයක් සඳහා ය. එය පුද්ගලයෙක් යැයි සිතමු. ඇතැම් පුද්ගලයන් ඔබට හමුවන්නේ යම් හේතුවකට ය. එය ඔබට දැනගැනීම පහසුය. එහෙත් ඇතැම් පුද්ගලයන් ඔබගේ ජීවිතයට එන්නේ හරියට ඍතු මෙනි. ඔවුන් එයි යම් කාලයයක් සිට වෙනස් වෙයි. තවදුරටත් ඔවුන් පෙරමෙන් නොවෙයි. මෙවන් ඍතු මෙන් පුද්ගලයන් ඔබ වෙත එන්නේ ඔබේ සංවර්ධනයේ / ජීවිතයේ / අවබෝධයේ අවධියක් පසුකිරිමට ය. මොවුන් ඔබ වෙත එන්නේ ඔබ ඇතුළාන්තයෙන් වර්ධනය වීමට හෝ ඉගෙන ගැනීමට වේලාව පැමිණ ඇති බැවිනි. ඔවුන් හැර ගියද ඒ සියල්ල අවසානයේ ඔවුන් ඔබට සාමයේ අත්දැකීමක් හෝ ඔබේ සිනාවේ හේතුවක් වේවි. මෙහිදී මෙවැනි කාල පරාසයක් ගෙවීමෙන් හෝ ගෙවුණු පසුව ආපසු හැරී බැලීමේදී ඔබට ලැබෙන ස්වයං දැනුවත්භාවය, ඔබේ අරමුණ හඳුනා ගැනීම සහ පිළිගැනීම පහසු කරයි.

අප යම් දෙයකට හෝ යම් අයකු සමග තදින් බැඳී සිටින විට, වරක් සතුටේ ප්‍රභවයක් වූ දෙයම කෝපය, දුක, කලකිරීම හෝ කම්මැලිකමක් බවට පත්වේ. ඔබ නිරන්තරයෙන් ඒ පිලිබද සිතන විට “එය වෙන්න පුළුවන් ද” හෝ “ඇය එහෙම කරයිද” හෝ “ඔහු මට තේරෙන්නේ නෑ”, “බොහෝ විට මෙය අතහැර දැමීමට කාලයයි” යනුවෙන් සිතේ. ඒ සියල්ලම ඔබට සිදුවන්නේ ඔබ තදින් බැදී සිටින පුද්ගලයෙකු හෝ තත්වයක්, ඊලගට වෙනස් වේ යැයි අපේක්ෂා කළවිට සහ බලාපොරොත්තු වූ විට, ඔබට වෙනසක් අවශ්‍ය බව ඔබේ යටි සිත ඔබට කී විටය. ඔබව අපේක්ෂා කරන දෙයම, ඔබ එනතුරු බලා සිටින බව එවිට දැනගන්න. ඔබට හරිනොයන දේ අතහැර දමා, ඊලගට කුමක් කරන්නේ දැයි සොයා ගැනීමට තරම් ඔබ නිර්භීත විය යුතුය. ඔබ තවදුරටත් ඒ දෙයම සමග අකමැත්තනේ වුවද බැදී සිටින්නේ නම් නිවැරදි පාඩම ඔබ ඉගෙන ගන්නා තෙක් එකම වැරදි පෙළ යළි යළිත් ඔබට සිදුවනු ඇත. ඔබ පාඩම ඉගෙන ගත්තේ නම් ජීවිතයේ ඊළග අවධියට ඔබට උසස් කෙරෙනු ඇත.

එකම දේ යළි යළිත් සිදුවන බව ඔබට දැනේවි.

විවිධ මුහුණු, විවිධ ස්ථාන නමුත් එකම ඍණාත්මක ප්‍රතිඵලද? එකම දේ යළි සිදුවන රටාව විශ්වයේ පාඩමකි. මෙම පාඩම්වලින් අදහස් වන්නේ ඔබ ඔබේ ඊළඟ අදියර කරා ඉදිරියට යාමට පෙර, ඔබට වර්ධනයක් හෝ සුවතාවයක් අවශ්‍ය ස්ථානයක් පෙන්වීමයි.

වෙනස් වියයුතු බවට ඇති අවශ්‍යතාවය හඳුනා ගැනීම ඇත්ත වශයෙන්ම වෙනස් වීමට වඩා පහසු ය. නමුත් ඔබ වෙනස ඇත්තටම සිදුකරන තෙක් එකම දේ යළි යළිත් සිදුවනු ඇත. වෙනසක් සිදු වන තුරු එම පාඩම පුනරාවර්තනය වේ.

වෙනස සිදුකිරීම එතරම් අපහසු වන්නේ ඇයි? බොහෝ දුරට අපව සුව කිරීමට හෝ අප පරිණත වීමට අවශ්‍ය දේ අපගේ ආදරය, ආරක්ෂාව හෝ ආත්ම විශ්වාසය වැනි ක්ෂේත්‍රය ඔස්සේ අපගේ අවසාන අරමුණ ඉටුකරගැනීමෙහි අවශ්‍යතා සමඟ සම්බන්ධ වී ඇති බැවිනි. ඔබ ජීවිත කාලය පුරාම යමක් සිතමින් සිටින විට හා එහි හැසිරෙන විට එය පුරුද්දක් බවට පත්වේ. මෙම වෙනස්කම් කිරීම දිවියෙකුගේ ලප වෙනස් කරන ලෙස ඉල්ලා සිටීම වැනි හැඟීමක් ඔබ තුළ ඇති කළ හැකිය. එය කළ හැක්කක් ද යන්න පවා සිතෙනු ඇත. ඔව්, එය කළ හැකි ය. මන්ද යත් එය කළ නොහැකි නම්, වෙනසක් කිරීමට විශ්වය ඔබට බලකරන්නේ නැත. ඔබ පාඩම සාර්ථකව සම්පූර්ණ කළ විට, එකම දේ යළි යළිත් සිදුවීමේ රටාව බිඳී යයි. ඔබේ ජීවිතයේ ඊළඟ අදියර දක්වා ඔබව උසස් කරනු ඇති බව දැන ගන්න.

කුඩා අහඹු සිදුවීම් වඩාත් වැදගත් වීමට පටන් ගනී

සමමුහුර්තතාව යනු හේතු සම්බන්ධතාවයක් නොමැති නම්, අහඹු සිදුවීම් අර්ථවත් ය යන සංකල්පයයි. අත්‍යාවශ්‍යයෙන්ම, කුඩා අහඹු සිදුවීම් අහම්බයක් නොවේ. ඒවා විශ්වය විසින් ඔබට පෙළගස්වා දෙන අවස්ථාවන් ය. රැකියාවට වෙනත් මාර්ගයකට පිවිසීමට තීරණය කිරීම, හෝ ආගන්තුකයෙකුගෙන් පාරක් විමසීම හෝ යම් අයකුගෙන් ඉතාම සුළු උපදෙසක් උදව්වක් ඉල්ලා සිටීම වැනි කුඩාම දේ පවා, ඔබගේ මාර්ගයේ ඔබව ගමන් කරවීම උදෙසා සිදුවීමට බලා සිටින සියලු අවස්ථාවන් වේ. ඔබේ බුද්ධියට ඉඩදෙමින් සමමුහුර්තතාවයෙන් ප්‍රයෝජන ගැනීම ඔබට ඇති හොඳම ක්‍රමයයි. ඔබට යමක් කිරීමට ඔ්නෑ යැයි දැඩි හැඟීමක් තිබේ නම් එය කරන්න. අහඹු ලෙස දේවානුභාවයෙන් හා අනපේක්ෂිත ආශීර්වාද ලැබෙන අවස්ථාවන් සැලසෙන තෙක් හිදිමින් ඔබේ චර්යාවන් තුළ කොටු වී නොඉන්න.

ජීවිතය සැමවිටම ඔබ වෙනුවෙන් ඇදී තිබෙන තිත් යා කරමින් ඔබේ ජීවන චිත්‍රය අදීවි. ඔබ විවෘත වන්න, එය සිදුවීමට ඉඩ හරින්න.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්