නවතම පුවත්

ජූලි 10 දක්වා අත්‍යාවශ්‍ය සේවා පමණයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පවතින තත්ත්වය හමුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට ජුලී මස 10 වෙනිදා දක්වා සිපෙට්කෝ සතු ඉන්ධන නිකුත් කිරීම අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් නිකුත් කිරීමට අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් සෙසු කාර්යාල සහ කටයුතු නිවසේ සිට කිරීමට රජයෙන් උපදෙස් දෙන බවයි අමාතය බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටින්නේ.

වරාය, සෞඛ්‍ය සේවා, අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීම් සහ කෙටි දුර ප්‍රවාහන සේවා, අපනයන සහ සංචාරක කර්මාන්තය සඳහා පවතින සීමිත ඉන්ධන තොග නිකුත් කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පවතින තත්ත්වය හමුවේ අන්තර් පළාත් අතර සංචාර කටයුතු අත්හිටුවීමට සිදුවන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

මේ අතර ජුලී මස 10 වෙනිදායෙන් පසුව අඛන්ඩ ඉන්ධන සහ ගෑස් සැපයීමට අවශ්‍ය කටයුතු නිසි ක්‍රමවේදයක් අනුව සිදුකිරීමට පියවර ගන්නා බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

මෙය රට වැසීමක් නොවන බවත් හැකිතාක් නිවසේ සිට කටයුතු කරන ලෙසයි මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්