නවතම පුවත්

ඥානසාර හිමිට ආරක්ෂාව දෙන්නැයි පාස්කු කොමිසමෙන් නියෝග

අසංක

අසංක

බොදුබලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට නියෝග කර තිබේ.

එම නියෝගය කරන ලද්දේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම විසිනි.

ඒ ඥානසාර හිමියන්ට ජීවිත තර්ජන ඇති බවත් උන්වහන්සේට ලබාදී තිබුණු පොලිස් ආරක්ෂාවද පසුගිය කාලයේ ඉවත්කර ඇති බවත් කොමිසමේදී අනාවරණය විමෙන් පසුවය.

තුන්වැනි දිනටත් ඊයේ (18) ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාස්කු කොමිසම හමුවේ දීර්ඝ ලෙස සාක්ෂි ලබා දුන්හ.

සාක්ෂි විභාගය රාත්‍රී 10.30 පමණ වනතුරු පැවැතුණි.

 

කොමිසම හමුවේ උන්වහන්සේ විසින් වහබ්වාදය සහ අන්තවාදී සංවිධාන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් කළ හෙළිදරව් සහ උන්වහන්සේට ඇති ජීවිත තර්ජනයන් ගැන සලකා බලා කොමිසම විසින් මෙම නියෝගය කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි